ජපානයට බලපෑ දරුණු භූ කම්පන සහ නාය යෑම්

Japan earthquake September 2018

ඡායාරූප මූලාශ්‍රය, EPA/JIJI PRESS

ඡායාරූප ශීර්ෂ වැකිය,

පසු කම්පන ඇති විය හැකි බැවින් ජනතාවට අවධානයෙන් පසු වන ලෙස බලධාරීහු අනතුරු අඟවති

ජපානයේ උතුරු දිග පිහිටි Hokkaido දිවයිනට බලපෑ භූ කම්පනයක් හේතුවෙන් ඇති වූ පස් කඳු කඩාවැටීම් නිසා නිවාස බොහොමයකට හානි සිදුව තිබේ.

පුද්ගලයන් අට දෙනකු පමණ මියගොස් ඇති අතර, 40 දෙනෙකු අතුරුදහන් වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ඡායාරූප මූලාශ්‍රය, EPA/JIJI PRESS

ඡායාරූප ශීර්ෂ වැකිය,

නාය යෑම් නිසා නිවාස විශාල ප්‍රමාණයකට හානි සිදු විය

මැග්නිටියුඩ් 6.7 ක් ලෙස සටහන් වූ මෙම භූ කම්පනයෙන් තාප විදුලි බලය නිපදවන ස්ථානයකට හානි වීමෙන් මිලියන තුනකට ආසන්න පිරිසකට විදුලි බලය නැති විය.

පසුගිය දින කීපය තුළ බටහිර ජපානයට බලපෑ 'ජෙබී' නමින් හැඳින්වුණු දරුණු කුණාටුවත් සමගම මෙම භූකම්පනය ඇති වී තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, KYODO/VIA REUTERS

ඡායාරූප ශීර්ෂ වැකිය,

ප්‍රාදේශීය අගනගරය වන Sapporoවල දර්ශනයක්

කුණාටුවෙන් පුද්ගලයන් දස දෙනෙකු පමණ මියගිය අතර, විශාල දේපළ හානි සිදු විය. එය වසර 25කට පසු ජපානයට බලපෑ දරුණුතම කුණාටුවයි.

මෙම භූ කම්පනය නිසා සුනාමි අවදානමක් හටගෙන නොමැති බව එරට කාලගුණ දෙපාර්තමේන්තුව පැවසීය.

ප්‍රදේශවාසීන් සහ සංචාරකයන් ඔවුන්ගේ අත්දැකීම් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පළ කර තිබෙනු දක්නට ලැබේ.

ඡායාරූප මූලාශ්‍රය, KYODO/VIA REUTERS

ඡායාරූප ශීර්ෂ වැකිය,

භූ කම්පනයෙන් තාප විදුලි බලය නිපදවන ස්ථානයකට හානි වීමෙන් මිලියන තුනකට ආසන්න පිරිසකට විදුලි බලය නැති විය.

ආහාර ගබඩා කරගැනීම සඳහා බොහෝ පුද්ගලයන් වෙළෙඳසල්වල දිගු පෝලිම්වල සිටින බව දැක්වෙන සටහන් සමාජ මාධ්‍ය ජාලවල පළ කර තිබේ. තවත් භූ කම්පන ඇති විය හැකි යැයි ඔවුහු බියෙන් පසුවෙති.

පසු කම්පන ඇති විය හැකි බැවින් ජනතාවට අවධානයෙන් පසු වන ලෙස බලධාරීහු අනතුරු අඟවති.

මේ තොරතුරුද කියවන්න: