සිරියා - ඉරාක මායිමේ 'අයිඑස්' අවසන් කඳවුර සමීපයේ
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

සිරියා - ඉරාක මායිමේ 'අයිඑස්' අවසන් කඳවුර සමීපයේ

සිරියාවේ අයිඑස් බලකඳවුර පෙනෙන කලාපයට ඇතුලුවීමට බීබීසීයට විශේෂ අවස්ථාවක් හිමි විය.

එම අවස්ථාවේ අයිඑස් කැරලිකරුවන්ට එරෙහිව ඇමෙරිකාව ඇතුළු මිතුරු හමුදා, කුර්දි සහ සිරියානු හමුදා කණ්ඩායම් පහර දුන්හ.

කැරලිකරුවන් සහ සිවිල් වැසියන් බාගුස් නම් කලාපයේ කොටූ වී සිටී.

එම ගම්මානය යුෆ්‍රරටීස් ගංගාවට එපිටින් පිහිටා ඇත්තේ ඉරාක දේශසීමාව ආසන්නයේය.

බීබීසී කණ්ඩායම එහි ගියේ එම කලාපයේ මුර සංචාරයේ යෙදෙන ඉරාක භට පිරිස් සමගය.

ඔවුන් ඉතිරි වී සිටින අයිඑස් කැරලිකරුවන් ගැන අවධානයෙන් සිටී.

අයිඑස් පාලනය පවතින්නේ වර්ග කිලෝ මීටර් හතරක පමණක් බව බීබීසී කණ්ඩායම සමග ගිය හමුදා නිලධාරියා පැවසීය.