ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා රටවල් 2019 නව වසර සැමරූ ආකාරය කැමරා ඇසින්

ලොව පුරා රටවල් අති උත්කර්ෂවත් අයුරින් 2019 නව වසරේ උදාව සැමරූ ආකාරය කැමරා කාචයේ මෙසේ සටහන්ව තිබිණ.

ඉතා අලංකාර ගිනිකෙළි සංදර්ශන සහ අති විශාල ජනකායක් සහභාගි වූ උත්සව සෑම ප්‍රධාන නගරයකම පාහේ දක්නට ලැබිණ.

ඔබ සැමට සාමය, සතුට පිරි සුභ නව වසරක් වේවා!!!

Image copyright Reuters
Image caption 2019 හැඩයේ ඇස් කන්නාඩියක් පැළඳගෙන පිලිපීනයේ කුසොන් නුවර නව අවුරුදු සාදයකට එක් වූ කාන්තාවක්
Image copyright SNS
Image caption අවුරුදු උදාව සමග නිව්යෝක් නගරයට ඉහළින් කොල පිරවූ විශාල බෝලයක් පුපුරවා හැරිණ
Image copyright EPA
Image caption ලන්ඩන් නගර මධ්‍යයේ තේම්ස් නදිය අසල පිහිටි 'ලන්ඩන් අයි' මිනිත්තු 10ක් පුරා පැවති ගිනිකෙළි සංදර්ශනයෙන් වර්ණවත් වූ ආකාරය
Image copyright Getty Images
Image caption ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙක් ආගමික වතාවත් සිදු කරමින් නව වසර ආරම්භ කළහ
Image copyright EPA
Image caption පැරිස් නගරයේ පැවැත්වුණු නව අවුරුදු සැමරුම් අතර පන්දමක් අත දරාගත් 'කහ කබා' විරෝධතා ව්‍යාපාරයේ සාමාජිකයෙක්
Image copyright EPA
Image caption ජර්මනියේ අගනුවර වන බර්ලින් නව වසර උදාවත් සමග ගිනිකෙළිවලින් මෙසේ වර්ණවත් විය
Image copyright EPA
Image caption මොස්කව් නුවර අවුරුදු සැමරුම් අතර සිටි යුවළක්
Image copyright EPA
Image caption නව වසර උදාව වෙනුවෙන් කෙන්යාවේ නයිරෝබි නගරයේ පැවැත්වුණු සාදයක්
Image copyright Reuters
Image caption නව වසර වෙනුවෙන් කොණ්ඩා මෝස්තරයක් සකසන ඉන්දියාවේ අහ්මදාබාද් නගරයේ කාන්තාවක්
Image copyright AFP/Getty
Image caption නව වසර සැමරීමට උතුරු කොරියාවේ ප්යෝන්ග්යැන්ග් නගරයට අති විශාල ජනකායක් පැමිණ සිටියහ
Image copyright EPA
Image caption දකුණු කොරියාවේ Gangneung වෙරළ තීරයේ පැවැත්වූ ගිනිකෙළි සංදර්ශන
Image copyright Getty Images
Image caption ගිනිකෙළි සංදර්ශනයකින් ආලෝකමත් වූ ඩුබායිහි පිහිටි ලෝකයේ උසම ගොඩනැගිල්ල, 'බර්ජ් කලීෆා'
Image copyright AFP
Image caption චීන දින දර්ශනයට අනුව ඌරාගේ වසර සනිටුහන් කරමින් දකුණු කොරියාවේ සෝල් නගරයේ බෞද්ධ පන්සලක පහන් දල්වා තිබූ අයුරු
Image copyright EPA
Image caption නව වසර උදාවත් සමග තායිවානයේ තායිපේ නගරයේ පිහිටි සුප්‍රසිද්ධ ‘101’ ගොඩනැගිල්ලෙන් විහිදෙන ආලෝකධාරා ඡායාරූපගත කරන පිරිස
Image copyright EPA
Image caption චීනයේ හොංකොං නගරය නව වසර සැමරූ ආකාරය
Image copyright LINTAO ZHANG/GETTY IMAGES
Image caption නව වසර වෙනුවෙන් බීජිං නුවර පැවැත්වුණු උත්සවයක්
Image copyright AFP/Getty
Image caption නව වසර උදාවත් සමග හැඩ වූ සිංගප්පූරුවේ මරීනා බොක්ක
Image copyright EPA
Image caption දෙසැම්බර් 31 මධ්‍යම රාත්‍රියේ සිට මිනිත්තු 12ක් පුරා පැවැත්වුණු සිඩ්නි නුවර ගිනිකෙළි සංදර්ශනය

සියලු ඡායාරූප සඳහා හිමිකම් ඇවරේ.

මේ තොරතුරුද දැනගන්න: