වඳවීයාමේ තර්ජනයට ලක්වූ කැස්බෑ විශේෂයක මළසිරුරු මෙක්සිකෝවට නුදුරු මුහුදේ

Image copyright AFP

මියගිය olive ridley කැස්බෑවන් 300 ක් පමණ මාලු දැල්වල පැටලී සිටියදී දකුණු මෙක්සිකෝවේ වහාකා (Oaxaca) ප්‍රාන්තයේ ධීවරයන්ට හමුවී තිබේ.

මෙම තොරතුරු වාර්තාවීමට දින කීපයකට පෙර olive ridley කැස්බෑ සිරුරු 102 ක් මීට යාබද චියාපාස් (Chiapas) ප්‍රාන්තයෙන් හමුවිය.

මෙම කැස්බෑ විශේෂය බිත්තර දැමීමට මැයි සහ සැප්තැම්බර් කාලය අතර තුර මෙක්සිකෝ ප්‍රාන්ත කීපයක වෙරළට පැමිණෙන අතර වඳවීයාමේ තර්ජනයට දැඩි ලෙස මුහුණදී ඇති සත්ත්ව වර්ගයක් ලෙස සැළකේ.

මෙම සතුන් මියයාමට හේතුව තවමත් පරික්ෂා කරමින් පවතී.

Image copyright Reuters

ඔවුන් පණපිටින් සිටියදී දැලට හසුවුනේද, එසේ නොමැති නම් දැලට පැටලෙන මොහොත වනවිටත් මියගොස් සිටියේද යන්න පැහැදිළි නැත.

බිලි අවුළුම් හේතුවෙන් හෝ දැල්වල පැටලීමෙන් හෝ සමහර විට විෂ සහිත ඇල්ගී හේතුවෙන් මෙම සතුන් මියයන්නට ඇති බව විශේෂඥයන්ගේ මතය වී තිබේ.

මුහුදු කැස්බෑ දඩයම 1990 දී මෙක්සිකෝව තහනම් කරන ලදී. ඒ අනුව නීතිය උල්ලංඝණය කරන්නන්ට එරෙහිව දැඩි නීති පනවා ඇත.

ෆෙඩරල් නීති විශාරදයෙක් මෙම සිද්ධිය පිළිබඳ පරීක්ෂණ මෙහෙයවයි.

සබැඳි පුවත්:

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර