චීනයේ වීදියක සිය ස්වාමි දියණිය මියගිය ස්ථානයේ දින 80ක් රැඳී සිටින සුනඛයෙක්

Dog who waits for his master
ඡායාරූප ශීර්ෂ වැකිය,

අගෝස්තු 21 වෙනිදා සිය ස්වාමියා මියගිය දින සිට සෑම දිනක ම මෙම සුනඛයා මාර්ගයේ එක් ස්ථානයක රැඳී සිටිනු දක්නට ලැබේ

තම ස්වාමි දියණිය මිය ගිය ස්ථානයේ දින 80 ක් රැඳී සිටි සුනඛයෙකු පිළිබඳ චීන සමාජ මාධ්‍ය ජාල පරිශීලකයන්ගේ දැඩි අවධානය යොමු වී ඇත.

මෙම සුනඛයා ඉතා කාර්යබහුල මාර්ගයක් මධ්‍යයේ රැඳී සිටිනු දක්නට ලැබ තිබේ.

'සිනා වයිබෝ' බ්ලොග් අඩවිය හරහා මෙම සුනඛයාගේ වීඩියෝව මිලියන දෙකකට ආසන්න පිරිසක් නරඹා තිබිණි.

අගෝස්තු 21 වෙනිදා සිය ස්වාමි දියණිය මියගිය දින සිට සෑම දිනකම මෙම සුනඛයා මාර්ගයේ එක් ස්ථානයක රැඳී සිටිනු දක්නට ලැබිණි.

මිනිසුන් උදව් කිරීම සඳහා ඉදිරිපත් වූ විට සුනඛයා පළා යන බව කුලී රථ රියැදුරෝ පවසති.

ඡායාරූප ශීර්ෂ වැකිය,

"සෑම දිනකම එම පාරෙන් යන මම එයාව දකිනවා. සුනඛයන් සහ මිනිසුන් අතර තිබෙන බැඳීම සත්‍යයක්"

තවත් පුවත්:

"රියැදුරන් මෙම සුනඛයාට නිතර පොඩි කෑම වර්ග දෙනවා. නමුත් අපි වාහනයෙන් එලියට බැස්ස ගමන් එයා ඉවතට දුවනවා," යැයි එක් රියදුරෙකු පැවසීය.

"මේ සුනඛයා සහ හිමිකාරිය අතර තිබුණේ ඉතා ගැඹුරු බැඳීමක්. ඇය මැරුණාට පසු මේ කුඩා සුනඛයා එම ස්ථානයේ ආරක්ෂකයෙක් විදියට ඉන්න පටන් ගත්තා."

"සෑම දිනකම එම පාරෙන් යන මම එයාව දකිනවා. සුනඛයන් සහ මිනිසුන් අතර තිබෙන බැඳීම සත්‍යයක්."

Skip YouTube post, 1

මෙහි අන්තර්ගතය නැත

වැඩිදුරටත් YouTube බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.

End of YouTube post, 1

නොවැම්බර් 10 වෙනිදා පටිගත කර ඇති මෙම වීඩියෝව ගැන චීන සමාජ මාධ්‍ය පරිශීලකයන් බොහෝ අදහස් දක්වා ඇත. සුනඛයාගේ "විශ්වාසවන්ත භාවය" ගැන එම අදහස් අතර විශේෂයෙන් සඳහන් වී තිබිණි.

"මේ කුඩා බලු පැටවා බොහොම විශ්වසනීයයි. මගේ පවුලට අයත් සුනඛයෙක් සිටියා. ඔහු මම පැමිණෙන තෙක් සෑම දිනකම ගමේ පාසල ළඟ සිටිනවා," එක් පුද්ගලයෙකු සඳහන් කර තිබිණි.

තවත් පුද්ගලයෙකු සුනඛයාගේ ශුභසාධනය ගැන අවධානය මතු කර තිබේ.

"මේ සුනඛයා මාර්ගයක් මැද මේ විදිහට රැඳී සිටීම ඉතා භයානකයි. කව්රු හෝ හොඳ පුද්ගලයන් පිරිසකට මේ සුනඛයා හදා වඩා ගෙන ආරක්‍ෂිත ස්ථානයකට රැගෙන යන්න පුළුවන් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා." ඔහු පවසයි.

සිය හිමිකරු හෝ හිමිකාරිය පැමිණෙන තුරු සිටි සුනඛයෙකු චීන සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රසිද්ධ වූ ප්‍රථම අවස්ථාව මෙය නොවේ.

ඡායාරූප ශීර්ෂ වැකිය,

දිනපතා සිය ස්වාමියා රැකියාවට ගොස් පැමිණෙන තෙක් ඉතා ඉවසීමෙන් යුතුව දුම්රිය ස්ථානයේ රැඳී සිටින Xiongxiong

මෙම වසර මුල දී Xiongxiong නම් වැඩිමහල් සුනඛයෙකු දිනපතා සිය ස්වාමියා රැකියාවට ගොස් පැමිණෙන තෙක් ඉතා ඉවසීමෙන් යුතුව දුම්රිය ස්ථානයේ රැඳී සිටින ආකාරය දැක්වෙන වීඩියෝවක් බෙහෙවින් ප්‍රසිද්ධියට පත් විය.

ඡායාරූප ශීර්ෂ වැකිය,

ටෝකියෝ නුවර තනා ඇති Hachiko the Akita ගේ පිළිරුව

1920 වර්ෂයේ දී ජපානයේ Hachiko the Akita නම් සුනඛයා ද සිය ස්වාමියා පැමිණෙන තෙක් දිනපතා දුම්රිය ස්ථානයේ රැඳී සිටීම නිසා මහත් ප්‍රසිද්ධියට පත් වුණි. ස්වාමියා මියගොස් වසර නවයක් ගෙවෙන තුරු ද ඔහු එම ස්ථානයට දිනපතා පැමිණ තිබුණි.

මේ තොරතුරුත් කියවන්න: