සේයා රූ: ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා අසිරිමත් නත්තල සැමරූ අයුරු
ක්‍රිස්තුන්වහන්සේගේ උපත අනුස්මරණය කරමින් කිතුනු ජනතාව නත්තල සමරති.
පහත දැක්වෙන්නේ එලෙස ලොව පුරා නත්තල සැමරූ ආකාරය දැක්වෙන ඡායාරූප පෙළකි.
ඡායාරූප මූලාශ්‍රය, AFP/Getty Images
නත්තල් උදාවත් සමග වතිකානයේ පැවති දේවමෙහෙයකදී ශුද්ධෝත්තම ෆ්රාන්සිස් පාප්වහන්සේ ලෝවාසීන්ගෙන් ඉල්ලා සිටියේ නවීන පරිභෝජනවාදයේ "තෘප්තිමත් නොවන ගිජු බව" ප්‍රතික්ෂේප කර "බෙදාහදා ගැනීමට සහ පරිත්‍යාග කිරීමට" වැඩි වශයෙන් යොමු වන ලෙසය
ඡායාරූප මූලාශ්‍රය, Getty Images
කොළඹ නත්තල් සැරසිලි
ඡායාරූප මූලාශ්‍රය, EPA
දේවමෙහෙයකට සහභාගී වූ ඊජිප්තුවේ කයිරෝ නුවර කුඩා දැරියක්
ඡායාරූප මූලාශ්‍රය, AFP
චීනයේ නැගෙනහිර දිග පිහිටි අන්හුයි පළාතේ ෆුයැන්ග්හි දේවස්ථානයක පැවති නත්තල් සැමරුමක්
ඡායාරූප මූලාශ්‍රය, EPA
බැංගලෝරයේ ජේසු බිළිඳාගේ දේවස්ථානයේ යාඥා කරන ඉන්දීය කිතුනු බැතිමතුන්
ඡායාරූප මූලාශ්‍රය, EPA
ක්‍රිස්තුන්වහන්සේගේ උපත සිහිගන්වමින් සිංගප්පූරුවේ පිහිටි දේවස්ථානයක තැන්පත් කර තිබූ ජේසු බිළිඳාගේ රුව ස්පර්ශ කිරීමට පෙළ ගැසුණු බැතිමතුන්
ඡායාරූප මූලාශ්‍රය, Reuters
කොංගෝ ජනරජයේ දේවස්ථානයක ආගමිකවතාවත් සිදුකරන අයුරු
ඡායාරූප මූලාශ්‍රය, AFP
ඉන්දුනීසියාවේ දෙවන විශාලතම නගරය වන සුරාබයාහි පැවති නත්තල් දේවමෙහෙයක්
ඡායාරූප මූලාශ්‍රය, EPA
තුර්කියේ ඉස්තාන්බුල් නගරයේ නත්තල් ගසක් අසල සිප ගන්නා පෙම්වතුන්
ඡායාරූප මූලාශ්‍රය, Getty Images
දකුණු අර්ධද්වීපයේ ග්‍රීෂ්ම සමය මැද, නත්තල සැමරීම සඳහා සිඩ්නි නුවර බොන්ඩි වෙරළට පැමිණි ඔස්ට්‍රේලියානුවෝ
ඡායාරූප මූලාශ්‍රය, Reuters
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහි පිහිටි ශාන්ත මරියා දේවස්ථානයේ දේවමෙහෙයට සහභාගී වී කිතුනු ප්‍රජාව
'ලොකුම නත්තල් ගසේ' ඉදිකිරීම් යළි ඇරඹේ
කොළඹ ගාලු මුවදොර පිටියේ ලොව විශාලතම නත්තල ගස ඉදිකිරීමේ කටයුතු යළි ආරම්භ කළ බව සංවිධායක කමිටුව පවසයි.