ඉන්දුනීසියාව: නීති විරෝධීව ඇති දැඩි කළ කිඹුලා කෑම දුන් කත මරා දමයි

Image copyright AFP

නීති විරෝධී අයුරින් ඇති කරන ලද කිඹුලෙකු විසින් කාන්තාවක මරා දැමූ පුවතක් ඉන්දුනීසියාවේ සුලවේසි ප්‍රදේශයෙන් වාර්තා වෙයි. අදාළ කාන්තාව කිඹුලා රඳවා සිටි ජල තටාකය තුළ ඇද වැටීමෙන් පසු ඇය කිඹුලාගේ ගොදුරක් බවට පත්ව තිබේ.

අදාළ කිඹුලා නීති විරෝධී ලෙස ඇති කළ ගොවිපොළේ සේවය කළ 44 හැවිරිදි ඩේසි ටුවෝ නමැති කාන්තාවක් මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙරී නමැති කිලෝ ග්‍රෑම් 700 ක් පමණ බරැති එම කිඹුලා ඇගේ අතක් සහ උදරයෙන් වැඩි ප්‍රමාණයක් කා දමා ඇතැයි වාර්තා වේ.

තවත් පුවත්:

Image copyright SHUTTERSTOCK

එම ගොවි පොළේ හිමිකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කෙරෙන අතර කිඹුලා ආරක්ෂිත වන ජීවී කලාපයකට මුදා හැර තිබේ.

අදාළ ගොවිපොළේ විද්‍යාගාරයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ ඩේසි, කිඹුලාට ආහාර ලබා දෙමින් සිටි අවස්ථාවේ එම ජල තටාකයට ඇද වැටී තිබිණි.

ගොවිපොළේ සෙසු සේවකයින් විසින් ඇගේ මෘත දේහය සොයාගෙන ඇත්තේ, පසුදිනය.

Image copyright AFP

ඉන්දුනීසියාවේ සුලවේසි ස්වාභාවික සම්පත් සංරක්ෂණ ඒජන්සියේ නිලධාරියෙකු වන හෙන්ඩ්‍රික්ස් රුන්ඩෙන්ගන් බීබීසී ඉන්දුනීසියා සේවයට පැවසුවේ, අදාළ කිඹුලා ඉවත් කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට අවස්ථා කිහිපයකදී උත්සහ දැරුව ද, කිඹුලා ඉවත් කිරීමට ඉඩ නොලැබුණු බවය.

"අපි මෙතනට කිහිප සැරයක් ම ආවා. ඒත් ඒ ගොවිපොළ හැම දා ම ගේට්ටුවලට අගුළු දාල වහලා තිබුණේ," ඔහු පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර