උතුරු අයර්ලන්තය: ගැටුම්වලින් විසිනව හැවිදිරි මාධ්‍යවේදිනියක් මරුට

Image copyright AFP/JESS LOWE
Image caption 29 හැවිරිදි ලයිරා මැකී නම් මාධ්‍යවේදිනිය

උතුරු අයර්ලන්තයේ ලංඩන්ඞෙරි නගරයේ බ්‍රහස්පතින්දා රාත්‍රියේ (අප්‍රේල් 18) ඇතිවූ ගැටුම්කාරී සිදුවීම පිටුපස නිව් අයි ආර් ඒ නම් කණ්ඩායම සිටිය හැකි බව උතුරු අයර්ලන්ත පොලිස් බලධාරීහු පවසති.

"ත්‍රස්ත ක්‍රියාවක්' ලෙස සැලකෙන මෙම සිදුවීමේදී මාධ්‍යවේදිනියක් වෙඩි වැදී මරණයට පත්විය.

ඇය 29 හැවිරිදි ලයිරා මැකී නම් මාධ්‍යවේදිනියකි. මෙම මරණය ඝාතනයක් ලෙස සලකා පරීක්ෂණ කෙරෙන බව සහකාර ප්‍රධාන කොස්තාපල් මාර්ක් හැමිල්ටන් පැවසීය.

බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ පැවසුවේ ඝාතනය "කම්පනය ඇති කළ" සිදුවීමක් බවය.

ඩෙරි හි ක්‍රේගන් ප්‍රදේශය පොලිසිය විසින් පරික්ෂා කෙරෙන විට කැරලිකාරී තත්ත්වයක් ඇතිවී තිබේ. පසුව තුවක්කුකරුවෙක් පොලිසිය දෙසට වෙඩි තබා ඇත.

Image caption ලයිරා මැකී

'මැකී ධෛර්යවන්ත ලෙස තම රැකියාවේ නිරත වී සිටියදී තමයි මියගියේ' යනුවෙන් අගමැතිනී මේ තවදුරටත් පවසා තිබිණි.

සිදුවීම අතර අසළ සිටි පුද්ගලයෙක් ජංගම දුරකතනයකින් ලබාගත් දර්ශන අනුව පෙනී යන්නේ මුහුණ ආවරණය කරගත් තුවක්කුකරුවෙකු වීථියේ සිට වෙඩි තබන ආකාරයයි.

එහිදී පොලිස් වාහනයක් අසළ සිටි මාධ්‍යවේදිනිය තුවාල ලැබීය.

"ඇයව පොලිස් වාහනයකින් ඇල්නැගෙල්වින් රෝහලට ගෙන ගියා. නමුත් අවාසනාවකට ඇය මිය ගියා," පොලිස් නිලධාරියා පැවසීය.

Image copyright PA
Image caption "මෙය, සියලුදෙනාගේ සහයෝගය ඇතිව පසුගිය වසර විස්ස පුරා ලබාගත් වර්ධනය විනාශ කිරීමට සිදු කළ අනර්ථකාරී සහ ප්‍රයෝජන රහිත ක්‍රියාවක්"
Image copyright PA
Image caption ගැටුම ඇතිවූ ස්ථානය

මේ අතර උතුරු අයර්ලන්තයේ විශාලම දේශපාලන පක්ෂ 6 හි නායකයින් නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, "අපි මෙම සාහසික අපරාධය සිදු කළ අය ප්‍රතික්ෂේප කර සිටිනවා," යනුවෙනි.

පොදු නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ "ලයිරා ගේ ඝාතනය" ජනතාවට, සාමය සහ ප්‍රජාත්‍රන්තවාදී ප්‍රවාහයට එල්ලවූ ප්‍රහාරයක් ලෙසය.

"මෙය, සියලුදෙනාගේ සහයෝගය ඇතිව පසුගිය වසර විස්ස පුරා ලබාගත් වර්ධනය විනාශ කිරීමට සිදු කළ අනර්ථකාරී සහ ප්‍රයෝජන රහිත ක්‍රියාවක්."

මෙම කණ්ඩායම අයි ආර් ඒ හෙවත් 'අයර්ලන්ත රිපබ්ලිකන් හමුදාව' යන සංවිධානයෙන් කැඩී වෙන්වූ පිරිසකි.

ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය මෑතක සිට ඉහළ ගොස් ඇති බව පැවසේ.

උතුරු අයර්ලන්ත පොලිසිය සැක කරන්නේ 1916 පාස්කු සතියේ ඇතිවූ සිද්ධීන්ගේ සංවස්තරය වෙනුවෙන් වෙනත් සිදුවීම් ද ඇතිවිය හැකි බවය.

බ්‍රහස්පතින්දා ගැටුම ඇතිවුයේ ලංඩන්ඞෙරි නගරයේ ක්‍රේගන් කලාපයේ ආයුධ සහ උණ්ඩ සඟවා ඇති බවට ලැබුණු රහස් තොරතුරු අනුව ඇරඹි පොලිස් මෙහෙයුමක් අතරතුරය.

පොලිස් නිලධාරීන්ට ප්‍රහාර එල්ල කිරීමට එම අවි ආයුධ රැස් කර ඇතැයි සැක කෙරිණි.

මෙම වසර ආරම්භයේදී නගරයේ අධිකරණයට අසළ සිදුවූ බෝම්බ ප්‍රහාරයටද මෙම නව අයි ආර් ඒ කණ්ඩායම සම්බන්ධ බවට චෝදනා එල්ලවිණි.

මේ තොරතුරුද කියවන්න: