ප්‍රංශයේ පිහි ප්‍රහාරයකින් දෙදෙනෙක් මියයති

Knife attack in France

ඡායාරූප මූලාශ්‍රය, Reuters

පැරිස් නුවර ආසන්නයේ වීදියක පුද්ගලයෙකු එල්ල කළ පිහි ප්‍රහාරයකින් දෙදෙනෙකු මියගොස් ඇති අතර තවත් එක පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා ද පොලිස් වෙඩි පහරින් මියගොස් ඇති බව වාර්තා විය.

මිය ගිය කාන්තාවන් දෙදෙනා ප්‍රහාරකයාගේ මව සහ සහෝදරිය ලෙස වාර්තා වී තිබේ.

ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය මෙම ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති නමුත්, එයට සාක්ෂි ඉදිරිපත් කර නොමැත.

ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා "අල්ලාහු අක්බර්" යැයි කෑ ගසමින් පොලිස් නිලධාරීන් ඝාතනය කරන බවට තර්ජනය කර ඇති බවත්, පොලිසිය ඔහුට වෙඩි තබා ඇති බවත් ඇතැම් වාර්තාවල දැක්වේ.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

මෙම සිදුවීම වාර්තාවූයේ Versailles නගරය ආසන්නයේ පිහිටි Trappes ප්‍රදේශයෙනි.

2015 වසරේ පැරිස් නගරයට එල්ල වූ ප්‍රහාරයත් සමග ජිහාඩ් ත්‍රස්තවාදී ප්‍රහාර ගැන පැරීසිය දැඩි අවධානයෙන් පසුවේ.

දුගී බව සහ පාතාල කණ්ඩායම් අතර ගැටුම් මෙම Trappes ප්‍රදේශයෙන් නිතර අසන්නට ලැබේ.

මෙම ප්‍රදේශය තුළ විශාල මුස්ලිම් ප්‍රජාවක් ජීවත් වන අතර, එම ප්‍රදේශයේ පුද්ගලයින් පනස් දෙනෙකු පමණ ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයට එකතු වීම සඳහා ප්‍රංශය අතහැර සිරියාව සහ ඉරාකය බලා ගොස් ඇතැයි සැක කරන බව ආරක්ෂක අංශ ආරංචි මාර්ග උපුටා දක්වමින් AFP පුවත් සේවය වාර්තා කර තිබිණි.

මේ තොරතුරුද කියවන්න: