බ්‍රසීල වේල්ල බිදී යාම: බෲමඩිනෝ අනතුරින් අතුරුදන්වූවන් සොයාගැනීම ‘අසීරුයි’

Image copyright Reuters
Image caption මාර්ග යටකරමින් මඩ ගලා ගොස් තිබිණි

අග්නිදිග බ්‍රසීලයේ පතලක් ආශ්‍රිත ප්‍රදේශයේ වේල්ලක් බිදී යාමෙන් පුද්ගලයින් 200ක් පමණ අතුරුදන් වී ඇතැයි එම ආකරය අයත් සමාගමේ නිලධාරීහු පවසති. මෙය යකඩ ලබාගන්නා පාෂාණ වර්ගයක් කණින ආකරයකි.

වේල්ල කැඩී යාම නිසා ගලා ආ මඩ, සේවකයින් සිය ගණනක් දිවා ආහාරය ගනිමින් සිටි වේල්ලේ ආපන ශාලාව යට කරමින් ගලා ගියේය.

මිනාස් ජෙරායිස් (Minas Gerais) ප්‍රාන්තයේ බෲමඩිනෝ (Brumadinho) නගරය ආසන්නයේ ආපදාවට ලක්වූ ස්ථානයට ආ ගලවා ගැනීමේ කණ්ඩායම් බර යන්ත්‍රෝපකරණ ද ඒ සඳහා උපයෝගී කරගනිමින් සිටිති.

මිනිසුන් ජීවග්‍රහයෙන් ගලවා ගැනීමට ඇති ඉඩකඩ ඉතා සීමිත බව ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා පැවසීය. පුද්ගලයින් නව දෙනෙකු මියගිය බව තහවුරු කරගෙන ඇත.

බ්‍රසීලයේ විශාලතම කැණීම් සමාගම වන වේල් (Vale) සමාගමට අයත් වේල්ල කඩා වැටීමට හේතුව කුමක්දැයි පැහැදිලි නැත.

මේ අනතුර සිදුවුයේ, බ්‍රසීලයේ දරුණුතම පාරිසරික ආපදාව වශයෙන් සැලකුණු , පුද්ගලයින් 19 දෙනෙකුට මරු කැඳවූ වේල්ලක් බිදී යාමේ සිද්ධියට වසර තුනකට වැඩි කලක් ඉකුත්ව යද්දීය. එය ද මිනාස් ජෙරායිස් ප්‍රන්තයේම, මරියානා ප්‍රදේශයේ සිදුවුවකි.

ක්ලික් කරන්න වේල්ල කැඩී යාම

2019 ජනවාරි 25

CBMMG

ජනවාරි මස මුලදී

Google Maps

වේල්ල බිඳවැටීම ගැන දන්නේ මොනවාද?

ප්‍රාදේශීය වේලාවෙන් සිකුරාදා (ජන.25) දහවල් 1 වනවිට ෆෙජ්ජාඕ පතල ආසන්නයේ ඇති වේල්ලේ බාධක බිදී ගියේ පහළින් ඇති තවත් වේල්ලක් යට කරමිනි.

මඩ දහර වේල්ල සංකීර්ණය මෙන්ම ආසන්නයේ ඇති ගොවිපොළ මෙන්ම සේවකයින් වැඩි ප්‍රමාණයක් විසූ නිවාස හරහා ගලාගියේ එම නිවාස හා වාහන විනාශ කරමින්.

මාර්ග විනාශ වී ඇති බැවින්, කොටුවී සිටි පිරිසක් හෙලිකොප්ටර් ආධාරයෙන් ඉවත් කර ගැනිණි.

ආරක්ෂක පියවරක් ලෙස තවත් බොහෝ නිවැසියන් ඉවත් කර ඇත.

1976 දී ඉදිකෙරුණු මේ වේල්ල ප්‍රදේශයේ ඇති එවැනිම දෙයින් එකක් වන අතර ආකරයෙන් පිටකෙරෙන අවශේෂ රඳවාගැනීමට එය භාවිත කළේය.

ඝන මීටර මිලියන 12ක ධාරිතාවක් ඇති එම වේල්ල වසර තුනක් පුරා අක්‍රියව පැවති බව වේල් සමාගම පවසයි. එයින් කොපමණ අපද්‍රව්‍ය ප්‍රමාණයක් මුදා හැර ඇත්දැයි යන්න දැනගන්නට නැත.

Image copyright Getty Images

වේල්ලේ තත්ත්වය ඇගයීම සඳහා යොදාගත් ජර්මානු සමාගම පසුගිය සැප්තැම්බර් මාසයේ සැපයු නවතම වාර්තාව මගින් එම වේල්ල ස්ථාවර බව දක්වා ඇතැයි වේල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ෆෙබියෝ ශ්වාර්ට්ස්මන් පැවසීය.

ග්‍රීන්පීස් පරිසර සංවිධානය පවසන්නේ වේල්ල බිදී යාම "බ්‍රසීල ආණ්ඩුව හා කැණීම් සමාගම් උගෙන නැති පාඩම්වල කනගාටුදායක ප්‍රතිවිපාකයක්" බවය.

මේ සිදුවීම් "අනතුරු නොව, එහෙත් විමර්ශනය කළ යුතු, දඬුවම් දිය යුතු හා නිවැරදි කළ යුතු පාරිසරික අපරාධ" බව එම සංවිධානය පවසයි.

2015 දී සිදුවුයේ කුමක් ද?

වේල් (Vale) සහ බීපීඑච් බිලිටන් (BHP Billiton) යන සමාගම්වලට හිමිව තිබු වේල්ලක් 2015 නොවැම්බර් මස 5 වන දා බිදී ගියේ මරියානා ප්‍රදේශයේදීය.

එහිදී අවට ප්‍රදේශයට ගලා ගිය ඝන මීටර මිලියන 60ක ප්‍රමාණය ඔලිම්පික් පිහිනුම් තටාක 20,000ක් පිරවීමට තරම් හැකි ය.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව වීල් සහ බීපීඑච් බිලිටන් සමාගම් මෙන්ම බ්‍රසීල ආණ්ඩුව පවුම් බිලියන 1.8ක සමථයකට එළැඹිණි.

සබැඳි විෂයයන්