කොරෝනා වෛරස්: බ්‍රසීලයේ මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

ඡායාරූප මූලාශ්‍රය, ANADOLU AGENCY/GETTY
රියෝ හි ප්‍රසිද්ධ වෙරල තීරයක් වන Copacabana වැල්ලේ සිටවූ කුරුස මත රඳවා තිබුණු රතු බැලුන දහසක් ගුවනට මුදා හැරිණ
කොවිඩ් 19 රෝගයට ගොදුරු වී බ්‍රසීලයේ ලක්‍ෂයකට අධික පිරිසක් මිය ගොස් ඇති බව එරට නිල වාර්තා සඳහන් කරයි.
මේ අනුව, කොරෝනාවෛරස් වසංගතය හේතුවෙන් වැඩිම පිරිසක් මිය ගිය රටවල් අතර දෙවැනි ස්ථානයේ සඳහන් වන්නේ බ්‍රසීලයයි. බ්‍රසීලයේ සංඛ්‍යා ලේඛනය දෙවැනි වන්නේ ඇමරිකා එක්සත් ජනපදයට පමණි.
මාස තුනක් ඇතුළත එරට 50,000ක් මිය ගිය අතර එම සංඛ්‍යාව දෙගුණයකින් ඉහළ යාමට ගත වූයේ දින 50ක් පමණි.
මේ වන විට බ්‍රසීලයෙන් වාර්තාවන ආසාදිතයන්ගේ ගණන ද ලක්ෂ තිහකට අධිකය.
කොරෝනාවෛරස් වසංගතය බ්‍රසීලය පුරා පැතිරයමින් පැවතුන ද කඩ සාප්පු සහ අවන්හල් නැවත විවෘත කෙරින.
බ්‍රසීලයේ අන්ත දක්ෂිණාංශික ජනාධිපති ජයීර් බොල්සොනාරෝ ලොක්ඩවුන් සීමා පැනවීමට විරෝධය දැක්වීම සහ ආර්ථිකය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම විශාල වශයෙන් මතභේදයට තුඩු දී ඇත.
ජනාධිපතිවරයාට ද කොරෝනාවෛරසය ආසාදනය වීමෙන් අනතුරුව ඔහු සුවය ලැබීය. ඊට පෙර ඔහු මුහුණු ආවරණයකින් තොරව ජනතාව අතර ගැවසෙන ආකාරය දක්නට ලැබිණ.
මෙම වසංගතය පාලනය කිරීම සඳහා ජයීර් බොල්සොනාරෝ ගේ ආණ්ඩුව සතුව මනා සැලැස්මක් නොතිබුණු බවට විශේෂඥයෝ චෝදනා කරති.
මේ වන විට පළාත් පාලන අධිකාරීන් ගේ අවධානය යොමු වී ඇත්තේ නැවත ආර්ථිකය විවෘත කිරීම දෙසට ය.
ඡායාරූප මූලාශ්‍රය, Reuters
බ්‍රසීලයේ අන්ත දක්ෂිණාංශික ජනාධිපති ජයීර් බොල්සොනාරෝ
බ්‍රසීලයේ සෞඛ්‍ය අමාත්‍යංශයට නායකත්වය ලබා දෙන්නේ මහජන සෞඛ්‍යය පිළිබඳව දැනුමක් නොමැති හමුදා ජනරාල්වරයෙකි. මීට පෙර සිටි සෞඛ්‍ය ඇමතිවරුන් දෙදෙනාම වෛද්‍යවරුන් ය.
පළමු වෙනියා ජනාධිපතිවරයා විසින් ඉවත් කරන ලද අතර ජනාධිපතිවරයා සමග එකඟ නොවීම නිසා දෙවැන්නා සිය ධුරයෙන් ඉල්ලා අස් විය.
ජනාධිපති බොල්සොනාරෝ මෙම වසංගතය හැඳින්වුය් "පුංචි හෙම්බිරිස්සා උණක්" ලෙසිනි. මැලේරියා රෝගයට ලබා දෙන ඖෂධයට ස්තුතිවන්ත වන්නට තමන් ද එම ආසාදනයෙන් සුවය ලැබූ බව හෙතෙම පැවසීය.
"ලෝක යුද්ධයක් වගෙයි"
කෝවිඩ් 19 වසංගතය පිළිබඳව දැක්වූ මෙම ප්‍රතිචාරය හේතුවෙන් බ්‍රසීල ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝට දෙස් විදෙස් විවේචන එල්ල විය.
"අපට ජීවත් වන්නට වෙලා තියෙන්නේ කිසිම බලාපොරොත්තුවක් නොමැතිව. මේ ඛේදවාචකය ලෝක යුද්ධයක් වගෙයි. ඒත් මුළු බ්‍රසීලයම නිර්වින්දනය කරලා වගේ තියෙන්නේ." බෝවන රෝග පිළිබඳ සංසදයේ ජ්‍යෙෂ්ඨ සාමාජික වෛද්‍ය ජොසේ දාවි උර්බෙස්, රොයිටර් පුවත් සේවයට පැවසීය.
"ආණ්ඩුව අද දෙන පණිවිඩය තමයි 'කොරෝනාවෛරසයට හසු වන්න - එය බරපතල වුනොත් අධිසත්කාර ඒකකය තියෙනවා' කියන එක. අද අපේ ප්‍රතිපත්තිය බවට පත්වෙලා තියෙන්නේ එයයි."
ඡායාරූප මූලාශ්‍රය, EPA
බ්‍රසීලයේ කොරෝනා වෛරස් උවදුරෙන් තදින්ම බලපෑමට ලක් වූවන් අතර ආදිවාසී ප්‍රජාව ද වෙති
බ්‍රසීලය තුළ කොරෝනාවෛරස් ආසාදිතයන් 3,012,412ක් සිටින බවත් කෝවිඩ් 19 වැළඳී මිය ගිය සංඛ්‍යාව 100,477ක් බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ නිල වාර්තා සඳහන් කර ඇති නමුත් සැබෑ සංඛ්‍යාව මීට වඩා විශාල ප්‍රමාණයකින් වැඩි විය හැකි බව විශ්වාස කෙරේ.
ඊට හේතුව ප්‍රමාණවත් මට්ටමකින් වෛද්‍ය පරීක්ෂණ සිදු නොවීමයි. දැනටමත් මෙම සංඛ්‍යා දෙවැනි වන්නේ එක්සත් ජනපදයට පමණි.
රටේ දකුණු සහ බටහිර පෙදෙස්වලින් වාර්තාවන ආසාදිතයන්ගේ ප්‍රමාණය පසුගිය සති කිහිපය තුළ ඉහල යාමට පටන් ගත් අතර වැඩිම ජනගහනයක් වෙසෙන සාඕ පවුලෝ නගරයේ තත්වය තරමක් හොඳ අතට හැරෙමින් පැවතුනි.
මීට පෙර ආසාදිතයන් බහුලව වාර්තා වූ රියෝ ද ජෙනේයිරෝ ප්‍රදේශයේ තත්වය ද යහපත් වෙමින් පවතිද්දී මෙම සතිය ආරම්භයේ එම නගරයේ අවන් හල් සහ වෙරළ තීරය ජනයාගෙන් ඉතිරී ගොස් ඇති ආකාරය දැක්වෙන ඡායාරූප පළවී තිබුණි.
රතු බැලුන දහසක්
වසංගතයට ගොදුරු වී මියගියවුන් සිහිපත් කිරීම සඳහා පසුගිය සෙනසුරාදා රියෝ හි ප්‍රසිද්ධ වෙරල තීරයක් වන Copacabana මත වැල්ලේ සිටවූ කුරුස මත රඳවා තිබුණු රතු බැලුන දහසක් ගුවනට මුදා හැරිණ. මෙය සංවිධානය කර තිබුනේ එරට රාජ්‍ය නොවන සංවිධානයකි.
මෙම අවස්ථාවට සහභාගි වූ කුලී රථ රියදුරෙකු වන 56 හැවිරිදි මාර්සියෝ දෝ සිල්වා Associated Press පුවත් සේවයට කියා සිටියේ "මරණය සාමාන්‍ය දෙයක් බවට පත් වී" ඇති බවය.
මෙම වසංගතයට ගොදුරු වීම හේතුවෙන් ඔහුගේ දරුවන් ඔහුට අහිමි වී ඇත.
එරට සිටින කළු ජාතිකයන්ට සහ දිළිඳු ජන කොට්ඨාශ වලට මෙම වෛරසයෙන් දැඩි පීඩා ගෙන දී තිබේ.
එමෙන්ම ආදිවාසී ජනයා අතර තවමත් මෙය පැතිරෙමින් ඇති බවට බිය පළ වී ඇත. අඩු තරමින් ආදිවාසීන් 22,300කට මේ වන විට මෙය ආසාදනය වී ඇති අතර 633 දෙනෙකුවත් මිය ගොස් ඇතැයි බ්‍රසීලයේ ආදිවාසීන් නියෝජනය කරන ප්‍රධාන සම්මේලනය වන Apib පැවසීය.
බ්‍රසීලයේ සෙනෙට් සභාවේ කතානායකවරයා විසින් දින හතරක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති නමුත් ජනාධිපතිවරයා මෙතෙක් ඒ පිළිබඳව කිසිවක් ප්‍රකාශ කර නොමැත.
මෙම සතිය ආරම්භයේ දී ඔහු කියා තිබුණේ සිදුවූ මරණ පිළිබඳව තමන් කනගාටු වන නමුත් "අපගේ ජීවිත ඉදිරියට ගෙන යායුතු" බවය.