මාධ්‍ය ජාල: පවුලම "තමන්ගේ ලෝකවල තනිවෙලා"

Image copyright Getty Images
Image caption "සමාජ මාධ්‍ය ජාලය නිසා ඔවුන් ඔවුන්ගේම ලෝකවල තනිවීමක්"

සමාජ මාධ්‍ය ජාලයේ අතොරක් නැතිව සැරිසැරීම යොවුන් වියේ පසුවන්නන්ගේ නින්ද කෙරෙහි සහ ව්‍යායාම සඳහා කාලය අහිමි වීමෙන් ශාරීරික සෞඛ්‍යය කෙරෙහි අහිතකර බලපෑමක් ඇතිකළ හැකි බව සමීක්‍ෂණයකින් හෙළි වී ඇත.

යොවුන් දරු දැරියන් රාත්‍රී දහයෙන් පසු ජංගම දුරකථන භාවිතයේ යෙදීම නතර කිරීම සඳහා දෙමව්පියන් පියවර ගත යුතු අතර,තම දරුවන් ශාරීරික ක්‍රියාකාරකම් කෙරෙහි යොමු කිරීමෙහිලා දිරිගැන්විය යුතුව ඇතැයි එම සමීක්‍ෂණය සිදුකළ බ්‍රිතාන්‍ය කණ්ඩායම පවසති.

විශේෂයෙන් ම ගැහැණු දරුවන් 'සයිබර්' අවකාශයේ එල්ල කෙරෙන ප්‍රහාරවල ගොදුරු විය හැකි බව පෙන්වා දෙන එම කණ්ඩායම, එමගින් දැරියන් මානසික ආතතියට පත්වීමේ අනතුරක් පවත්නා බවත් කියා සිටිති.

එසේම පිරිමි ළමුන් මානසික ආතතියට පත් කෙරෙන හේතූන් පිළිබඳව වැඩිදුර හැදෑරීම් කළ යුතු බවත් ඉහත කී සමීක්ෂණය මගින් පෙන්වා දෙයි.

එක්සත් රාජධානියයේ තත්වය ගත්විට යොවුන් වියේ පසුවෙන්නන් සෑම දහ දෙනෙකුගෙන් නව දෙනෙක්ම සමාජ මාධ්‍ය ජාලයට පිවිසෙති.

එකී තත්වය එම දරුවන්ගේ මානසික සෞඛ්‍යය සහ ඔවුන්ගේ යහ පැවැත්ම කෙරෙහි බලපාන ආකාරය සම්බන්ධයෙන් බොහෝ මැසිවිලි පළ වෙමින් පවතී.

එහෙත් දිගුකාලීන මට්ටමින් එක්රැස් කරන ලද තොරතුරු දත්තවල ඌනතාවක් පවතින හෙයින් අදාළ කාරණය සම්බන්ධයෙන් පර්යේෂකයන් මේ දක්වා පසුවන්නේ ව්‍යාකූල සාක්ෂි සහිත අවධියකය.

"ලාන්සෙට් - ළමා සහ යොවුන් වියට පිවිසෙන දරුවන්ගේ සෞඛ්‍යය" (The Lancet Child and adolescent Health) සමීක්ෂණය වෙනුවෙන් වසර තුනක කාලයක් සිදු කරන ලද ඉහත කී අධ්‍යයනය සඳහා වයස අවුරුදු 13- 16 අතර වයසේ පසුවෙන දොළොස් දහසකට අධික එංගලන්තයේ පාසල් දරුවන් සහභාගී කරගෙන ඇත. .

Image copyright Getty Images
Image caption "ළමුන් සමාජ මාධ්‍යජාලයේ සැරි සරන කාලය ගැන දැනුවත්වීම දෙමව්පියන්ගේ වගකීමක්"

සමීක්ෂකයන්ගේ විධික්‍රමය

එම සමීක්ෂණයේදී තෝරාගත් පාසල්හි නවවෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන ළමුන්ට මෙවැනි ප්‍රශ්නයක් යොමුකෙරිණි.

"ඉන්ස්ටර්ග්‍රෑම්,ෆේස්බුක්,වට්ස්ඇප්,සහ ට්විටර් වැනි සමාජ මාධ්‍යවලට ඔබ දවසකට කොපමණ වාරයක් පිවිසෙන්නේද?"

(එහෙත් ඔවුන් කොපමණ කාලයක් එහි රැඳී සිටින්නේද? යන ප්‍රශ්නය ළමුන් වෙත යොමු නොකෙරුණි)

ඉහත පැනයට පිළිතුරු සැපයූ පාසල් දැරියන්ගෙන් 51% ක් සහ පිරිමි ළමුන්ගෙන් 43%ක් තමන් දවසකට තුන් වතාවකට වැඩි අවස්ථා ගණනක් සමාජ මාධ්‍ය ජාලයට පිවිසෙන බව කියා සිටියහ.

එම ප්‍රශ්නයම තෝරාගත් පාසල්හි එකොළොස් වෙනි ශ්‍රේණියේ සිසුන්ට යොමු කරන ලද අතර, දවසකට තුන් වතාවකට වැඩි කාලයක් සමාජ මාධ්‍ය ජාලයට පිවිසෙන ගැහැණු ළමුන්ගේ අනුපාතය 75% ක් දක්වා ඉහළ ගිය අතර,පිරිමි ළමුන්ගේ එම අනුපාතය 43% ක මට්ටමේ විය.

එම ළමුන්ම දහවෙනි වසරේ අධ්‍යාපනය ලබද්දී, ඔවුන්ගේ මානසික සෞඛ්‍යය පිළිබඳ ප්‍රශ්නාවලියක් ඔවුන්ට යොමු කරන ලද අතර,සයිබර් අවකාශයේ මුහුණදුන් අතවර, නින්ද සහ ශාරීරික ක්‍රියාකාරකම් පිළිබඳව විමසීමක් එමගින් සිදුකර ඇත.

ඒ අතරම එකොළොස් වැනි වසරේ අධ්‍යාපනය ලබන ළමුන්ගේ සතුටේ මට්ටම,චිත්ත පීඩාවට පත්වෙන ආකාර සහ ජීවිතය සම්බන්ධයෙන් ලබන තෘප්තිය පිළිබඳවත් විමසනු ලැබිණි.සමීක්ෂකයන්ගේ විධික්‍රමය

එම සමීක්ෂණයේදී තෝරාගත් පාසල්හි නවවෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන ළමුන්ට මෙවැනි ප්‍රශ්නයක් යොමුකෙරිණි.

"ඉන්ස්ටර්ග්‍රෑම්,ෆේස්බුක්,වට්ස්ඇප්,සහ ට්විටර් වැනි සමාජ මාධ්‍යවලට ඔබ දවසකට කොපමණ වාරයක් පිවිසෙන්නේද?"

(එහෙත් ඔවුන් කොපමණ කාලයක් එහි රැඳී සිටින්නේද? යන ප්‍රශ්නය ළමුන් වෙත යොමු නොකෙරුණි)

ඉහත පැනයට පිළිතුරු සැපයූ පාසල් දැරියන්ගෙන් 51% ක් සහ පිරිමි ළමුන්ගෙන් 43%ක් තමන් දවසකට තුන් වතාවකට වැඩි අවස්ථා ගණනක් සමාජ මාධ්‍ය ජාලයට පිවිසෙන බව කියා සිටියහ.

එම ප්‍රශ්නයම තෝරාගත් පාසල්හි එකොළොස් වෙනි ශ්‍රේණියේ සිසුන්ට යොමු කරන ලද අතර, දවසකට තුන් වතාවකට වැඩි කාලයක් සමාජ මාධ්‍ය ජාලයට පිවිසෙන ගැහැණු ළමුන්ගේ අනුපාතය 75% ක් දක්වා ඉහළ ගිය අතර,පිරිමි ළමුන්ගේ එම අනුපාතය 43% ක මට්ටමේ විය.

එම ළමුන්ම දහවෙනි වසරේ අධ්‍යාපනය ලබද්දී, ඔවුන්ගේ මානසික සෞඛ්‍යය පිළිබඳ ප්‍රශ්නාවලියක් ඔවුන්ට යොමු කරන ලද අතර,සයිබර් අවකාශයේ මුහුණදුන් අතවර, නින්ද සහ ශාරීරික ක්‍රියාකාරකම් පිළිබඳව විමසීමක් එමගින් සිදුකර ඇත.

ඒ අතරම එකොළොස් වැනි වසරේ අධ්‍යාපනය ලබන ළමුන්ගේ සතුටේ මට්ටම,චිත්ත පීඩාවට පත්වෙන ආකාර සහ ජීවිතය සම්බන්ධයෙන් ලබන තෘප්තිය පිළිබඳවත් විමසනු ලැබිණි.

Image copyright Getty Images
Image caption රාත්‍රී දහයෙන් පසු සමාජ මාධ්‍ය ජාලයට පිවිසීම යොවුන් දරුවන්ගේ නින්දට බාධාවක්

හෙළි වී ඇති කරුණු;

දවසකට තුන් වතාවකට වැඩි වාර ප්‍රමාණයක් සමාජ මාධ්‍ය ජාලයට පිවිසෙන ගැහැණු -පිරිමි දෙපාර්ශ්වයේම ළමුන්ගේ මානසික සෞඛ්‍යය පිරිහී තිබුණ අතර ඔවුන් බරපතල මානසික ආතතියකින් පෙළෙන බව සමීක්ෂණයේ දී හෙළි විය.

තමන් එතරම් සතුටකින් නොසිටි බවත්, පසු අවුරුදුවල වඩාත් චිත්ත පීඩාවන්ට ලක්වූ බවත් පවසන ප්‍රවණතාවක් ගැහැණු ළමුන් තුළින් පෙනී ගියත් පිරිමි ළමුන් ගෙන් එවැනි තත්වයක් දක්නට නොලැබුණි.

සමාජ මාධ්‍ය පරිශීලනය සහ මානසික සෞඛ්‍යය හා යහ පැවැත්ම අතර විශාල සම්බන්ධයක් ඇති බවට සාක්ෂි ඇති බව සමීක්ෂකයෝ පවසති.

ගැහැණු ළමුන් ගත්විට සමාජ මාධ්‍ය ජාලයට අසීමිතව ඇබ්බැහි වීමේ ප්‍රතිවිපාක වන්නේ නින්දට බාධා වීම, සයිබර් අවකාශයේ එල්ල කෙරෙන ප්‍රහාරයන්ට ගොදුරු වීම,සීමාවකට කොටුවීම සහ ව්‍යයාම කිරීමෙන් වැළකීම ආදියයි.

දෙමව්පියන්ගේ කනගාටුව

අප කතා කරන සමීක්ෂණය මෙහෙයවන ලද ලන්ඩන් සරසවියේ(UCL) යොවුන් ශරීර සෞඛ්‍යය පිළිබඳ මාහාචාර්ය රසල් විනර්(Russell Viner) මෙසේ පවසයි.

"තමන්ගේ දරුවන් දිනපතා කොතරම් වෙලාවක් සමාජ මාධ්‍ය ජාලයේ ඉන්නවාද කියන කාරණය අතින් දෙමව්පියන් කණගාටු වෙනවා.ඒත් ඔවුන් කණගාටු විය යුත්තේ තමන්ගේ දරුවන් කොයිතරම් නිදි වරනවද?ඒ වගේම ඔවුන් ශාරීරික ක්‍රියාකාරකම් වලට කොයිතරම් සහභාගී වෙනවද ?කියන කාරණා පිළිබඳවයි. මොකද ? සමාජ මාධ්‍ය ජාලයත් එක්ක ඒ ඔක්කොම නැති වෙලා යනවා"

Image copyright Getty Images
Image caption දවසකට තුන් වතාවකට වැඩි කාලයක් සමාජ මාධ්‍ය ජාලයට පිවිසෙන ගැහැණු ළමුන්ගේ අනුපාතය 75% ක් දක්වා ඉහළ ගිය අතර,පිරිමි ළමුන්ගේ එම අනුපාතය 43% ක මට්ටමේ විය.

සමාජ මාධ්‍ය ජාලය යොවුන් වියේ පසුවෙන්නන් කෙරෙහි යහපත් බලපෑමක් ඇති කිරීමේ ඉඩක් ද ඇතැයි පවසන මහාචාර්යවරයා,එය ළමා ජීවිත කෙරෙහි ප්‍රධාන භූමිකාවක් ඉටු කරන බවත් වැඩි දුරටත් සඳහන් කරයි.

සමාජ මාධ්‍ය ජාලයේ සැරි සැරීම පිරිමි දරුවන්ට සහ ගැහැණු දරුවන්ට ඇති කරන බලපෑමේ වෙනසක් පෙනී යන නමුත්, එසේ වීමට හේතුව තවමත් තේරුම්ගෙන නැති බවත් පර්යේෂණ කණ්ඩායම සඳහන් කර ඇත.

සමාජ මාධ්‍ය නිසා පිරිමි දරුවන් කෙරෙහි ඇති කෙරෙන මානසික බලපෑම කුමක්ද? යන්න පිළිබඳව තවත් විමර්ෂණ සිදුකළ යුතුව ඇති බවත් ඔවුහු පවසති.

සයිබර් ප්‍රහාර

සමාජ මාධ්‍ය ජාලය යොවුන් වියේ පසුවෙන්නන් කෙරෙහි යහපත් බලපෑමක් ඇති කිරීමේ ඉඩක් ද ඇතැයි පවසන මහාචාර්යවරයා,එය ළමා ජීවිත කෙරෙහි ප්‍රධාන භූමිකාවක් ඉටු කරන බවත් වැඩි දුරටත් සඳහන් කරයි.

සමාජ මාධ්‍ය ජාලයේ සැරි සැරීම පිරිමි දරුවන්ට සහ ගැහැණු දරුවන්ට ඇති කරන බලපෑමේ වෙනසක් පෙනී යන නමුත්, එසේ වීමට හේතුව තවමත් තේරුම්ගෙන නැති බවත් පර්යේෂණ කණ්ඩායම සඳහන් කර ඇත.

සමාජ මාධ්‍ය නිසා පිරිමි දරුවන් කෙරෙහි ඇති කෙරෙන මානසික බලපෑම කුමක්ද? යන්න පිළිබඳව තවත් විමර්ෂණ සිදුකළ යුතුව ඇති බවත් ඔවුහු පවසති.

තම දරුවන් සමාජ මාධ්‍ය පරිශීලනය කරන්නේනම්,දෙමව්පියන් ඔවුන් කෙරෙහි ඇස ගසා ගෙන සිටිය යුතුයයි ලන්ඩනයේ ඉම්පීරියල් සරසවියේ ළමා මනෝවිද්‍යාව පිළිබඳ විශේෂඥ ආචාර්ය ඩාෂා නිකොලස් පවසන්නීය.

ළමුන් විශේෂයෙන්ම රාත්‍රී කාලයන්හි විෂමාචාර අන්තර්ගත අන්තර්ජාල වෙබ් අඩවිවලට ඇතුල්වීම වළක්වා ගැනීමට දෙමව්පියන් ප්‍රවේශම් වියයුතු බවත් ආචාර්ය නිකොලස් කියා සිටී.

"සයිබර් අවකාශයේ එල්ල කෙරෙන ප්‍රහාර භයානකයි. ඒකට මුහුණ දෙන්න අපි සූදානම් වෙන්න අවශ්‍යයි" ආචාර්ය ඩාෂා නිකොලස් වැඩි දුරටත් සඳහන් කරන්නීය.

"සයිබර් ප්‍රහාරයක දී ඔබ නිදා සිටින සයනය වුනත් ආරක්‍ෂිත ස්ථානයක් වෙන්නේ නැහැ.ඔබගේ ජංගම දුරකථනය තියෙන්නේ ගෙදර බිම්මහළේ නම් ඔබ සයනයේ සිටියදී සයිබර් ප්‍රහාරයකට ගොදුරු වෙන්නේ නැහැ"

Image copyright Getty Images
Image caption සමාජ මාධ්‍ය ජාලයට වැඩි කාලයක් දීමත් සමඟ ක්‍රීඩාවට තිත තැබීමක් සිදුවෙයි

"පොදුවේ ඩිජිටල් තාක්ෂනය ඔස්සේ ඇති කෙරන නරක ප්‍රතිපල නැති කර ගැනීමට සහ විශේෂයෙන්ම අනතුරුවලට ගොදුරු කරගත හැකි මට්ටමේ පසුවෙන ළමුන් සහ යොවුන් වියේ දරුවන් කෙරෙහි සමාජ මාධ්‍ය නිසා ඇති කෙරෙන නරක ප්‍රතිවිපාක වළක්වා ගැනීමට ගත හැකි මග කුමක්ද යන්න තේරුම් ගැනීම සඳහා තවත් හැදෑරීම් කරන්න අවශ්‍යයි" මනෝ චිකිත්සාව පිළිබඳ රාජකීය විද්‍යාලයේ ළමා සහ යොවුන් දරුවන් පිළිබඳ පීඨයේ ආචාර්ය Louise Theodosiou පවසයි.

"හානිකර බලපෑමකින් තොරව අන්තරජාලය පරිශීලනය සඳහා තවත් සහයෝගය දීම සහ වැදගත් පර්යේෂණ සඳහා අරමුදල් සැපයීම සමාජ මාධ්‍ය ජාල පහසුකම් සපයන සමාගම්වල යුතුකමක්" ආචාර්ය Louise Theodosiou සඳහන් කරයි.

සමාජ මාධ්‍ය ජාල භාවිත කරන පුද්ගලයන් එය වර්ජනය කළහොත්, දරුවන්ගේ අවිනීත ඡායාරූප බෙදාහැරීම වැළැක්වීම සඳහා පියවර ගැනීමට අදාළ සමාගම්වලට බලකෙරෙනු ඇතැයි ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන ඉහළම බ්‍රිතාන්‍ය පොලිස් නිලධාරියකු වූ සයිමන් බේලි (Simon Bailey) ප්‍රකාශ කර තිබුණි.

තමන් විසින් මෙහෙයවනු ලබන සමාජ මාධ්‍ය ජාල ඔස්සේ දරුවන්ගේ අවිනීත ඡායාරූප සංසරණය වීම සම්පූර්ණයෙන්ම "අතුගා දැමීමට" අදාළ සමාගම්වලට හැකියාව තිබෙන බවත් ඔහු පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ වෛද්‍යවරියකගේ උපදේශය

දරුවන් නිතර දෙවේලේ අන්තර්ජාලයේ සැරි සරන්නේ නම් හෝ පරිගණක ක්‍රීඩාවට ලොල් වී සිටින්නේනම් ඒ පිළිබඳව අවධානය යොමු කරන ලෙස මානසික රෝග විශේෂඥ වෛද්‍ය රමණි රත්නවීර උපදෙස් දෙයි

Image copyright RAMANI RATHNAWEERA
Image caption මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රමණි රත්නවීර

මත්පැන් සහ දුම් පානයට ඇබ්බැහි වුවන්ගේ රෝග ලක්ෂණ අන්තර්ජාලයට ඇබ්බැහි වුවන් තුළ ද දැකිය හැකි බවත් වෛද්‍යවරිය පවසන්නීය..

'හුදෙකලාව නිසා පරිගණකයට ඇබ්බැහි වන දරුවාගේ ජීවිතය ඊටත් වඩා භයානක ලෙස හුදෙකලා වෙනවා. දරුවාගේ අධ්‍යාපනය කඩා කප්පල් වී ශරීර සෞඛ්‍යය දුර්වල වී ජීවිතය අඳුරු වෙනවා. මේ ගැන දෙමාපියන් විමසිලිමත් විය යුතුයි. ඇතැම් අය ප්‍රතිකාර පතා දරුවන් රැගෙන අප ළඟට එනවා.' ඇය බීබීසී සිංහල සේවයට ප්‍රකාශ කළාය.

"සමාජ මාධ්‍ය ජාලයට ඇබ්බැහිවීම නිසා පවුල තුළ සාමය සමඟිය නැති වෙනවා. දැන් ජීවන සබඳතා අඩු වෙලා. වැඩිහිටියොත් අන්තර්ජාලයේ තනි වෙලා. ඉස්සර එක වේලක් හරි එකට ඉඳගෙන කෑම කෑවා. දැන් හැමෝම මේ මෙවලම් සමඟ ඔවුන්ගේ ලෝකවල තනි වෙලා" මානසික රෝග විශේෂඥ වෛද්‍ය රමණි රත්නවීර එසේ සමාජය දැනුවත් කරන්නීය.

වැඩිදුර තොරතුරු;