ලොව පුරා සංචාරයේ යෙදෙන්න පෙර ගමන් බලපත්‍රය පිළිබඳව දැනගන්න

Image copyright Getty Images

ඔබ ගුවන් ගමනක යෙදීමට පෙර ඔබේ ගමන් බලපත්‍රයේ වලංගු කාලය කීවරක් පරීක්‍ෂා කළාද?

මේ මොහොතේත් ලොව පුරා මිලියන ගණනක පිරිසක් එය පරීක්‍ෂා කරමින් සිටිනවා විය හැකිය.

සංචාරය කිරීමට සහ දේශ ගවේෂණයේ යෙදීමට දොරටු විවර කරන හෝ ලෝකය පුරා නිදහසේ ගමන් සඳහා බාධා පමුණුවන ගමන් බලපත්‍රය වටිනා ලියවිල්ලකි.

සංචාරය කිරීම සඳහා සුවිශේෂ ලියැවිල්ලක් අවශ්‍ය වීම දක්වා වූ සිත් ඇදගන්නා සුළු ඉතිහාස කතාවක් මෙන්ම, ගමන් බලපත්‍ර පිළිබඳ විශේෂ කරුණු කීපයක් ද මේ ලිපියෙන් විස්තර කෙරේ.

1. ස්කැන්ඩිනේවියානු ගමන් බලපත්‍රයේ උත්තරාලෝක දකින්නට හැකිය.

Image copyright Getty Images

ස්කැන්ඩිනේවියානු ගමන් බලපත්‍රයක පිටු අධෝරක්ත කිරණ ආලෝකයට නිරාවරණය කළ විට දේදුණු පැහැයෙන් යුත් උත්තරාලෝක දකින්නට හැකියාව ලැබේ.

මේ ගැනත් කියවන්න:

2. පළමු ගමන් බලපත්‍රය බයිබලය තුළ

Image copyright Getty Images

පර්සියාවේ රජ කළ පළමු ආටර්සේක්ස්සිස් (King Artaxerxes I) තම නිලධාරියෙකුට එවකට ජුඩියා ලෙස හැඳින්වූ වර්තමාන පලස්තීනය හරහා බාධාවකින් තොරව ගමන් කිරීම සඳහා ලිපියක් නිකුත් කර ඇති අතර එය 16 වන සියවසේ හීබෲ බයිබලයේ අතිරේකයක් වූ නියමායා (Nehemiah) ග්‍රන්ථයට ඇතුළත් කර තිබේ.

තවදුරටත් කියවන්න:

3. ගමන් බලපත්‍රයකට ඡායාරුප අවශ්‍ය වූයේ පළමු ලෝක යුද්ධයෙන් අනතුරුවය

Image copyright Getty Images

ජර්මනිය වෙනුවෙන් සේවය කළ රහස් ඔත්තුකරුවෙක් ඇමෙරිකානු ව්‍යාජ ගමන් බලපත්‍රයක් අධාරයෙන් බ්‍රිතාන්‍යයට ඇතුළු වීමෙන් අනතුරුව, ගමන් බලපත්‍ර සඳහා ඡායාරූප යෙදීම අවශ්‍ය විය.

4. කෙට්ටු වුණාද? එහෙම නම් අලුත් ගමන් බලපත්‍රයක් ගතයුතුයි

Image copyright Getty Images

ඇමෙරිකානුවෙක් විශාල වශයෙන් කෙට්ටු වුණොත් හෝ මහත් වුණොත් ඔවුන් තමන්ගේ ගමන් බලපත්‍රය යාවත්කාලින කළ යුතුවේ. ඊට අමතරව, මුහුණේ සැත්කමක් හෝ පච්ච හෝ විදීම් කළේ නම් ද ගමන් බලපත්‍රය යාවත්කාලින කළ යුතුවේ.

5. පවුලේ ඡායාරූප ගමන් බලපත්‍ර සඳහා ප්‍රමාණවත්

Image copyright Getty Images

මුල් කාලයේ ගමන් බලපත්‍ර සඳහා තමන් කැමති ඕනෑම ඡායාරුපයක් ලබාදීමේ හැකියාව පැවතිනි. ඒ අනුව, පවුලේ සමූහ ඡායාරුපයක් පවා ප්‍රමාණවත් විය.

6. ගමන් බලපත්‍රය කල් ඉකුත්වීමට මාස හයකට පෙර අලුත් කරන්න

Image copyright Getty Images

සංචාරයක නිරතවීමට ආසන්නයේ ගමන් බලපත්‍රයේ කල් ඉකුත් වීමේ දිනය පිළිබඳ අවදානමක් නොගන්න.

යුරෝපියානු රටවල් ද ඇතුළු තවත් සමහර රටවල් ගමන් බලපත්‍රයක වලංගු කාලය තම රටට ඇතුළුවන දිනයේ සිට දින 90 ක් ඉක්මවා තිබිය යුතු බවට නියම කර තිබේ.

නමුත්, සංචාරය කළ රටේ සිරවීමට වඩා, වඩාත් ප්‍රවේසම් විය යුත්තේ කල් පිරීමට මාස හයක කාලයකට පෙර සංචාරය කිරීම සම්බන්ධයෙනි. චීනය, ඉන්දුනීසියාව, රුසියාව, සෞදි අරාබිය වැනි රටවල් මෙම මාස හයේ කාල සීමාව ඉල්ලා සිටි.

7. ක්වින්ස්ලන්තය හරහා ඔස්ට්‍රේලියාවට ඇතුල්වීමට ගමන් බලපත්‍රයක් අවශ්‍ය නැහැ

Image copyright Getty Images

නමුත්, එසේ කළ හැකි වන්නේ පැපුවා නිව් ගිනියාවට අයත් විශේෂයෙන් නම් කළ ගම්මාන නවයෙන් එකක පදිංචි අයවලුන්ට පමණි.

පැපුවා නිව් ගිනියා රාජ්‍යයට නිදහස ලැබීමේදී ඇතිකරගත් ගිවිසුමකට අනුව ගමන් බලපත්‍ර නොමැතිව එලෙස ඇතුල්වීමට විශේෂ එකඟත්වයක් තිබේ.

8. වතිකානුවට ආගමන පාලනයක් නැහැ

Image copyright Getty Images

වතිකානුවට ආගමන පාලනයක් නොමැති නමුත් පාප්වහන්සේ රැගෙන යන ගමන් බලපත්‍රයේ අංකය 1 වේ.

9. බොහෝ ඇමරිකානුවන්ට ගමන් බලපත්‍රයක් ඇත්තේ ම නැහැ

Image copyright Getty Images

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට අනුව 321,362,789 පමණ වන පුරවැසියන් අතරින් ගමන් බලපත්‍ර ඇත්තේ 121,512,341 ක් පමණි.

10. ටොන්ගා රාජ්‍යය ගමන් බලපත්‍ර අලෙවි කරලා

Image copyright Getty Images

කලකට ඉහත, ටොන්ගා රාජ්‍යය ඇමෙරිකානු ඩොලර් 20,000 බැගින් ගමන් බලපත්‍ර අලෙවි කළේය.

රටේ ජාතික අදායම ඉහළ නැංවීම සඳහා එරට රජ කළ පාලකයෙක් පුරවැසියන් නොවන අයවලුන්ට ගමන් බලපත්‍ර එසේ අලෙවි කර තිබේ.

11. ෆින්ලන්තයේ සහ ස්ලෝවෙනියාවේ ගමන් බලපත්‍ර පිටු වේගයෙන් පෙරලන විට රූප මැවෙන පොතක් ලෙස ක්‍රියා කරයි

Image copyright Getty Images

ෆින්ලන්තයේ සහ ස්ලෝවෙනියාවේ ගමන් බලපත්‍ර හිමියන් ගමන් බලපත්‍රයේ පිටු වේගයෙන් ඉදිරියට පෙරලන අතර, ඒ හේතුවෙන් පිටුවේ අග ඇති ඡායාරූප මගින් චලන චිත්‍රයක් නිර්මාණය කරයි.

12. නිකරගුවා ගමන් බලපත්‍රයසුවිශේෂයි

Image copyright Getty Images

නිකරගුවා ගමන් බලපත්‍රයේ එකිනෙකට වෙනස් ආරක්ෂක ක්‍රමවේද 89 ක් තිබේ. ඒ අතර, ආලෝකය අනුව මවන ත්‍රිමාන චායාරූප සහ ආරක්‍ෂිත මුද්‍රා ද තිබේ.

මේ හේතුවෙන්, නිකරගුවා ගමන් බලපත්‍රය ව්‍යාජ ලෙස සකස් කළ නොහැකිම ගමන් බලපත්‍රය ලෙස සැලකේ.

13. ගමන් බලපත්‍රයක් නොමැති රැජින

Image copyright Getty Images

දෙවන එළිසබෙත් රැජිනට ගමන් බලපත්‍රයක් පිළිබඳ කරදර වීමට අවශ්‍ය නොවේ, මන්ද සිය රටේ පුරවැසියන්ට ගමන් බලපත්‍ර නිකුත් කිරීමට අවසර දෙන්නේ ඇය බැවිනි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර