යොවුන් මනස විකෘති කරන වායු දූෂණය: කොළඹට සහ නුවරටත් මේ ක්‍රමය සුදුසු ද?

Image caption වායු දූෂණය පාලනයට බ්‍රිතාන්‍ය එඩිතර උත්සහයක

ඓතිහාසික මහනුවර නගරයේ පවතින අධික වායු දූෂණය හමුවේ මුඛවාඩම් පැළඳීම යෝග්‍ය බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබඳ සම්මාණිත මහාචාර්ය ඕ.ඒ ඉලේපෙරුම පවසයි.

දිනකට මහනුවර නගරය තුළට රථවාහන ලක්ෂයක් පමණ ඇතුළුවන බව කී සම්මාණිත මහාචාර්යවරයා එහි පවතින වායු දූෂණය කොළඹ නගරයට වඩා හතර ගුණයකින් හෝ පස් ගුණයකින් වැඩි බව කියා සිටියේ පර්යේෂණ වාර්තා උපුටා දක්වමිනි.

මහනුවර නගරය කඳු වළල්ලකින් වටවී පිහිටා තිබීම හේතුවෙන් කොළඹ නගරයේ මෙන් දූෂිත වායු විසිරී යාමක් සිදු නොවන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

ජනාකීර්ණ ලන්ඩන් නගරයේ වායු දුෂණය පාලනය කිරීමට බ්‍රිතාන්‍ය අලුත් පියවරක් ගැනීමට තීරණය කර තිබේ. එය ඉතා නිර්භීත තීරණයක් ලෙසද සැළකේ.

Image copyright Getty Images

කොළඹ සහ මහනුවර වැනි නගරවල පවතින වාහන තදබදය අවම කර ගැනීම සඳහා ලන්ඩන් නුවර ගෙන ඇති දීර්ඝ කාලීන පිළියම් කෙරෙහි ශ්‍රී ලංකාව ද යොමු විය යුතු බව මොරටුව විශ්වවිද්‍යාලයේ ප්‍රවාහන හා සැපයුම් දාම අධ්‍යයන අංශයේ මහාචාර්ය අමල් කුමාරගේ මීට පෙර බීබීසී සිංහල සේවයට ප්‍රකාශ කර තිබුණි.

කොළඹ නගරයේ පවතින වාහන තදබදය නිසා රටට සිදු වන පාඩුව දිනකට රුපියල් බිලියනයකට අධික බව ඔහු පැවසීය.

ඔහු තවදුරටත් කියා සිටියේ අනවශ්‍ය ලෙස ඉන්ධන දහනය වීම සහ කාලය අපතේ යාම නිසා ශ්‍රී ලංකාවට වසරකට රුපියල් බිලියන 397ක පාඩුවක් සිදු වන බවය.

ලබන සඳුදා (අප්‍රේල් 08) සිට මධ්‍යම ලන්ඩනයට ඇතුලු වන වාහන සඳහා නව ගාස්තු අයකිරීමේ ක්‍රමවේදයක් හඳුන්වාදීමට බ්‍රිතාන්‍යය තීරණය කර තිබේ.

වැඩිපුර දූෂිත වායු විමෝචනය කරන රථවාහන පාලනය කිරීම තුළින් වායු දූෂණය අවම කර එමගින් රෝග පාලනය සහ අකල් මරණ ගණන අඩු කිරීම මෙහි අරමුණු වේ.

මෙම ක්‍රමවේදය හඳුන්වා දෙන්නේ වායු දූෂණය මගින් සිදුවන බලපෑම් මුලින් සිතූ ප්‍රමාණයට වඩා අධික බවට විද්‍යාඥයින් පවසන අතරතුරය.

ලන්ඩනයේ නගරාධිපති සාදික් ඛාන් බීබීසීයට පවසා ඇත්තේ වායු දූෂණය පියවි ඇසට නොපෙනුනද එය පාලනය කිරීම හදිසි මහජන සෞඛ්‍ය අවශ්‍යතාවක් බවය.

මහාමාර්ග ආශ්‍රිත නයිට්‍රිජන් ඔක්සයිඩ් වැඩිවීමට බලපාන වාහන වර්ග:

Image caption වායුගෝලයේ පවතින දුෂිත වායු

වායුගෝලයේ පවතින නයිට්‍රජන් ඩයොක්සයිඩ් සහ වෙනත් කුඩා අංශු ශරීරය අභ්‍යන්තරයට ඇතුලු වී දීර්ඝකාලීන හානි සිදු කළ හැකි බව පර්යේෂණ වලින් හෙළිවී තිබේ.

මේ තොරතුරුද කියවන්න:

ශ්වසන ක්‍රියාවලියට මෙමගින් දැඩි බලපෑම ඇති වේ. උදාහරණ වශයෙන් ඇදුම වැනි ශ්වසන රෝග වලින් පෙලෙන පුද්ගලයින් අවදානමට පත්විය හැකි අතර නිධන්ගත රෝග මෙන්ම හෘදයාබාධ ඇතිවීමට ද හේතුවක් විය හැකි බව පැවසේ.

Image caption වායු දූෂණය පාලනයට බ්‍රිතාන්‍ය එඩිතර උත්සහයක

එමෙන්ම වායු දුෂණය කුඩා ළමුන්ටද අහිතකර ලෙස බලපාන බව පර්යේෂකයෝ වැඩිදුරටත් පෙන්වා දෙති.

වායු දුෂණය බහුල මාවත් ආසන්නයේ වැඩෙන කුඩා දරුවන්ගේ පෙනහලුවල ධාරිතාව වායු දූෂණය අවම ප්‍රදේශයක ජිවත්වන ළමුන්ට වඩා 5% කින් පමණ අඩු මට්ටමක පවතින බව ඔවුහු පවසති.

වායු දුෂණය බහුල ප්‍රදේශවල උපදින දරුවන් වැඩි අභියෝගවලට ලක් විය හැකි බව මේ පිලිබඳව පරීක්ෂණ සිදුකරන ලන්ඩනයේ කිංග්ස් විද්‍යාලයේ වෛද්‍ය බෙන් බැරට් පවසයි.

Emphysema සහ නිදන්ගත බ්‍රොන්කයිටිස් වැනි ස්වසන රෝග රැසක් උත්සන්න කිරීමට මෙන්ම පෙනහලු ආශ්‍රිත පිළිකා ඇතිවීමට පවා මෙය හේතුවක් විය හැකි බව පර්යෙක්ෂකයින්ගේ අදහස වී තිබේ .

Image copyright Getty Images

එමෙන්ම යම් පුද්ගලයකුගේ පෙනහලු අභ්‍යන්තරයට ඇතුළු වන විෂ අංශු කොටස් රුධිරයට එක්වීමෙන් යම් රෝගී තතත්වයන් ඇති හැකිය.

මේ නිසා හෘදය වස්තුවේ ධමනි අවහිරවී ආඝාතය ඇතිවීමට ඇති අවස්ථාව ඉහළ යන බවත් එසේම හෘද රෝග සහ හෘදයාබාධ ඇතිවිය හැකි බවත් පර්යේෂකයෝ පවසති..

එමෙන්ම එම කුඩා අංශු රුධිරය ඔස්සේ මොළය දක්වා සංසරණය වීම නිසා මොළයට දා හානි පැමිණිය හැකි බව පෙන්වා දෙන පර්යේෂකයෝ 'ඩිමෙන්ශියාව" වැනි රෝග සඳහා හේතුවක් විය හැකි බවද පෙන්වා දෙති.

මේ අතර ඉකුත් වසරේ චීනය එළිදැක්වූ වාර්තාවකින් වායු දුෂණය සහ මොළයේ ක්‍රියාකාරිත්වය අඩු වීම අතර සම්බන්ධයක් පවතින බව පෙන්වා දී තිබේ.

එසේම පසුගිය සතියේ බ්‍රිතාන්‍යයේ නිකුත් වූ වාර්තාවකින් කියවුණේ යෞවනයින්ගේ මන්ද මානසික හැසිරීම් සහ පරිසර දුෂණය අතර සම්බන්ධයක් ඇති බවයි.

ක්වීන් මේරි විශ්ව විද්‍යාලය මගින් වැදෑමහ පිළිබඳව කළ පරීක්ෂණයක් කර ඇත. එහිදී වායුව දුෂිත ප්‍රදේශවල දිවි ගෙවූ පුද්ගලයින්ගේ පෙනහලු සෛල වල හමුවූ කුඩා කළු ලප වලට සමාන ලප වැදෑමහ වලද සොයාගැනීමට හැකිවීම පර්යේෂකයින් පුදුමයට පත් කිරීමට හේතු වී තිබේ.

"වායු දුෂණය නිසා පෙනහළු අභ්‍යන්තරයේ සෛල මත පිහිටි කුඩා කළු ලප පිළිබඳව පමණයි මෙතෙක් දැනගෙන හිටියේ. නමුත් ඒ හා සමාන ලක්ෂණ සහිත වැදෑමහක් ද දක්නට ලැබුණා. මේ ලක්ෂණ මත තීරණය කළ හැකියි මෙයත් වායු දුෂණයේ බලපෑම මත සිදුවූවක් කියා." එම විශ්වවිද්‍යාලයේ වායු දුෂණය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන නෝරිස් ලු පවසයි.

තවත් තොරතුරු:

.