දත්ත හෙළිවීමක් නිසා Google+ වසා දැමීම වේගවත් වෙයි

Image copyright Getty Images

සිය සේවාදායකයින්ගේ දත්තවල රහස්‍ය භාවය ආරක්ෂා කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් Google සමාගමේ සමාජ මාධ්‍ය ජාලය වන Google+ වසා දැමීමට සැලසුම් කෙරෙමින් පවතී.

ගූගල් සමාගම පවසන්නේ, සිය මෘදුකාංගයේ ඇතිවූ දෝෂයක් නිසා වෙනත් පාර්ශවයකට දත්ත නිරාවරණය වී ඇති බවට ඇතැමුන් තුළ මතයක් පවතින බවය.

කෙසේ වෙතත්, මෘදුකාංගයේ සිදුව ඇති බව කියන දෝෂය Google+ භාවිත කරන්නන් 500,000 දෙනෙකුට පමණ බලපා තිබේ.

Wall Street Journal සඟරාව පවසන පරිදි ගූගල් සමාගම මෙම දෝෂය පිළිබඳව මාර්තු මාසයේ සිට දැන සිටිය ද, ඒ පිළිබඳව අනාවරණය කිරීමක් කර නොමැත.

මේ පිළිබඳව ගූගල් සමාගම නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, මහජනතාව දැනුවත් කිරීමට තරම් බරපතළ ගැටලුවක් මෙහි නොපැවති බවය.

"මේ ගැටලුව පිළිබඳව අපේ රහස්‍යභාවය සහ දත්ත ආරක්ෂණ කාර්යාලය සොයැ බැලීමක් කළා. මෙම දෝෂය නිසා යම් වරදක් සිදුව තිපෙනවා ද කියලා අපි සොයා බැලුවා. ඒත් කිසිදු ප්‍රශ්නයක් වෙලා තිබුණෙ නැහැ"

අසාර්ථක ව්‍යපෘතියක්

Google+ ව්‍යාපෘතිය 2011 වසරේදී ආරම්භ කළ අතර සුළු කලකින් එය ෆේස්බුක් සමාජ මාධ්‍යය සමග තරග කිරීමට අසමත් වූ උත්සහයක් බවට පත්වෙමින් පවතින බව දක්නට ලැබිණි.

වසර කිහිපයක් අධ්‍යයනය කිරීමෙන් පසුව Google+ නතර කර දැමීම කෙරෙහි අවධානය යොමුව තිබේ.

ගූගල් සමාගම පවසන්නේ, Google+ සමාජ මාධ්‍ය මෘදුකාංගය හරහා ක්‍රියාත්මක වන පෞද්ගලික ව්‍යාපාර සඳහා සිය මෘදුකාංගය පවත්වාගෙන යන බව ය.

"එය විශාල පාරිභෝගිකයින් සංඛ්‍යාවක් දිනා ගැනීමට සමත් වුණේ නැහැ. එහි apps සම්බන්ධ අන්තර්ක්‍රියාකාරීත්වයත් සීමාසහිත බවයි පෙනෙන්නට තියෙන්නේ" යනුවෙන් ගූගල් සමාගමේ ඉන්ජිනේරු අංශයේ උප සභාපති, බෙන් ස්මිත් සඳුදා බ්ලොග් පණිවුඩයක සඳහන් කර තිබිණි.

තවත් කියවන්න.