බෝයිං 737 Max: අනතුරුවලට හේතු වූ මෘදුකාංගය යාවත්කාලීන කරයි

Image copyright Getty Images

බෝයිං සමාගම මාස 5ක කාලයක් තුළදී මාරාන්තික ගුවන් අනතුරු දෙකකට ලක් වූ 737 Max වර්ගයේ ගුවන් යානාවල මෘදුකාංගය යාවත් කාලීන කිරීමේ කටයුතු අවසන් කර තිබේ.

බෝයිං නමැති ඇමෙරිකානු සමාගම නිවේදනය කළේ, 737 Max යානා 207ක මෘදුකාංගය යාවත් කාලීන කළ අතර ඒවා පියාසර කර පරීක්ෂා කළ බවය.

විවිධ අවස්ථාවලදී ගුවන් යානයේ පාලක සංඥා නිකුත් වන විට ගුවන් නියමුවන් කෙසේ ක්‍රියා කළ යුතු ද යන්න පිළිබඳ දත්ත ඇමෙරිකානු ෆෙඩරල් ගුවන් පාලනාධිකාරියට ලබා දෙන බව ද එම නිවේදනයේ දැක්වේ.

Image copyright Getty Images

ඇමෙරිකානු ෆෙඩරල් ගුවන් පාලනාධිකාරිය පවසන්නේ, මෘදුකාංග යාවත් කාලීන කිරීම පිළිබඳව සහතිකයක් ලබා ගැනීම සඳහා එම මෘදුකාංගය ලබන සතියේදී තමන්ට ඉදිරිපත් කරනු ඇතැයි අපේක්ෂා කරන බවය.

පසුගිය මාර්තු මාසයේදී ඉතියෝපියානු ගුවන් සමාගමට අයත් 737 Max වර්ගයේ ගුවන් යානයක් කඩා වැටීමෙන් එහි සිටි පුද්ගලයින් 157 දෙනා ම ජීවිතක්ෂයට පත් වූහ.

Image copyright Getty Images

ඊට පෙර, පසුගිය ඔක්තෝබර් මාසයේදී ලයන් එයාර් සමාගමට අයත් ගුවන් යානයක් ඉන්දුනීසියාවේදී කඩා වැටී පුද්ගලයින් 189 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

මෙම ගුවන් යානා දෙක ම බෝයිං 737 Max වර්ගයට අයත් විය. එම මාදිලියේ ගුවන් යානාවලට ඇතුළත් කළ නව විශේෂාංග ඇතුළත් මෘදුකාංගයක් හේතුවෙන් එම අනතුරු සිදු වූ බවට විශ්වාස කෙරිණි.

බෝයිං සමාගම පැවසුවේ, නව මෘදුකාංග පද්ධතිය සම්බන්ධයෙන් ගුවන් නියමුවන් අනුගමනය කළ යුතු උපදෙස් සම්බන්ධ තොරතුරු ඇමෙරිකානු ෆෙඩරල් ගුවන් පාලනාධිකාරියට ඉදිරිපත් කිරීමෙන් පසු ගුවන් යානා පියාසර පරීක්ෂණයකට ඉදිරිපත් කර සහතිකය ලබා ගැනීමට පියවර ගන්නා බවය.

බෝයිං 737 Max

බෝයිං 737 Max ගුවන් යානය ගුවන් ගමන්වලට අලුතින් එක් වූ එකකි. එය වාණිජමය වශයෙන් භාවිතයට එක් වූයේ 2017 වසරේ සිටය.

එම ගුවන් යානයේ සැකැස්ම පහත පරිදි වේ.

බෝයිං 737 Max ගුවන් යානා භාවිත කරන ගුවන් සමාගම්

තවදුරටත් කියවන්න.