ආණ්ඩු මාරුවන සැමවිටම සැලසුම් වෙනස්වීම “රටට හොඳ නැහැ”

ආණ්ඩු මාරුවන සැමවිටම සැලසුම් වෙනස්වීම “රටට හොඳ නැහැ”

දේශපාලනය හා දේශපාලකයන් විවේචනය කරමින්, යහපත් පුද්ගලයින් ඊට ඇතුළත් නොවිය යුතු බව පැවසීමෙන් එවැනි පුද්ගලයන් කිසි දිනක එම ක්ෂේත්‍රයට සම්බන්ධ නොවනු ඇති බව සංගක්කාර පවසයි.

කිසිවකු බලයට පැමිණියද රට ගොඩගත නොහැකි යැයි ජනතාව අතර ඇති මතය පිළිබඳ කළ ව්මසීමට පිළිතුරු දුන් කුමාර් සංගක්කාර කියා සිටියේ "කාලිනවූ, දිගු දේශපාලන දැක්මක් තියෙන, හරිහමන් අවබෝධයක් තියෙන කෙනෙක්ට හෝ කණ්ඩායමට හෝ රජයකට ඒදේ වෙනස්කරලා ශ්‍රී ලංකාව අලුත් අතකට ගෙනියන්න පුළුවන් කියන එක මට විශ්වාසයක් තියෙනවා, ඒක මට තියෙන දැනුම ගැඹුරු මදි කරන්නේ කොහොමද කරන්නේ කියන එක, නමුත් ශ්‍රී ලාංකිකයන් මෙරට, පිටරට ඉන්නවා ඕනෑ තරම් සුදුසකම් තියෙන ඒ දැක්ම තියෙන" යනුවෙනි.