රුසියානු එළදෙනුන්ගේ කාංසාව නැසීමට 'වර්චුවල් රියැලිටි' උපාංග

කිරි එළදෙනුන්ගේ කාංසාව අවම කිරීමේ උපායක් ලෙස 'වර්චුවල් රියැලිටි' (virtual reality) උපාංග හිසට සවි කිරීමට රුසියාවේ ගොවිපොළක් ක්‍රියා කර තිබේ.
"එළදෙනුන්ගේ හිසේ ව්‍යුහාත්මක ලක්ෂණවලට" අනුව මෙම වර්චුවල් රියැලිටි උපාංග නිර්මාණය කර ඇති අතර, "ග්‍රීෂ්ම සෘතුවේ තෘණ භූමී ඇතුළත් වැඩසටහනක්" මෙයට ඇතුළත් කර තිබේ.
එළදෙනුන්ගේ ශරීරයේ කිරි නිපදවෙන ප්‍රමාණය සහ ඔවුන්ගේ මානසික මට්ටම අතර සම්බන්ධයක් ඇති බව මොස්කව්හි කෘෂිකර්ම සහ ආහාර අමාත්‍යාංශය කළ පර්යේෂණයකින් හෙළි වී ඇත.
මූලික පරීක්ෂණවලදී "එළදෙනුන්ගේ මානසික මට්ටම ඉහළ නැංවුණ" බව වාර්තා වේ.
අමාත්‍යංශයේ ප්‍රකාශයට අනුව පළමු පරීක්ෂණය පවත්වා ඇත්තේ මොස්කව්හි 'රමෙන්ස්කි' දිස්ත්‍රික්කයේ 'රුස්මලකෝ' (RusMoloko) ගොවිපොළෙහිය.
"විවිධ රටවල පිහිටි කිරි ගොවිපොළවලින් ලබාගත් උදාහරණ අනුව පෙනී යන්නේ ශාන්ත පරිසරයක් තිබීම නිසා කිරි ප්‍රමාණය මෙන්ම එහි තත්වය ඉහළ යන බව," යැයි එම ප්‍රකාශයේ සඳහන් වී තිබිණි.
මෙම වැඩසටහනේ බලපෑම පිළිබඳව පර්යේෂකයන් දීර්ඝ කාලීන අධ්‍යයනයක යෙදෙනු ඇත. පරීක්ෂණවලින් ධනාත්මක ප්‍රතිඵල ලැබුණහොත් මෙම වැඩසටහන ව්‍යාප්ත කිරීම නිර්මාණකරුවෝ අපේක්ෂා කරති.