ශ්‍රී ලංකා සංචාරයෙන් නීති කඩ කළ බ්‍රිතාන්‍ය මන්ත්‍රී ඉයන් පෙයිස්ලි 'යළි තරග කරන' බව කියයි

British MP banned from the parliament Image copyright PACEMAKER
Image caption ඉයන් පෙයිස්ලි ( Ian Paisley)

මන්ත්‍රී ඉයන් පෙයිස්ලිට දින 30ක පාර්ලිමේන්තු තහනමක් ලබා දීමට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිය ඡන්දය ප්‍රකාශ කර තිබේ.

පාර්ලිමේන්තු නීති කඩ කිරීම හේතුවෙන් බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරයෙකු වන ඉයන් පෙයිස්ලිට ( Ian Paisley) සිය තනතුරෙන් ඉල්ලා අස් වීමට බල කළහොත්, සිය ආසනය රැක ගැනීම සඳහා අතුරු මැතිවරණයකදී තරගවදින බව ඔහු ප්‍රකාශ කර තිබේ.

2013 වසරේදී දෙවරක් සිය පවුලත් සමග ශ්‍රී ලංකා ආණ්ඩුවේ වියදමින් සංචාරයේ යෙදීම පිළිබඳ හෙළි කිරීමට අපොහොසත් වීම හේතුවෙන් ඉයන් පෙයිස්ලිට දින 30 ක කාලයක් පාර්ලිමේන්තුව තහනම් කර තිබේ. විශේෂ කමිටුවක් මගින් ක්‍රියාත්මක කළ පරීක්ෂණවලින් පසුව මෙම තීරණය දන්වා ඇත.

ප්‍රදේශයේ ඡන්දදායකයන්ගෙන් 10%ක් ඔහුට එරෙහිව පෙත්සමකට අත්සන් තැබුවහොත්, අතුරු මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කෙරෙනු ඇත.

ඔහු උතුරු අයර්ලන්තයේ ප්‍රජාතන්ත්‍රවාදී සාංගමික පක්ෂයේ (DUP) සාමාජිකයෙකි.

'බැලිමීනා ගාඩියන්' (Ballymena Guardian) පුවත්පතට පෙයිස්ලි පවසා ඇත්තේ ඕනෑම දඬුවමක් භාර ගැනීමට තමන් සූදානම් බවය.

මේ තොරතුරුද දැනගන්න:

උතුරු අයර්ලන්තයේ, උතුරු ඇන්ට්‍රිම් ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වන ඉයන් පෙයිස්ලි සිය ක්‍රියාව ගැන සමාව ඉල්ලා ඇතත්, ඔහුට දින කීපයක පාර්ලිමේන්තු තහනමක් පැනවුන අතර, ධූරයෙන් ඉල්ලා අස් වන ලෙස බලපෑම් එල්ල වෙමින් තිබේ.

කෙසේවෙතත්, මෙම බලපෑම් එල්ල වන්නේ "අවස්ථාවාදීන්ගෙන්" වන අතර, තමන් අභියෝගවලින් පැන යන්නේ නැති බව ඔහු සඳහන් කර තිබුණි.

ඉයන් පෙයිස්ලිගේ දඬුවම ක්‍රියාත්මක කිරීමට වෙස්ට්මින්ස්ටර් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අනුමැතිය ලැබීමත් සමග, එය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට පැනවුණු දීර්ඝතම පාර්ලිමේන්තු තහනම ලෙස හැඳින්වේ.

Image caption ඉයන් පෙයිස්ලි මහජන නියෝජිතයෙකු ලෙස තේරී පත් වූයේ 1996 වර්ෂයේදීය

ඉයන් පෙයිස්ලි කඩ කළ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු නීති මොනවාද?

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු විශේෂ කමිටුවක් ඉදිරිපත් කළ වාර්තාවකට අනුව ඉයන් පෙයිස්ලි පහත සඳහන් නීති කඩ කර තිබේ:

  • 2014 මාර්තු මස 19 වෙනි දින බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා වෙත ලිපියක් යවමින් ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ යෝජනාවකට සහයෝගය පළ නොකරන ලෙස ඉල්ලා ඇත. මෙම ඉල්ලීම ශ්‍රී ලංකාව වෙනුවෙන් කරන විශාල උපකාරයක් ලෙස දක්වා තිබුණි. නමුත් ඉන් පෙර මාස දොළහ තුළ ශ්‍රී ලංකා රජයෙන් ඔහුට පෞද්ගලික වාසි සහ ආගන්තුක සත්කාර ලැබී තිබිණි.
  • අග්‍රාමාත්‍යවරයා වෙත යැවූ ලිපියේ ශ්‍රී ලංකා රජයෙන් තමන්ට ලැබුණු පෞද්ගලික වාසි සහ ආගන්තුක සත්කාර පිළිබඳ සඳහන් කිරීමට අපොහොසත් වීමෙන් පාර්ලිමේන්තුවේ නීති රීති කඩ කර ඇත.
  • 2013 මාර්තු සහ අප්‍රේල් මාසවලදී පවුලේ සාමාජිකයන් සමඟ ශ්‍රී ලංකාවේ කළ සංචාර දෙක ගැන පාර්ලිමේන්තුව විසින් එකඟ වූ දින 28 ඇතුළත ලියාපදිංචි කිරීමට අසමත්වීම.

මෙම වාර්තාව සඳහන් "කාරණයේ බරපතලකම" සලකා බැලීමෙන් පසු කමිටුව තීරණය කරන ලද්දේ 2018 සැප්තැම්බර් 4 සිට දින 30 ක කාලයක් ඉයන් පෙයිස්ලි සේවයෙන් ඉවත් විය යුතු බවය.

තවත් තොරතුරු: