දේශපාලනය සහ බෞද්ධ දර්ශනය: බෞද්ධ භික්ෂුන්වහන්සේගේ දේශපාලන අයිතියට හොඳම විසඳුම කුමක්ද?

Image copyright Getty Images
Image caption විරෝධතාවකට එක්වූ භික්ෂුන්වහන්සේ

පන්සල් සහ වෙනත් ආගමික ස්ථාන වල දේශපාලන සාකච්ඡා පැවැත්වීම තායිලන්තයේ සාමාන්‍ය තත්වයක් විය.

එසේම භික්ෂුන්වහන්සේ දේශපාලන කතාවලට සවන්දීම හෝ දේශපාලන ව්‍යාපාර සඳහා එක්වීම අතීතයේ අසාමාන්‍ය දෙයක් නොවිණි.

නමුත් එම තත්වය 2014 දී සිට වෙනස් වී තිබේ. ඒ එම වසරේදී සාමය සහ නීතිය සඳහා වූ ජාතික කවුන්සිලය (National Council for Peace and Order) දියත් කළ කුමන්ත්‍රණයෙන් පසුවය.

හමුදා ජුන්ටාව බලයට පැමිණීමත් සමග, දේශපාලන වශයෙන් ක්‍රියාකාරී ලෙස කටයුතු කළ බෞද්ධ භික්ෂුන්වහන්සේ සිය ආරක්ෂාව උදෙසා එම කටයුතුවලින් ඈත්ව සිටිති.

දේශපාලන බලපෑම මත අද වන විට බෞද්ධ ආයතන වෙනස්කම්වලට මුහුණ දෙමින් තිබේ.

"සනම් ලුන් ප්‍රදේශයට දේශපාලන අපේක්ෂකයන් කතා පැවැත්වීමට ආ විට මම දැක්කේ සාමාන්‍ය මිනිස්සුන්ට වැඩිය භික්ෂුන්වහන්සේලා ඒවාට ඇහුන්කම් දෙනවා. නමුත් දැන් අපට එහෙම කරන්න නොහැකියි," නම හෙළිකිරීමට අකමැතිවූ භික්ෂුන්වහන්සේ නමක් බීබීසී සමග පැවසූහ.

"අපි ගැන දැඩි අවධානෙන් ඉන්නේ. අනෙක් හිමිවරුන් සමග සාමාන්‍ය හමුවක් පැවැත්වීම හෝ දානයට යමක් ලබාගැනීමත් අපහසු වී තිබෙනවා" උන් වහන්සේ තවදුරටත් පැවසුහ.

දේශපාලන අර්බුදය නිසා පසුගිය වසර පහ පුරා තායිලන්තයේ බෞද්ධ ආයතනික ව්‍යූහය වෙනස්කම් වලට ලක්වෙමින් තිබේ.

Image copyright Getty Images
Image caption භික්ෂුන්වහන්සේ පෙරමුණගත් උද්ඝෝෂණයක්

බෞද්ධ භික්ෂුන් භික්ෂුන්වහන්සේ බොහෝ දෙනෙක් අත්අඩංගුවට ගත් අතර සමහරෙක් ශාසනයෙන් නෙරපූහ. නමුත් බෞද්ධ ආගමට තවමත් රජයේ සම්පුර්ණ සහයෝගය ලැබෙන බව රජයේ ප්‍රකාශකයා පැවසිය.

එහෙත් ආධාර ලෙස ලැබෙන මුදල් අවභාවිතය සහ ගැටලුකාරී තත්වයන් ඇතිකරන උගැන්වීම් කටයුතු ගැන අවධානයෙන් සිටින බව ඔහු වැඩිදුරටත් කීය.

"මෙම භික්ෂුන්වහන්සේ දේශපාලනයේ නොයෙදී බෞද්ධාගමික කටයුතු කරනවා නම් ඔවුන්ට ගැටලුවක් නැහැ. වැරැද්දක් නොකරන සාමාන්‍ය භික්ෂුවකට තම අයිතීන් රජය මගින් අහිමි කරනවා කියලා හැඟෙන්නේ නැහැ. ඔවුන්ගේ කටයුතු වලට අපි මැදිහත් වෙන්නේ නැහැ," රජයේ ප්‍රකාශක පුතිපොන් පුනක්කන් පැවසීය.

කියවන්න:

කොන් වූ පුද්ගලයෙක්

තායි ව්‍යවස්ථාව, ජන්ද නීතිය සහ දේශපාලන පක්ෂ නීතිය අනුව භික්ෂුන්වහන්සේට දේශපාලනය හා සම්බන්ධව කටයුතු වල යෙදිය නොහැකි බව පැහැදිලිව සඳහන් වේ. ඔවුන්ට ජන්දය පාවිච්චි කිරීම, ජන්ද සඳහා ඉදිරිපත් වීම, දේශපාලන මතයක් දැරීම හෝ දේශපාලන පක්ෂයක සාමාජිකයෙකු ලෙස කටයුතු කිරීම තහනම්ය.

බුද්ධ වර්ෂ 2521 වසරේ ගෙන ආ තායි ව්‍යවස්ථාව අනුව භික්ෂුන්වහන්සේලාට, භික්ෂුනිවහන්සේලාට, සාමණේරවරුන්ට, පූජකවරුන්ට සහ තාපසවරුන්ට ජන්ද බලය අහිමිය.

සමහර දේශපාලන විශේෂඥයින් පවසන්නේ භික්ෂුන්වහන්සේට ජන්ද බලය නැති බැවින් ඔවුන්ට තම ආයතන සම්බන්ධයෙන් වූ නීති ගැන අදහස් හුවමාරු කරගැනීමට ද බලයක් නොලැබෙන බවය.

බෞද්ධ කටයුතු ආරක්ෂාව පිළිබඳ ජාතික කාර්යාලයේ මහ තනොන්ග් විසුත්සිලෝ හිමියන් පැවසුවේ භික්ෂුන්වහන්සේ තායි පුරවැසියන් ලෙස සැලකෙන බැවින් ඔවුන් දේශපාලන කටයුතුවලින් බැහැර නොකළ යුතු බවය.

Image copyright Getty Images
Image caption තායි ව්‍යවස්ථාව අනුව දේශපාලනය බෞද්ධ භික්ෂුන්වහන්සේට අකැපය

"හාමුදුරුවරු කොන්කරපු පිරිසක් වගෙයි. ඔවුන්ට ඔවුන්ගේ ප්‍රශ්න ගැන බලන්න අවස්ථාවක් නැහැ. නීති සාදන්නන් ඔවුන් කියන දේ සමග එකඟද කියලවත් අහන්නේ නැහැ," උන්වහන්සේ බීබීසි තායි සේවය සමග කීහ.

බෞද්ධාගම සහ දේශපාලනය

තායිලන්තය හැර මියන්මාරය සහ භූතානය ද ලෝකයේ භික්ෂුන්වහන්සේට දේශපාලන අයිතිය නොදෙන රටවල් බව කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්ය, ආචාර්ය තෝමස් ලාසන් තම පර්යේෂණ වර්තාවක සඳහන් කරයි.

භික්ෂුන්වහන්සේ ගැන දැඩි විශ්වාසයක් ඇති බැවින් ජන්ද සඳහා ඔවුන් ඉදිරිපත් වුවහොත් ජය ගැනීමට ඉඩ තිබෙන බව ඔහුගේ පර්යේෂණ වාර්තාව කියයි. ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ බෞද්ධ බහුතරයක් සහිත ශ්‍රී ලංකාවේ එවැනි බාධක නොමැති බවත් මේ වන විට එක් භික්ෂුන්වහන්සේ නමක් පාර්ලිමේන්තුව නියෝජනය කරන බවත්ය.

භික්ෂුන්වහන්සේට දේශපාලන අයිතිය දියයුතු බවට තායිලන්තයේ සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ උද්ඝෝෂණ දියත්වෙමින් පවතී.

හිටපු අගමැති තක්සින් සිනවත්ට එරෙහිව විරෝධය දැක්වූ ක්‍රියාකාරියෙකු වන සමන් කම්පීපන්යෝ හිමි පසුගිය ඔක්තෝබර් මාසයේ එම නීතිය ඉවත්කරන ලෙස ඉල්ලා ජන්ද කොමිසමට ලිපියක් භාරදුන්හ.

තවත් ලිපි:

යහපත් ආයතනයක අවශ්‍යතාව

තායිලන්තයේ බෞද්ධාගම වෙන කිසි කවර කලකට වඩා බෙදී ඇති බව මහ තනොන්ග් හිමි විස්තර කළහ.

දේශපාලන අර්බුදයේ කොටස්කරුවන් ලෙස භික්ෂුන්වහන්සේ දැන් හඳුන්වා දෙමින් තිබේ. විවිධ විශ්වාසයන් සහිත පන්සල් අද වර්ණය (red shirt and yellow shirt) අනුවද බෙදී සිටී.

"අද අපිට රජයට සහාය දක්වන සහ රජයට විරුද්ධ ලෙස හංවඩු ගසා තිබෙනවා. ඒ නිසයි ඔවුන් අපිව ප්‍රතිසංස්කරණය කිරීමට උත්සාහ දරන්නේ. මේ තත්වය දේශපාලන ගැටුමේ ප්‍රථිපලයක්", උන්වහන්සේ පැවසූහ.

Image copyright PHRAMAHA THANONG
Image caption භික්ෂුන්වහන්සේ ව්‍යවස්ථා අධිකරණයට ලිපියක් භාරදුන්හ

ආයතනික කළමනාකරණ දුර්වලතා නිසා රජය තායිලන්තයේ බෞද්ධාගම ප්‍රතිසංවිධානය කිරීමට ඉලක්ක කර තිබෙන බව පුතිපොන්ග් පවසයි.

"ආධාර ලෙස ලැබෙන මුදල් අවභාවිතය සහ සමහර භික්ෂුන්වහන්සේගේ නොමනා හැසිරීම් නිසා මෙම ආයතනය ක්‍රමවත් කිරීමට රජයට මැදිහත්වීමට සිදුවුණා", ඔහු කීය.

අනෙක් ආගම්වලින් ඇති බලපෑම්

දකුණු තායිලන්තයේ මතුව ඇති ගැටුම්කාරී තත්වය 2005 වසරේ සිට ඉහළ යමින් තිබෙන අතර එම නිසා දකුණේ වෙසෙන බෞද්ධයින් සිතන්නේ ඉස්ලාම් භක්තිකයින් සෙමින් තම රට ඔවුන්ගේ ග්‍රහණයට ගනිමින් සිටින බවය.

පන්සල් විශාල සංඛාවක් ගිනිතබා විනාශ කිරීමත් භික්ෂුන්වහන්සේ කිහිප නමක් ඝාතනය වීමත් නිසා දකුණු තායිලන්තයේ ඉස්ලාම් රාජ්‍යයක් බිහිවීම සිතුවිල්ලක් පමණක්ම නොවන බව ජනතාව කල්පනා කරති.

තායිලන්තය තුළ මුස්ලිම් ජනතාවගේ පැතිරීමත් මීට පෙර නොවූ ලෙස මස්ජිද ගොඩනැගීමත් නිසා එය බෞද්ධාගමට තර්ජනයක් ලෙස මුස්ලිම් නොවන ජනකොටස් සිතති.

බෞද්ධාගම රැකගැනීම

බෞද්ධාගමේ ස්ථායිතාවට බලපෑම් එල්ලවී ඇති බැවින් බෞද්ධ භික්ෂුන්වහන්සේට දේශපාලන බලය ලබාදිය යුතු බව සමහර ක්‍රියාකාරීහු පවසති.

එළඹෙන මැතිවරණයේදී පෑන් ඩින් ධර්මා (Land of Dharma) පක්ෂය බෞද්ධාගම බේරාගැනීම යන සංකල්පය පෙරදැදිව "යහපත් අරමුණකින් රට ඉදිරියට" යන තේමාව යටතේ තරඟ කිරීමට නියමිතය.

තවත් දේශපාලන පක්ෂ දෙකක් බෞද්ධාගම බේරාගැනීම යන අදහසින් පසුගිය වසරේ ලියාපදිංචි වී ඇත.

මෙම නිසා දේශපාලන කටයුතුවල යෙදීම් තරමක් පහසුවී ඇතැයි භික්ෂුන්වහන්සේ සිතති.

යටපත් වී ඇති අය වෙනුවෙන් හඬක් නැගීමට රජය තුළ බෞද්ධ නියෝජනයක් බිහිවීම හොඳ බව මහ තනොන්ග් හිමිගේ මතයයි.

මේ අතර සිංගප්පූරුවේ පිහිටි අග්නිදිග ආසියා ආයතනයේ පර්යේෂිකාවක් වන ආචාර්ය කෙට්වාදී කුලර්බ්කියු පවසන්නේ වෙනත් ආගම්වලින් තර්ජනයක් ඇතැයි මතුකරන ප්‍රචාරයන් තායි ජනතාව පහසුවෙන් විශ්වාස කරනු ඇති බවය.

"බෞද්ධාගම තර්ජනයකට ලක්ව ඇති බවත් ඒ සඳහා රජයට ප්‍රතිපත්තියක් නැති බවත් ඔවුන් සිතනවා. බෞද්ධාගම බේරා ගැනීම යන කාරණය මතු කිරීම හරහා දේශපාලන පක්ෂවලට පහසුවෙන් ජනප්‍රිය හැකිවෙනවා," ඇය පැවසුවාය.

Image copyright Getty Images
Image caption බෞද්ධ රාජ්‍ය සංකල්පය රජය සහ භික්ෂුන්වහන්සේ අතර ගැටුම් ඇතිකර තිබේ

බෞද්ධ ආධිපත්‍යය

බෞද්ධාගම, තායිලන්තයේ ජාතික ආගම ලෙස නම් කිරීම සඳහා 1997, 2007 සහ 2016 දී තෙවරක් උත්සාහ දරණ ලදි.

ඒ සඳහා රජයට සහය පළකරමින් ජනතාව 100,000ක් පමණ තම අත්සන් යොදන ලදි.

එම ප්‍රයත්නය අසාර්ථකවුවත් ථෙරවාදී බුද්ධ දර්ශනයට තායි රජයේ සහාය ලැබුණු ප්‍රථම අවස්තාව එයයි.

බෞද්ධාගම රටෙහි ජාතික ආගම ලෙසට බු. ව. 2560 දී එළිදැක්වූ ව්‍යවස්ථාව සඳහන් නොකරයි.

ඊට පෙර භාවිත කළ ව්‍යවස්ථාවන් හි සඳහන් වූ "විවිධාකාර මත සහ විශ්වාස සහිත පුද්ගලයින් අතර එකමුතුව සහ අන්‍යෝන්‍ය විශ්වාසයට උදව්කරනවා" යන කොටස නව ව්‍යවස්ථාවෙන් ඉවත් කර ඇත.

Image copyright Getty Images
Image caption බෞද්ධාගම රාජ්‍ය ආගම ලෙස ව්‍යවස්ථාගත කරන ලෙස ඉල්ලීම් ඇතිවිය

ආගම් මගින් දේශපාලන කටයුතු කෙරෙහි සිදුවන බලපෑම ගැන බොහෝ රටවල් කනස්සල්ල පළකරති.

බටහිර රටවල්වල ප්‍රචලිත භෞතිකවාදය හා ආසියාවේ පවතින තත්වය එකිනෙකට වෙනස්ය.

එහෙත් තායිලන්තයේ ආගමට සහ රජයට සහයෝගයෙන් පැවතීමට හැකිය.

විශේෂයෙන්ම භික්ෂුන්වහන්සේට සමාජයේ ඉහළ පිළිගැනීමක් ඇත.

පසුගිය වසරේ අගෝස්තු 30 වනදා තායිලන්ත සංඝ සභාව නිවේදනයක් නිකුත්කරමින් සමාජයේ ගැටුම් ඇති වීමට මග පෑදෙන රැස්වීම්, වැඩසටහන් හෝ වෙනත් කටයුතු සඳහා පන්සල් යොදා ගැනීම තහනම් කළේය.

නමුත් එය දේශපාලන මැදිහත්වීමක් ලෙස සලකන ලද්දේ එම නිවේදනය 1995දීත් නිකුත් කර තිබීම නිසාය.

තවත් ලිපි:

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
"අලි ඉල්ලන හාමුදුරුවන්ට හරක් මරන්න විරුද්ධ වෙන්නත් බැහැ"