කොරෝනා වෛරසය පැතිරවීම සම්බන්ධයෙන් පූජකවරයෙක් සමාව ඉල්ලයි

ඡායාරූප මූලාශ්‍රය, EPA
පූජකවරයා දණින් වැටී සමාව ඉල්ලා සිටි ආකාරය
කොරෝනාවෛරසය පැතිර යාමත් සමඟ බලධාරීන්ගේ අවධානයට ලක් වූ දකුණු කොරියානු කිතුනු ආගමික නිකායක ප්‍රධානියෙක් එම වසංගතය පැතිර යාම සම්බන්ධයෙන් ජාතියෙන් සමාව අයැද සිටියේය.
එලෙස දණින් වැටී ජාතියෙන් සමාව ඉල්ලන ලද්දේ දකුණු කොරියාවේ ෂින්චන්ජී (Shincheonji) නම් ජේසු නිකායේ ප්‍රධානී ලී මන්-හී (Lee Man-hee) විසිනි.
දකුණු කොරියාව තුළ කොරෝනාවෛරසය ආසාදිත 4,000 අධික සංඛ්‍යාවක් සිටින බව දැනට තහවුරු කොට ඇති අතර, ඔවුන්ගෙන් 60% ක්ම ඉහත කී ෂින්චන්ජී (Shincheonji) ජේසු නිකායේ සාමාජිකයන් යයි හඳුනා ගනු ලැබ ඇත.
චීනයෙන් පිටත කොරෝනාවෛරසය ආසාදිත රෝගීන් වැඩියෙන්ම වාර්තා වී ඇති රට දකුණු කොරියාවයි. සඳුදා (මාර්තු 02) වන විට දකුණු කොරියාවෙන් තවත් ආසාදිත පුද්ගලයන් 476 දෙනෙකු හඳුනා ගනු ලැබ ඇත.
ඒ සමඟ එරටින් වාර්තා වූ සමස්ත කොරෝනාවෛරස් රෝගීන් සංඛ්‍යාව 4,212 බවට පත් විය. මේ වන විට එරටින් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 27 කි.
කොරෝනාවෛරසය සහමුලින්ම නොතකා කටයුතු කිරීම සම්බන්ධයෙන් ලී මන්-හී (Lee Man-hee) පූජකවරයාට එරෙහිව චෝදනා ඉදිරිපත් කළ හැකි තත්ත්වයක් තිබේදැයි යන්න සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස නීති නිලධාරීන්ට දැනුම් දී ඇති බවක් ද වාර්තා වෙයි.
"මෙය හිතාමතාම සිදුකළ දෙයක් නොවුනත්,බොහෝ දෙනෙකුට වෛරසය ආසාදනය වී තිබෙනවා" අසූ අට හැවිරිදි ලී මන්-හී (Lee Man-hee) පූජකවරයා පවසයි.
"අපි උපරිම උත්සාහය ගත්තා. ඒත් වෛරසය පැතිරීම වළක්වා ගන්න බැරි වුණා"
ඡායාරූප මූලාශ්‍රය, Getty Images
කොරෝනා වෛරසය නිසා දකුණු කොරියාවේ වාර්තා වූ මරණ සංඛ්‍යාව විසිහයක් බව සඳුදා වාර්තා කෙරිණ
ඩෑගූ' (Daegu) නම් දකුණු නගරයේ වෛරසය ආසාදිත යයි තහවුරු කරනු ලැබ ඇති 3,081 පුද්ගලයන් අතරින් 73% ක් එම නගරය අසල ක්‍රියාත්මක වෙන ෂින්චන්ජී (Shincheonji) ජේසු නිකායේ දේවස්ථානයට සම්බන්ධ වූවෝ වෙති.
සෝල් අගනුවර පුරපතිවරයා තම නගරයේ පදිංචි කෝටියක් පමණ වූ ජනයාට සිය නිවෙස්වල සිට වෘත්තීන්හි නිරත වෙන ලෙස දැනුම් දී ඇති අතර, ජනාකීර්ණ ස්ථානයන්හි නොගැවසෙන ලෙස උපදෙස් දෙයි.
ෂින්චන්ජී (Shincheonji) ජේසු නිකාය කෙරෙහි අවධානය යොමුවෙන්නේ කුමක් නිසාද?
ෂින්චන්ජී (Shincheonji) කිතුනු ආගමික නිකායේ සාමාජිකයන් අතර එකිනෙකාට වෛරසය ආසාදනය වී ඇති බවත්, එම තත්ත්වය අධීක්ෂණය නොවූ තත්ත්වයක් යටතේ ඔවුන් රට පුරා සංචාරය කර ඇති බවත් විශ්වාස කෙරෙයි.
ඒ අතරම, එම නිකාය සිය සාමාජිකයන්ගේ නම් රහසිගතව තබා ගන්නා හෙයින්, වසංගතය හසුකර ගැනීම දුෂ්කර වීමට එය හේතු වූ බවටත් චෝදනා එල්ල වෙයි.
එහෙත්, ෂින්චන්ජී (Shincheonji) නිකායේ ප්‍රකාශක කිම් ෂින්-චෑන් (Kim Shin-chang) බීබීසියට අදහස් දක්වමින් සිය සංවිධානයේ සාමාජිකයන්ගේ ,ශිෂ්‍යයන්ගේ සහ ගොඩනැගිලි පාලකයන්ගේ නම් ලැයිස්තුවක් බාධාරීන්ට භාරදුන් බව කියා සිටියේය.
"මේ තොරතුරු ප්‍රකාශයට පත් කිරීමට සිදුවීම ගැන අපි කනගාටු වෙනවා. මොකද? ඔවුන්ගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්න මතු වෙන නිසා" ෂින්චන්ජී (Shincheonji) නිකායේ ප්‍රකාශක කිම් ෂින්-චෑන් සඳහන් කළේය.
ඡායාරූප මූලාශ්‍රය, AFP
වෛරසයෙන් බේරීම සඳහා යත්න දරන ජනතාව
ලී මන්-හී (Lee Man-hee) පූජකවරයා, තමා ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ"දෙවැනි සම්ප්‍රාප්තිය" ලෙස හඳුන්වා ගනියි.
එපමණක් නොව, තමාත් සමඟ තවත් 144,000ක් ජනතාව ස්වර්ගයට සැපත් කරන්නා වූ බයිබලයේ සඳහන් "පොරොන්දුවේ දේවගැතිවරයා"("the promised pastor") ලෙසත් ඔහු තමා හඳුන්වයි.
ෂින්චන්ජී (Shincheonji) කිතුනු සභාව දකුණු කොරියාව තුළ සහ කිතුනු ප්‍රජාව අතර 'නිකායක්' හැටියට හංවඩු ගසා ඇතැයි නිකායේ ප්‍රකාශක කිම් ෂින්-චන් (Kim Shin-chang)පවසයි.
එහි ප්‍රතිවිපාකයක් වශයෙන් තම කණ්ඩායම නිතරම වෙනස්කම් කිරීමවලට ගොදුරු වෙන අතර, විවේචනයට එසේත් නැත්නම් වධ හිංසාවන්ට පවා ලක්වෙන බවත් ඔහු බීබීසියට කියා සිටියේය.
කියවන්න;