ඉන්දියාවේ තෙරේසා මව්තුමිය මිෂනාරි පුණ්‍යායතනය 'දරුවන් විකුණයි'

Mother Teresa India charity Image copyright Getty Images
Image caption මෙම මිෂනාරි පුණ්‍ය ආයතන මගින් අවිවාහක ගර්භණී කාන්තාවන් සඳහා අනාථ නිවාස පවත්වාගෙන යයි

නැගෙනහිර ඉන්දියාවේ ජර්කාන්ද් (Jharkhand ) ප්‍රාන්තයේ තෙරේසා මව්තුමිය මිෂනාරි පුණ්‍යායතනයේ සේවය කරන කාන්තාවක් දින 14 ක් වයසැති දරුවකු විකිණීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

තවත් දරුවන් මේ ආකාරයට විකුණා ඇතැයි විශ්වාස කෙරෙන සිදුවීම් පිළිබඳ විමසීම සඳහා මධ්‍යස්ථානයේ සේවය කරන වෙනත් කාන්තාවන් දෙදෙනෙකු ද රැඳවුම් භාරයට ගෙන ඇත.

ජර්කාන්ද් ප්‍රාන්ත රජයේ ළමා සුබසාධන කමිටුව (CWC) විසින් කරන ලද පැමිණිල්ලක් අනුව පොලිසිය ක්‍රියාත්මක වී තිබේ.

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අදාළ පුණ්‍යායතනය ඇමතීමට බීබීසී උත්සාහ කළේය.

"තවත් දරුවන් මේ විදියට විකුණා තිබෙන බව අපි සොයාගෙන තිබෙනවා. ඒ දරුවන්ගේ අම්මලාගේ නම් අපි ලබාගෙන තිබෙනවා. මේ සිද්ධිය ගැන තව දුරටත් විමර්ශන කටයුතු කරගෙන යනවා" යනුවෙන් පොලිස් නිලධාරියෙක් බීබීසී හින්දි සේවයේ නිරාජ් සිංහා වෙත පැවසීය.

ජර්කාන්ද් ප්‍රාන්තයේ අගනුවර වන රාන්චිහි පිහිටා තිබෙන මෙම මධ්‍යස්ථානයෙන් ඉන්දියානු රුපියල් 140,000 ද පොලිසිය විසින් සොයාගනු ලැබීය.

ඉන්දියාව පුරා පිහිටුවා තිබෙන මෙම මිෂනාරි පුණ්‍යායතනය මගින් අවිවාහක ගර්භණී කාන්තාවන් සඳහා අනාථ නිවාස පවත්වාගෙන යයි. එහෙත් දරුවන් හදාගැනීට අදාළ කටයුතුවල තවදුරටත් නොයෙදේ.

Image copyright Reuters
Image caption ලොව පුරා විහිදී ඇති මෙම කාන්තා සමාජ ජාලයේ කන්‍යා සොහොයුරියන් 3000 කට වඩා වැඩි පිරිසක් සිටී

දරුකමට හදා ගැනීම සම්බන්ධයෙන් ඉන්දියාව තුළ ක්‍රියාත්මක වන දැඩි නීති මෙන්ම ඉතා දීර්ඝ කාලයක් බලා සිටීමට සිදු වීම හේතුවෙන් දරුවන් නොමැති දෙමාපියන් නීතිවිරෝධී ලෙස දරුවන් මිලදී ගැනීමට පෙලඹෙන තත්ත්වයක් දැකිය හැකිය.

නිදසුනක් වශයෙන්, 2015-2016 වසරවලදී දරුවන් නොමැති යුවළ 12,000ක් අදාළ ලැයිස්තුවේ ලියාපදිංචි වී සිටියද නීත්‍යනුකූල ලෙස දරුවන් හදාගැනීමට යොමු වී ඇත්තේ 3,011 ක් පමණි.

"ඉන්දියානු රුපියල් 120,000 කට උත්තර් ප්‍රදේශ්හි යුවළකට අලුත උපන් බිලිඳකු විකිණීම පිළිබඳ අපි පරීක්ෂණ පවත්වනවා" යනුවෙන් රජයේ ළමා සුබසාධන කමිටුවේ සභාපති රූපා කුමාරි බීබීසී වෙත පැවසීය.

මේ තොරතුරුද කියවන්න:

මාර්තු 19 වෙනිදා පුණ්‍යායතනයට පැමිණි තරුණ කාන්තාවක් බිහි කළ මෙම පිරිමි දරුවා මැයි 14 වැනිදා යුවළකට විකුණනු ලැබ ඇතැයි රූපා කුමාරි පැවසුවාය.

ගැබිනි කාන්තාව රෝහලට රැගෙන යන විට කමිටුව දැනුවත් කළ යුතුව තිබූ බව ඇය වැඩිදුරටත් පැවසුවාය.

තවත් දරුවන් විවිධ නගරවල වෙසෙන පුද්ගලයන්ට ඉන්දියානු රුපියල් 50,000-70,000ත් අතර මුදලකට විකුණා ඇති බව කමිටුව සොයාගෙන ඇතැයි ඇය සඳහන් කළාය.

රාන්චි මිෂනාරි මධ්‍යස්ථානයේ ජීවත් වූ ගැබිනි කාන්තාවන් 13 දෙනෙකු ළමා සුබසාධන කමිටුව විසින් වෙනත් ස්ථානයකට මාරු කර ඇත.

වර්ෂ 1997 දී මිය ගිය නොබෙල් ත්‍යාගලාභි තෙරේසා මව්තුමිය විසින් 1950 දී මිෂනාරි පුණ්‍යායතනය පිහිටුවන ලදී.

ලොව පුරා විහිදී ඇති මෙහි කන්‍යා සොහොයුරියන් 3000 කට වඩා වැඩි පිරිසක් සිටිති.

තවත් තොරතුරු:

සබැඳි විෂයයන්