තායිලන්තයේ ලෙනක සිරවූ දරුවන්: ගලවා ගැනීමේ මෙහෙයුම කැමරා ඇසින්

බේරාගත් ළමුන් උතුරු තායිලන්තයේ රෝහලක් වෙත ගෙන යද්දී Image copyright AFP
Image caption බේරාගත් ළමුන් උතුරු තායිලන්තයේ රෝහලක් වෙත ගෙන යද්දී

තායිලන්තයේ ලෙනක සිරවී සිටි පිරිමි ළමුන් සහ ඔවුන්ගේ පාපන්දු පුහුණුකරු ගලවා ගැනීමේ මෙහෙයුම ඉරිදා (ජූලි 08) යළි ආරම්භවීමෙන් පසු දරුවන් සිවු දෙනෙකු ගලවා ගැනිණි.

ඉතිරි නව දෙනා ලෙනෙන් ඉවත් කර ගැනීම සඳහා මෙහෙයුම සඳුදා (ජූලි 09) ආරම්භ කෙරිණ.

මෙහි දැක්වෙන්නේ තායිලන්තයේ පමණක් නොව ලොවම අවධානය යොමු කරගත් ගලවා ගැනීමේ මෙහෙයුමේ ඡායාරූප කීපයකි.

Image copyright AFP
Image caption ලෙන තුළින් පිටට ගෙන ආ විගස දරුවන් වෛද්‍යාධාර කණ්ඩායමක නිරීක්ෂණයට ලක්කෙරිණි
Image copyright Getty Images
Image caption දරුවන් පිටට ගෙන එන තෙක් සුදානමින් තැබුණු ගිලන් රථ
Image copyright Reuters
Image caption ගුරුවරුන් සුබ පණිවිඩය ගෙන එද්දී සතුට පළකිරීමේ හා සෙත්පැතීමේ යෙදුණු දරුවන්ගේ මිතුරු මිතුරියන්
Image copyright AFP
Image caption ලෙන තුළ ඇතැම් තැන්වල දිගු දුරක් ජලයෙන් යටවී ඇති බැවින් මඩ සහිත ජලයේ කිමිදීමට දරුවන්ට මගපෙන්විය යුතුව තිබේ
Image caption පිරිමි ළමුන්ගෙන් ඇතැමෙකුට පිහිනීමේ හැකියාව නැතත් ගෙවී ගිය දින කීපය තුළ ඔවුන්ට මූලික කිමිදුම් පුහුණුවක් දී ඇත
Image copyright AFP/ROYAL THAI NAVY
Image caption ලෙන තුළ ගල් පව්වක දරුවන් රැදී සිටින අතර වැසි සමග ලෙන තුළ ජලය පිරී යන හෙයින් ඊට ප්‍රතිරෝධීව ගලවා ගැනීමේ කණ්ඩායම් සිය කාර්යය වේගවත් කරමින් සිටිති
Image copyright AFP
Image caption ගලවාගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක වෙද්දී හමුදා වෛද්‍ය කණ්ඩායම් සීරුවෙන්
Image copyright AFP
Image caption දරුවන් ගිලන්රථවලින් ගෙන යද්දී ඒ දෙස බලා සිටින පුද්ගලයින්
Image copyright AFP
Image caption පිරිමි දරුවන් 12 දෙනා සහ පාපන්දු පුහුණුකරු ජුනි 23 වෙනිදා සිට, ජලයෙන් පිරුණු ලෙන තුළ කොටු වී සිටියහ
Image copyright AFP
Image caption ලෙන තුළින් පිටතට ගෙන ආ දරුවන් ප්‍රාදේශීය රෝහලකට ඇතුළත් කෙරිණි
Image copyright AFP
Image caption ඉරිදා තාවකාලිකව මෙහෙයුම නතර කළවිට වායු ටැංකි රැස්කර ගැනිණි
Image copyright AFP
Image caption මෙහෙයුමට අවශ්‍ය කවර හෝ සහයක් දීම සඳහා ස්වේච්ඡා කණ්ඩායම් රැදී සිටියහ