ඉන්දියාව: මොළයේ පටිපණු බිත්තර සියයක් සහිත දැරියක්

DR. PRAVEEN GUPTA

ඡායාරූප මූලාශ්‍රය, DR. PRAVEEN GUPTA

දියණියට ඇතිවන හිසේ රුදාවට හේතුව වටහා ගැනීම දෙමාපියන්ට ඉතා අසීරු කරුණක් විය.

"ඇයි හැමදාම මෙහෙම වෙන්නෙ," ඔවුන්ට ගැටලුවක් විය.

මාස හයක පමණ කාලයක් එසේ පැවති හිසේ රුදාවට හේතුවූ කරුණු දැනගන්නා විට ඔවුන්ට එය අදහාගත නොහැකි විය.

"දියණියගේ මොළයේ කුඩා කැටි ගැසුණු ද්‍රව්‍ය ලෙස පෙනෙන පටපණු බිත්තර සියයකට වඩා තිබෙනවා."

"අප ලඟට එන්න කලින් ඇය ප්‍රතිකාර ලබමින් සිටියත්, ඇයට දරුණු හිසේ රුදාවක් සහ අපස්මාරය තිබුණා. ඇය මොළයේ ඉදිමුමට සහ අපස්මාරය වෙනුවෙන් ප්‍රතිකාර ලබමින් සිටිනවා," යනුවෙන් දැරියට ප්‍රතිකාර කරන ඉන්දියාවේ ගුගාන්හි පිහිටි ෆොර්ටිස් රෝහලේ ස්නායු වෛද්‍ය අංශයේ අධ්‍යක්ෂ, වෛද්‍ය ප්‍රවීන් ගුප්තා පැවසිය.

ඡායාරූප මූලාශ්‍රය, DR. PRAVEEN GUPTA

ඡායාරූප ශීර්ෂ වැකිය,

"පටපනු බිත්තර එකක් දෙකක් නෙවෙයි, සියයකටත් වැඩියි."

ඇයගේ මොළයේ ඉදිමුම අඩු කිරීම සඳහා උත්තේජක ලබාදෙන නමුත් එහි ප්‍රතිඵලයක් ලෙස අට හැවිරිදි දැරියගේ බර කිලෝ ග්‍රෑම් 40 සිට 60 දක්වා වැඩිවී තිබේ.

බර වැඩිවීම නිසා වේදනාව ද වැඩිවී තිබේ. හුස්ම ඉහළ පහළ දැමීමේ සහ ගමන් කිරීමේ ගැටලු ද පවතින නමුත් ඇය සම්පූර්ණයෙන් උත්තේජක මත යැපේ.

"රෝහලට රැගෙන එනවිට දැරිය සිහි මුර්ඡා තත්ත්වයෙන් සිටියා. තිබුණු ස්කෑන් පරීක්ෂාවේ සුදු පැහැති තිත් දකින්නට ලැබුණා. ඒ වෙන කිසිවක් නෙවෙයි පටිපණු බිත්තර. ඒවා එකක් දෙකක් නෙවෙයි, සියයකටත් වැඩියි," වෛද්‍යවරයා පවසයි.

වෛද්‍ය ගුප්තා වෙත දැරිය රැගෙන එනවිට ඇයගේ මොළයේ පීඩනය අධික විය. බිත්තරවල පීඩනය වැඩි නිසා මොළයේ ක්‍රියාකාරීත්වය නැවතී තිබිණ.

"මුලින්ම අපි ඇයගේ මොළයේ අධි පීඩනය අඩු කරන්නට කටයුතු කළා. පසුව ආවරණ පටලය පුපුරුවා හරින්නට කටයුතු කළා. ඒක භයානක කටයුත්තක්, මොකද ඒ නිසා මොළයේ පීඩනය ඉහළ යන්න පුලුවන්," වෛද්‍යවරයා පැවසීය.

ඇයට බිත්තර වැනසීමට අවශ්‍ය මුල් ප්‍රතිකාරය ලබා දී තිබුණ ද තවමත් සියලුම බිත්තර වැනසී නැත.

බිත්තර නිරන්තරයෙන් වැඩෙන අතර, එය මොළයේ ඉදිමීමට සහ අපස්මාරයට හේතුවේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය,

බිත්තර මොළයට ආවේ කෙසේද?

මේ බිත්තර මොළයට ආවේ කෙසේද?

අඩක් පිසූ ආහාර අනුභවය සහ අපිරිසිදු බව නිසා අමාශයේ පටිපණුවන් හටගනිති. පසුව ලේ සමග එම පණුවෝ ශරීරයේ විවිධ තැන්වලට ගමන් කරති.

"ඉන්දියාවේ අපස්මාරයට පටිපණුවන් මූලික හේතුවක් සහ එය ඉන්දියාවේ ඉතා සුලභයි. ඉන්දියාවේ මිලියන 1.2 ට ආසන්න ප්‍රමාණයක් උපදංශයෙන් පෙළෙනවා. එය අපස්මාරය ඇතිවීමට ප්‍රධාන හේතුවක්."

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය,

පටිපණුවා අඩක් පිසූ ආහාර ඔස්සේ පහසුවෙන් ශරීරයට ඇතුළුවේ.

කවුද මේ පටිපණුවා?

පටිපණුවා අන් අයගේ පෝෂක මත යැපෙන පරපෝෂිතයෙකි. මනුෂ්‍ය ශරීරය තුළින් හොඳින් ජීරනය වූ ආහාර සපයා ගැනීමට පහසු නිසා පටිපණුවා මිනිස් සිරුර තුළ හමුවේ. වර්ග 5000 ට වඩා හමුවෙන පටිපණුවන්, කශේරුකා නොමැති ජීවියෙක් වන අතර මිමි 01 සිට 15 දක්වා දිගට වැඩීමේ හැකියාව ද ඇත.

පටිපණුවන් හටගන්නේ කෙසේද?

  • අඩක් පිසින ලද හෝ අමුවෙන් මස් හෝ මාලු ආහාරයට ගැනීමෙන්. සැබැවින්ම සත්ත්වයන් තුළ පටිපණුවන් විශාල වශයෙන් සිටිය හැකි අතර අමුවෙන් ආහාරයට ගැනීමෙන් හෝ අඩක් පිසූ ආහාර ගැනීමෙන් පටිපණුවාට පහසුවෙන් ශරීරයට ඇතුලු විය හැකිය.
  • අපිරිසිදු ජලය පානය කිරීමෙන්.
  • ගෝවා, නිවිති වැනි ආහාර හොඳින් සෝදා පිසගැනීමෙන් තොරව ආහාරයට ගැනීමෙන්.