පාපන්දු ලෝක කුසලානය 2018: තෙවන ඇසින් දුටු ජයග්‍රහණයේ සතුට

පසුගිය ඉරිදා (ජුලි 15) පැවති පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ජයග්‍රහණය හිමි කරගත් ප්‍රංශ පාපන්දු කණ්ඩායම දහස් සංඛ්‍යාත ක්‍රීඩා ලෝලීන්ගේ ප්‍රීති ඝෝෂා මධ්‍යයයේ පැරිස් නගරය හරහා, පිටතට නිරාවරණය වූ බස් රථයක නැගී ගමන් කරනු දක්නට ලැබිණි.

ක්‍රොයේෂියාවට එරෙහිව පැවැති අවසන් තරගය ගෝල 4-2 ක් ලෙස ජයග්‍රහණය කිරීමට ප්‍රංශය සමත් විය.

ප්‍රංශය ලෝක පාපන්දු කුසලානය දිනූ දෙවන අවස්ථාව මෙයයි. 1998 දී ඔවුහු බ්‍රසීල කණ්ඩායමට එරෙහිව තරග වැදී ලෝක කුසලානය ජයග්‍රහණය කළහ.

ජයග්‍රාහී ක්‍රීඩකයන් කණ්ඩායම සහ ඔවුන්ගේ පුහුණුකරු ඇතුළු අනෙකුත් පිරිස සඳහා විශේෂ ගෞරව පුදකරමින් පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කිරීමට ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් කටයුතු කර තිබිණි.

ප්‍රංශ පාපන්දු ක්‍රීඩා ලෝලීන්ගේ මෙන්ම අවසන් තරගයේ ඡායාරූප සහ වීඩියෝ දර්ශන කීපයකි මේ:

ඡායාරූප ශීර්ෂ වැකිය,

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් සහ ක්‍රොයේෂියා ජනාධිපතිනිය වන ග්‍රෑබර් කිටරොවික් (Grabar-Kitarovic) තරගය පුරාවට ඉතා සුහදව සිටිනු දක්නට ලැබිණි...

ඡායාරූප ශීර්ෂ වැකිය,

පාපන්දු කණ්ඩායමට ගෞරව දැක්වීම පිණිස පැවැත්වූ ගුවන් සංදර්ශන

ඡායාරූප ශීර්ෂ වැකිය,

විසි වසරකට පෙර ප්‍රංශ කණ්ඩායමේ නායකත්වය දැරූ Didier Deschamps, වර්තමාන කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරයි

ඡායාරූප ශීර්ෂ වැකිය,

තරගය පැවැත්වෙන අතරතුර අනපේක්ෂිත ලෙස පිටිය මැදට කඩා වැදුණු කාන්තාවක්

ඡායාරූප ශීර්ෂ වැකිය,

ක්‍රොයේෂියානු පාපන්දු ක්‍රීඩා ලෝලීන්

ඡායාරූප ශීර්ෂ වැකිය,

සිය කණ්ඩායමේ ජයග්‍රහණය සමරන ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන්

ඡායාරූප ශීර්ෂ වැකිය,

අවසන් තරගයේදී තුන්වන ගෝලය ලබා ගැනීමේ සතුට සමරන ප්‍රංශ කණ්ඩායම

ඡායාරූප ශීර්ෂ වැකිය,

සිය කණ්ඩායම ගෝලයක් ලබා ගත් සතුට සමරන ප්‍රංශ ජනාධිපති

ඡායාරූප ශීර්ෂ වැකිය,

ජූලි 15 වෙනි දින පැවති තරගයේ ජයග්‍රාහී මොහොත සමරන ප්‍රංශ පාපන්දු කණ්ඩායම

ඡායාරූප ශීර්ෂ වැකිය,

තරගයේ දෙවන ස්ථානයට පත්වූ ක්‍රොයේෂියානු කණ්ඩායම පදක්කම් ලබා ගන්නා අවස්ථාව

ඡායාරූප ශීර්ෂ වැකිය,

ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමත් සමග පැරීසියේ වීදිවල ප්‍රීතිඝෝෂා පවත්වන ප්‍රංශ ක්‍රීඩා ලෝලීන්

ඡායාරූප ශීර්ෂ වැකිය,

කුසලානය රැගෙන සඳුදා (ජූලි 16) ප්‍රංශයට පැමිණි පාපන්දු කණ්ඩායම

ඡායාරූප ශීර්ෂ වැකිය,

ප්‍රංශ පාපන්දු ක්‍රීඩක පෝල් පොග්බා සමග ප්‍රංශ ජනාධිපති ආර්යාව බ්‍රිජට් මැක්‍රෝන්

ඡායාරූප ශීර්ෂ වැකිය,

අයිෆල් කුළුණ අසළ රැස්වූ ප්‍රංශ ක්‍රීඩා ලෝලීන්

ඡායාරූප ශීර්ෂ වැකිය,

සිය පාපන්දු කණ්ඩායම දැක බලා ගැනීමේ අරමුණින් පැරීසියේ ස්මාරක මත නැග සිටින ක්‍රීඩා ලෝලීන්

ඡායාරූප ශීර්ෂ වැකිය,

ජයග්‍රාහී කණ්ඩායම ජනාධිපති මැක්‍රෝන් සමග ඡායාරූපයකට පෙනී සිටි අවස්ථාව

ඡායාරූප ශීර්ෂ වැකිය,

දෙවෙනි ස්ථානයට පත්වූ ක්‍රොයේෂියානු කණ්ඩායමට ද සිය රටෙන් උණුසුම් පිළිගැනීමක් ලැබිණි

මේ තොරතුරුද කියවන්න: