ලොව පුරා ඉස්ලාම් භක්තිකයෝ ඊද් සමරති

Image copyright Getty Images
Image caption ඉස්ලාමීය දින දර්ශනයේ නව වන මස රාමදාන් අවසානයේ ඊද් සමරන නිව්යෝර්ක්හි කාන්තාවෝ

ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා රටවල මුස්ලිම් භක්තිකයෝ ඊද් උත්සවය සමරති.

ඊද් යනු ඉස්ලාම් භක්තිකයන් විසින් සමරනු ලබන ප්‍රධාන ආගමික උත්සව දෙකකින් එකකි.

මුස්ලිම් භක්තිකයන් උපවාසයේ යෙදෙන ශුද්ධ වූ මාසය රාමදාන් ලෙස හැඳින්වේ.

රාමදාන් මාසයේ අවසන් දිනයේ සඳ උදාවත් සමග උපවාසය අවසන් කරමින් ඊද් සමරනු ලැබේ.

ඊද් සමරනු ලබන වේලාවන් රටින් රටට වෙනස් වේ. ඇතැම් රටවල ශුද්ධ මක්කම සඳ උදාවට අනුව පිළිවෙත් සිදු කරයි.

නව සඳ උදාවත් සමඟ දින තුනක් ඊද් උත්සවය සැමරේ.

මැදපෙරදිග සහ අප්‍රිකානු රටවල් ඊද් උත්සවය සඳුදා ආරම්භ කළ අතර ඉන්දියාව, ශ්‍රී ලංකාව මෙන්ම එක්සත් රාජධානිය සහ සෙසු යුරෝපීය රටවල් උත්සව ආරම්භ කළේ අඟහරුවාදාය.

ශ්‍රී ලංකාවේ ඇතැම් මුස්ලිම් පල්ලි අසල ආරක්ෂාව සඳහා හමුදා භටයන් යොදවා ඇති ආකාරය දක්නට ලැබිණි.

Image copyright Getty Images
Image caption කොළඹ පැවති යාඥා මෙහෙයකට සහභාගී වීමට පැමිණි භක්තිකයන් පරීක්ෂාවට ලක් කරමින්
Image copyright Getty Images
Image caption කොළඹ පැවති යාඥා මෙහෙයක්
Image copyright Getty Images
Image caption ලොව විශාලතම මුස්ලිම් ජනගහනය වෙසෙන ඉන්දුනීසියාවේ දරුවෙක්
Image copyright EPA
Image caption උත්සව සමයේ ඉස්තාන්බුල් නුවර සැණකෙළියකට සහභාගී වූ තුර්කි වැසියන්
Image copyright EPA
Image caption අබුඩාබි හි යස් දූපතේ ගිනිකෙළි සංදර්ශනයක්.
Image copyright Reuters
Image caption මොස්කව් නුවරදී උදෑසන යාඥාවට එක් වූ ඉස්ලාම් භක්තිකයන් සහ ඒ අසල පෙළ ගැසී සිටින රුසියානු ආරක්ෂක අංශ සාමාජිකයන්
Image copyright AFP
Image caption උත්සව සමයේ සිරියාවේ සරණාගත දරුවන් වෙත ලැබුණු තෑගි
Image copyright AFP
Image caption බුර්කිනෝ ෆාසෝ හි යාඥා සඳහා එක් වූ මුස්ලිම් භක්තිකයන්

සබැඳි විෂයයන්