"සිංගප්පූරුව ලස්සන රටක්": ඩොනල්ඩ් ට්‍රම්ප් - කිම් ජොන්ග් අන් ඓතිහාසික හමුව කැමරා ඇසින්

උතුරු කොරියානු නායකයා සහ අමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරයා අතර සිංගප්පූරුවේ සෙන්ටෝසා දූපතේ පිහිටි සුඛෝපභෝගී නිකේතනයකදී ඓතිහාසික හමුව සිදුවූයේ වසරකට ආසන්න කාලයක් දෙරටේ නායකයන් අතර පැවති තියුණු වාග් සංග්‍රාමයකින් අනතුරුවය.

එහිදී කිම් ජොන්ග් අන් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතට අත දෙමින් එකිනෙකා උණුසුම් ලෙස පිළිගත්හ.

Image copyright Reuters
Image caption සිය ආරක්ෂකයන් ද පිරිවරාගෙන සඳුදා රාත්‍රියේ සිංගප්පූරුවේ ඔවුන් නවාතැන් ගෙන සිටි ප්‍රදේශයේ සංචාරය කරන උතුරු කොරියානු නායක කිම් ජොන්ග් අන්
Image copyright Reuters
Image caption සිංගප්පූරුවේ විදේශ අමාත්‍ය විවියන් බාලක්‍රිෂ්නන් සමග නගරයේ සැරිසරමින් කිම් ජොන් අන් කියා සිටියේ සිංගප්පූරුව "පිරිසිදු සහ ලස්සන" රටක් බවය
Image copyright AFP
Image caption නගර සංචාරය අතරතුර සෙල්ෆි ඡායාරූපයකට පෙනී සිටින්නත් ඔහු අමතක කළේ නැහැ
Image copyright EPA
Image caption සිංගප්පූරුවේ මරීනා බේ සෑන්ඩ්ස් හෝටලය ළඟ මදක් නතර වී සිරි නරඹන උතුරු කොරියාවේ නායකයා
Image copyright REUTERS/CAPELLA SINGAPORE
Image caption සාකච්ඡා පැවැත්වුනේ සිංගප්පූරුවට අයත් සෙන්ටෝසා දිවයිනේ පිහිටි හෝටලයකදීය
Image copyright Getty Images
Image caption කිම් ජොන්ග් අන් නැවතී සිටි හෝටලය අවට ඔහුගේ ආරක්ෂකයන් විශාල පිරිසක් දක්නට ලැබිණ
Image copyright Getty Images
Image caption සමුළුවට පැමිණෙන ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්
Image copyright Reuters
Image caption නායකයන් දෙදෙනා අතර හමුවීමට පෙර වේදිකාව පිරිසිදු කරන කාන්තාවක්
Image copyright AFP
Image caption ඓතිහාසික 'අතට අත දීමට' මොහොතකට පෙර
Image copyright AFP
Image caption ට්‍රම්ප් - කිම් හමුව
Image copyright Reuters
Image copyright AFP
Image caption සාකච්ඡාව අතරවාරයේ
Image copyright EPA
Image caption කිහිප වතාවක් 'අතට අත දුන්' නායකයන් දෙදෙනා
Image copyright AFP
Image caption සමුළුවෙන් පසු පිටව යන දෙරටේ නායකයෝ
Image copyright Reuters
Image caption ගිවිසුමට අත්සන් තැබූ අවස්ථාව
Image copyright AFP
Image caption ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කිම් ජොන්ග් අන් අත්සන් කළ ගිවිසුම
Image copyright Getty Images
Image copyright Getty Images
Image copyright Getty Images
Image copyright Getty Images
Image caption සමුළුවෙන් පසු ආරක්ෂක රථ පිරිවරාගෙන සෙන්ටෝසා දූපතෙන් නික්ම යන ජනාධිපති ට්‍රම්ප්
Image copyright WHITEWISH
Image caption ට්‍රම්ප් - කිම් සමුළුවෙන් පසු පිළිගැන්වූ කොරියානු ආහාර වේල
Image copyright Getty Images
Image caption නායකයන්ගේ කෑම මේසයට පිළිගන්වා තිබූ - 'Yangzhou ෆ්‍රයිඩ් රයිස්'

මේ තොරතුරුද කියවන්න: