යුරෝපා අධිකරණය: ලිතුවේනියාව සහ රුමේනියාවත් "CIA වධ හිංසාවන්ට හවුල් වෙලා"

afp

ඡායාරූප මූලාශ්‍රය, AFP

අල්-කයිඩා ත්‍රස්තවාදී සැකකරුවන් දෙදෙනෙකුට වධ හිංසා පැමිණවීම සඳහා ලිතුවේනියාව සහ රුමේනියාව CIA සංවිධානයට සහාය දී ඇති බව යුරෝපා විනිසුරුවරු තීන්දු කළහ.

2001 සැප්තැම්බර් මාසයේ නිව්යෝක්, වොෂින්ටන් දෙනුවර ප්‍රහාරයෙන් පසු ඇමරිකාවේ අත් අඩංගුවට පත්, අබු සුබයිඩා (Abu Zubaydah) සහ අබ්දුල් අල්-රහිම් අල්-නශ්රි (Abd al-Rahim al-Nashiri) දැනට කියුබාවේ ගුවන්තනාමෝ බොක්කේ පිහිටි බන්ධනාගාරයේ රඳවා සිටිති.

ලිතුවේනියාව සහ රුමේනියාව ඇතුළු තවත් ස්ථානවල CIA සංවිධානය රහසිගත සිර කඳවුරු පවත්වාගෙන යන අතර එමගින් එම රටවල් දෙකම වධ හිංසා තහනම පිළිබඳ යුරෝපා නීති උල්ලංඝණය කර ඇති බව මානව හිමිකම් පිළිබඳ යුරෝපා අධිකරණයේ තීන්දුව විය.

එක් අයෙකුට ඇමෙරිකානු ඩොලර් 117,000 ක් වශයෙන් වන්දි ගෙවන ලෙස එම රටවලට නියම කෙරිණ.

මානව හිමිකම් පිළිබඳ යුරෝපා අධිකරණය, 2014 දී පෝලන්තයට එරෙහිව මීට සමාන තීන්දුවක් ලබා දුන්නේය.

ඡායාරූප මූලාශ්‍රය, ICRC

"කිසිවෙකුත් වධ හිංසාවන්ට, අමානුෂික හෝ ආත්ම ගෞරවයට හානිවන ක්‍රියාවන්ට ලක් නොකළ යුතු" බව මානව හිමිකම් සම්බන්ධ යුරෝපා ප්‍රඥාප්තියේ සඳහන් වේ.

අනෙක් බන්ධනාගාරවලදී සිදු වූ ආකාරයට ලිතුවේනියාව සහ රුමේනියාවේ දී අදාල සැකකරුවන්, නැවත නැවත ප්‍රශ්න කිරීමට හෝ වධ හිංසාවට ලක් නොවුණ නමුත් මෙම දෙරටම CIA සංවිධානයට උපකාර කළ අතර සිර කඳවුරුවල තත්ත්වය පරීක්ෂා කිරීමට අසමත් වූ බවත් තීන්දුවේ සඳහන්ය.

සබැඳි පුවත්: