කැළිකසල ප්‍රශ්නයට 'විසඳුමක්': මධ්‍යධරණි මුහුදේ ගිල්වූ ලෙබනන් යුද ටැංකි

Lebanese war tanks

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය,

මෙම යුද ටැංකි භාවිත කර ඇත්තේ ලෙබනන් හමුදාව විසිනි

දිනෙන් දින ඉහළ යමින් තිබෙන කැළිකසල ප්‍රශ්නය පාලනය කිරීමේ එක් පියවරක් ලෙස වෙරළේ තිබූ දස වසරක් පැරණි යුද ටැංකි මුහුදේ ගිල්වීමට ලෙබනනයේ පරිසරවේදීහු කටයුතු කරමින් සිටිති.

ලෙබනනයේ 'සිඩොන්' නගර වෙරළ තීරයේ තිබූ යුද ටැංකි මෙසේ මුහුදේ ගිල්වා ඇති අතර, එමගින් කලාපයට සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම පමණක් නොව, මධ්‍යධරණී මුහුදේ ජීවත් වන ශාක සහ සතුන්ට මෙය නව නිවහනක් වනු ඇතැයි විශ්වාස කෙරේ.

වෙරළේ සිට කිලෝමීටර තුනක් එපිට මුහුදේ යුද ටැංකි ගිල්වන ආකාරය නැරඹීමට පසුගිය සෙනසුරාදා (ජූලි 28) විශාල පිරිසක් රැස් වී සිටියහ.

"මේ යුද ටැංකිවල විවිධ ජලජ ජීවීන් එකතුවෙන්න ගත්තාට පස්සේ මෙය කිමිදුම්කරුවන්ට පාරාදීසයක් බවට පත් වේවි," යැයි මෙම ව්‍යාපෘතියට සම්බන්ධ කමෙල් කොස්බාර් AFP පුවත් සේවය වෙත පැවසීය.

ව්‍යාපෘතියට සම්බන්ධ කණ්ඩායමේ ඉලක්කය වන්නේ "ජලය යට උද්‍යානයක්" තැනීම වන අතර, ඉතා ඉක්මනින් මෙම යුද ටැංකි මුහුදු පැළෑටිවලින් වැසී යනු ඇතැයි ඔවුහු බලාපොරොත්තු වෙති. මෙම ටැංකි හඳුන්වන්නේ යුද හමුදාවෙන් පරිසරයට ලැබුණ තෑග්ගක් ලෙසය.

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය,

මෙම යුද ටැංකි කිමිදුම්කරුවන්ගේ ආකාර්ශනය දිනා ගනු ඇතැයි විශ්වාස කෙරේ

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය,

ඉතා ඉක්මනින් මෙම යුද ටැංකි මුහුදු පැළෑටිවලින් වසා ගනු ඇත

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය,

ව්‍යාපෘති කණ්ඩායම සිතාමතාම සිය දකුණු දිග අසල්වැසියා වන ඊශ්‍රායලය දෙසට යුද ටැංකි හරවා මුහුදේ ගිල්වීමට කටයුතු කර ඇත

ලෙබනනය මේ වන විට අති දරුණු කසල ප්‍රශ්නයකට මුහුණ දෙමින් සිටියි.

උදාහරණයක් ලෙස, පසුගිය ජනවාරි මස ලෙබනනයේ වෙරළ තීරයේ ගොඩ ගසා තිබූ අති විශාල කසල කඳුවල ඡායාරූප දැක්විය හැකිය.

නමුත් මෙය පරිසර හිතකාමී ව්‍යාපෘතියක් පමණක් නොවේ. ව්‍යාපෘති කණ්ඩායම සිතාමතාම සිය දකුණු දිග අසල්වැසියා වන ඊශ්‍රායලය දෙසට යුද ටැංකි හරවා මුහුදේ ගිල්වීමට කටයුතු කර තිබේ.

"පලස්තීන මිනිසුන්ට සහයෝගය දක්වන්නයි ඒ දේ සිදු කළේ," යැයි කමෙල් කොස්බාර් පැවසුවේය.

මේ තොරතුරුද දැනගන්න: