කොරෝනා සහ පාසල්; අවුරුදු සීයකට පෙර වසංගතයකින් බේරීමට එළිමහන් පාසල් යොදාගත්තේ කෙලෙසද?

  • පෝලා අඩමෝ ඉඩොටා
  • BBC බ්‍රසීල සේවය
Open-air schools in New York

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය,

නිව්යෝර්ක් නගරයේ එළිමහන් පාසලක දර්ශනයක්- එය දරුණු ශීත සමයක් වුනත් දරුවෝ ශීතල නොතකා අකුරු කරති

මාරක කොරෝනා වසංගතය සඳහා එන්නතක් සාර්ථකව නිපදවා ගැනීමට තවමත් නොහැකි වී ඇත. වසංගතය දිගටම පැතිර යමින් පවතින නමුත් ඒ අතරවාරයේ පාසල් දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් නොවන මට්ටමින් පවත්වා ගැනීම සඳහා ඔවුන් යළි පාසල් කරා ගෙන්වා ගැනීම ගැටළුවක් බවට පත්ව ඇත.

ලෝකය මීට සමාන උභතෝකෝටිකයකට මෙයින් වසර සීයකට පෙරත් මුහුණ දී ඇත. ඒ මාරක ක්ෂයරෝගය ලෝකය පුරා පැතිරයමින් තිබුණ වකවානුවයි.

ව්‍යාධීන් පාලනය සහ වැලැක්වීම භාර එක්සත් ජනපද ආයතනය (CDC) පවසන පරිදි, විසිවෙනි සියවසට ලෝකය පියනැගීමත් සමඟ පැතිර ගිය ක්‍ෂයරෝග වසංගතයේ දී ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ යුරෝපයේ ජනයාගෙන් සෑම හත්දෙනකුගෙන් එක් තැනැත්තකු මරණයට පත්ව ඇත. ක්‍ෂයරෝගය සඳහා එන්නතක් සොයාගැනීමට 1921 වර්ෂය තෙක් බලා සිටීමට සිදු වූ අතර, එය ලෝකය පුරා සැපයීමට තවත් වසර ගණනාවක් ගතව ඇත. එවැනි පරිසරයක් යටතේ ළමුන්ගේ අධ්‍යාපනය යළි ආරම්භ කරනු ලැබීම සඳහා විසඳුමක් ලෙස පෙනීගියේ එළිමහනේ පන්ති පැවැත්වීමය.

ඡායාරූප මූලාශ්‍රය, Revista Brasileira de Ed Física/Reprodução

ඡායාරූප ශීර්ෂ වැකිය,

එළිමහන් පාසල් අධ්‍යාපනය පිළිබඳ අදහස ආරම්භවුනේ ජර්මනියේ සහ බෙල්ජියමෙහිය.එහි පළමු ජාත්‍යන්තර සමුළුව 1922 දී පැරිස් නගරයේ පවත්වා ඇත

එම එළිමහන් පන්ති පැවැත්වීමේ දී එහාමෙහා ගෙනයා හැකි ඩෙස් - බංකු පන්ති කාමරවලින් පිටත එළිමහනට ගෙනයනු ලැබෙයි. ගස්යට වැනි ස්ථානයක පන්ති කාමරය හදා ගන්නා ගුරුවරු ඉගැන්වීමේ නිරතවෙන අතර ශිෂ්‍යයෝ විද්‍යාව, භූගෝලවිද්‍යාව එසේත් නැත්නම් කලාව ආදිය සොබාදහම නිරීක්ෂණය කරමින් හදාරති.

එම එළිමහන් පාසල් අධ්‍යාපනය වැඩපිළිවෙලක මට්ටමින් ලෝකය පුරා පැතිරයාමට පෙර ඒ පිළිබඳ අදහස 1904 වසරේ දී ඉදිරිපත්ව තිබෙන්නේ ජර්මනියේ සහ බෙල්ජියමෙහිය. එළිමහන් අධ්‍යාපන සංවිධානයේ (League for Open Air Education) පළමු ජාත්‍යන්තර සමුළුව 1922 දී පැරිස් නගරයේ පවත්වා ඇත.

ඇමෙරිකා එක්සත් ජනපදයේ එළිමහන් පාසල් 1907 වසරේ ආරම්භ කර ඇත. 'ද නිව්යෝර්ක් ටෛම්ස්' වාර්තාකරණ පරිදි, 'රොඩ් අයිලන්ඩ්'හි (Rhode Island) වෛද්‍යවරුන් දෙදෙනකු විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් අනුව, නගරයේ කිසිවකු පදිංචි නැති ඉඩ අවකාශයන් තෝරාගනිමින් එම එළිමහන් පාසල් ආරම්භ කෙරුණි.

ඊළඟ අවුරුදු දෙක තුළ එවැනි පාසල් හැටපහක් (65)ආරම්භ කරනු ලැබ ඇත. එම එළිමහන් පාසල් සඳහා තෝරාගනු ලැබ තිබුණේ පාළු ගොඩනැගිලි, උස ගොඩනැගිලිවල විවෘත මුදුන් තට්ටු ආදියයි. එපමණක් නොව, අත්හැර දමනු ලැබ තිබුණ බෝට්ටු ආදියත් පන්ති කාමර බවට පත්කර ගෙන තිබුණි.

සිරුර සහ මනස

ඡායාරූප මූලාශ්‍රය, Revista Brasileira de Ed Física/Reprodução

ඡායාරූප ශීර්ෂ වැකිය,

ළමා ව්‍යාධීන් අතර ප්‍රධාන ගැටළුව වී තිබුණේ 'රක්තහීනතාව(anaemia)මන්ද පෝෂණය සහ ක්‍ෂයරෝගයයි

ඡායාරූප මූලාශ්‍රය, Revista Brasileira de Ed Física/Reprodução

ඡායාරූප ශීර්ෂ වැකිය,

බ්‍රසීලයේ 'EAAL' වැනි එළිමහන් පාසල්වල ඉලක්කය වුණේ ළමුන්ගේ ශාරීරික සහ මානසික ශක්තිය ශක්තිමත් කිරීමය

කොරෝනා වසංගතය (Covid-19) සහ ක්‍ෂයරෝගය (tuberculosis) අතර වෙනස ක්‍ෂයරෝගය වාතය මගින් බෝවෙන ව්‍යාධියක් වීමය. ආසාදනයට ලක්ව සිටින තැනැත්තෙක් ප්‍රශ්වාස කරනු ලැබීමේ දී ක්‍ෂයරෝගකාරක බැක්ටීරියාව පැය කීපයක්ම වාතයේ රැඳී පැවතිය හැකි අතර එය තවත් කෙනෙකු ආශ්වාස කිරීමෙන් ඔහුට ද එය බෝවිය හැකැයි ව්‍යාධීන් පාලනය සහ වැලැක්වීම භාර එක්සත් ජනපද ආයතනය(CDC) පෙන්වා දෙයි.

Covid 19 බෝවෙන ආකාරය ඊට වඩා වෙනස් ස්වභාවයක් ගනියි.

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පවසන පරිදි, නිරෝගී පුද්ගලයකු කොරෝනා වසංගතයට ගොදුරුවන්නේ ආසාදිත රෝගියකුගේ කෙළ බිඳු (droplets) වලිනි. එය බිඳිති කතාකිරීම කැස්ස හෝ කිවිසුම් මගින් ආසාදිතයා කෙරෙන් නිකුත්විය හැකිය.

ආසාදිතයා විසින් ස්පර්ශකරන ලද භාණ්ඩයක් හෝ ස්ථානයක් සෘජුව ස්පර්ශවීමෙන් ද Covid 19 වෛරසය තවත් තැනැත්තකුට ආසාදනය වීමේ ඉඩක් පවතී. එපමණක් නොව, වාතයේ රැඳී පවතින ඉතාකුඩා අංශු පැතිරීමෙන් ද කොරෝනා වසංගතය බෝවිය හැකිබව මෑතදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පිළිගනු ලැබ ඇත.

"රක්තහීනතාව (anaemia) සහ මන්ද පෝෂණය සමඟ ක්‍ෂයරෝගය ළමා ව්‍යාධීන් අතර ප්‍රධාන ගැටළුව වී පැවතුනැයි,' සාඕ පවුලෝ ෆෙඩරල් සරසවියේ (Unifesp) සහාය මහාචාර්ය අන්ද්‍රේ ඩල්බි (Andre Dalben) පවසයි.

ඔරොත්තු නොදෙන මට්ටමේ රාශීභූතවීම් සහිත, ළමා සෞඛ්‍යයට හිතකර නොවන ස්ථානවලින් දරුවන් ඉවත්කරනු ලැබීමේ ක්‍රියාවලිය, ඔවුන් සොබාදහම සමඟ සම්බන්ධ කිරීමක් මෙන්ම, එළිමහන් පාසල් ක්‍රමය නිසා ළමුන්ගේ අධ්‍යාපන අවශ්‍යතාව මෙන්ම ඔවුන් ලෙඩරෝගවලට ඔරොත්තුදීම අතින් ශක්තිමත් කිරීමක් ද විය.

'නව පරමාදර්ශයන්'

ඡායාරූප මූලාශ්‍රය, Revista Brasileira de Ed Física/Reprodução

ඡායාරූප ශීර්ෂ වැකිය,

සමාජය සහ අධ්‍යාපනය පිළිබඳ නව අදහස් පෙරට පැමිණි සමයක එළිමහන් පාසල් ජනප්‍රියව තිබුණි

"ලෝක මහා සංග්‍රාම දෙක අතරවාරයේ එළිමහන් පාසල් පැතිරයාම සමාජය පිළිබඳ නව අදහස් මෙන්ම අධ්‍යාපනයේ සංවර්ධනයට ද හේතුවූ බව සාඕ පවුලෝ (USP) සරසවියේ අධ්‍යාපන ඉතිහාසය පිළිබඳ මහාචාර්ය ඩයනා විඩල් (Diana Vidal) පෙන්වා දෙන්නීය.

1916 පටන් 1920 සහ 1930 අවුරුදුවල බ්‍රසීලයේ පැවති එළිමහන් පාසල් කීපයක වාර්තා මහාචාර්ය ඩල්බි විසින් සොයාගනු ලැබ ඇත.

සාඕ පවුලෝ නගරයේ එළිමහන් පාසලේ (Escola de Aplicação ao Ar Livre/ EAAL) පාඩම් නගරයේ 'Agua Branca' හරිත උයනෙහි පවත්වා ගෙනගොස් ඇත. අසල පිහිටි ගොඩනැගිල්ලකට ගෙනයන තෙක් එම පාසල 1939 පටන් 1950 තෙක් පවත්වා තිබේ.

මෙම ලිපියෙහි ඇතුළත් ඓතිහාසික වටිනාකමක් සහිත සියළු පින්තූර මගින් එම එළිමහන් පාසලේ පාඩම් සහ අධ්‍යයන පරිසරය පෙන්නුම් කෙරෙයි.

ඡායාරූප මූලාශ්‍රය, Revista Brasileira de Ed Física/Reprodução

ඡායාරූප ශීර්ෂ වැකිය,

'සාඕ පවුලෝ' නගර නිලධාරීන් බ්‍රසීලයේ 'EAAL' එළිමහන් පාසල ආදර්ශ පාසලක් ලෙස සලකා ඇති බව ඓතිහාසික පර්යේෂණ මගින් පෙන්වා දෙයි

අවට නිවැසි ඉහල පංතියට අයත් පවුල්වල සිසුන් ද පැමිණි එම පාසල විශේෂ ස්ථානයක් බවට පත්විය. ඇතැම් කාලයන්හි එම පාසලේ සිසුන් 350ක් පමණ අධ්‍යාපනය ලබා ඇති අතර, තවත් ළමුන්ට පොරොත්තු ලේඛනයේ ගතකිරීමට පවා සිදුව ඇත.

සාඕ පවුලෝ නාගරික නිලධාරීන් විසින් එම එළිමහන් පාසල "අධ්‍යාපන ආදර්ශයක්" ලෙස සලකා ඇත. "එය සාම්ප්‍රධායික පාසල්වලින් වෙනස් නොවූ" බව මහාචාර්ය ඩල්බි (Prof. Dalben) පවසයි.

"මම එම පාසලේ අධ්‍යාපනය ලබා ඇති පැරණි ශිෂ්‍යයන්ට කතා කළා. ඔවුන් දැන් ඉන්නේ වයස අවුරුදු අසූ ගණන්වල. ඔවුන් සඳහන් කළා- ගුරුවරුන් ඉතාම තදින් කටයුතු කළ බව. ඉතින් එළිමහන් පාසලේ කටයුතු කර ඇති ආකාරය වෙනත් පාසල්වලින් වෙනස් නොවෙන්න පුළුවන්."

මහාචාර්ය ඩල්බි එළිමහන් පාසල් පිළිබඳ අත්දැකීම උපමා කරන ලද්දේ "පෙනී නොපෙනී යන වල්ගා තරුවකට" ය. ඔහු සඳහන් කරන එළිමහන් පාසල් සම්ප්‍රදායත් 1960 දශකයේ දී මැලවී ගොස් ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Revista Brasileira de Ed Física/Reprodução

ඡායාරූප ශීර්ෂ වැකිය,

පළමු ලෝක මහා සංග්‍රාමයෙන් පසු,සාමය නංවාලීම සහ සමාජයට උපකාරීවීම අතින් එළිමහන් පාසල්වලට ඉලක්කයක් පැවති බව මහාචාර්ය විඩල් පවසයි

ඉන් අනතුරුව, පාසල් කර්මාන්තශාලා ආකෘතියක් වැළඳගන්නා ලද බව මහාචාර්ය විඩල් සඳහන් කරයි. ඒවා පටන්ගැනීමේ සහ අවසන් කිරීමේ නිශ්චිත වේලාවන් සහිත, සම්පත් වැඩියෙන් පාවිච්චි කරනු ලැබීමේ අරමුණෙන් සමාන ඉඩකඩක් ඇතුළත හැකිතාක් බොහෝ සිසුන් සංඛ්‍යාවකට පහසුකම් සලසනු ලබන පාසල් වූ බව මහාචාර්ය විඩල් පෙන්වා දෙයි.

එහෙත් දැන් අලුත් අධ්‍යයන මගින් පෙන්වාදෙන්නේ, එළිමහනේ රැඳීසිටීම මගින් Covid-19 කෙනෙකුගෙන් තවත් කෙනෙකුට බෝවීමට ඇති ඉඩකඩ සැලකිය යුතු මට්ටමින් අවම බවය. ඒ අනුව එළිමහන් පාසල් පිළිබඳ අදහස යළි සැලකිල්ලට ගත යුතුව ඇතැයි පර්යේෂකයන් දෙදෙනාම විශ්වාස කරති.

එළිමහන් පාසල් වීරයන්

හිමශිඛර සහිත 'හිමාලය' කඳුවැටිය සිය පසුබිම කරගත් කාශ්මීර ශිෂ්‍යයෝ එළිමහනේ අකුරු උගනිති.

එළිමහන් පාසල් ඉන්දියානු පාලනය සහිත කාශ්මීරයේ දරුවන්ට දැනටමත් විසඳුමක් වී ඇත.

එළිමහන් අධ්‍යාපනය අතින් සිංගපූර් වසර ගණනාවක් තිස්සේ වාර්තාවක් තබා ඇත.එහි එවැනි පියවරක් ගනු ලබන්නේ නව පුරවැසි පරපුර ශාරීරික සහ මානසික වශයෙන් ශක්තිමත් කිරීමේ මාර්ගයක් වශයෙනි.

ඡායාරූප ශීර්ෂ වැකිය,

කොරෝනා වසංගත සමයෙහි ළමුන් පාසල්වලට ආරක්ෂාකාරීව යළි පැමිණීමේ විධික්‍රමයක් වශයෙන් එළිමහනේ ඉගෙනීමට දිරිදීමක් සිදුකෙරෙයි

වනගැබ පිහිටි පාසල් ෆින්ලන්තයේ ඉතා ජනප්‍රියව ඇත. ෆින්ලන්තය වනාන්තර සහ සොබාදහම ඔවුන්ගේ සංස්කෘතියේ නාභිය ලෙස රැකගනු ලබන සමාජයකි..

ඩෙන්මාර්ක්හි එළිමහන් පාසල් දිනයක් නම්කරනු ලැබ තිබෙන්නේ "උදේ ඉස්කෝලෙ" (udeskole) යනුවෙනි. අඛණ්ඩ රාමුවක් තුළ බොහෝ පාසල් සහ ගුරුවරු "උදේ ඉස්කෝලෙ" ට සහභාගි වෙති. කොරෝනා වසංගතය මැද තවදුරටත් එම භාවිතය දිරිගැන්විය හැක්කේ කෙසේද යන්න සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කරන ලෙස ඩෙන්මාර්කය ඉල්ලා සිටියි.

එළිමහන් පාසල් අධ්‍යාපනය මගින් සිසුන් සොබාදහම සමඟ සම්බන්ධවීමට අමතරව, ඔවුන් අතර සහයෝගීතාවය, ශාරීරික චර්යාවේ වර්ධනයක් මෙන්ම සංවේදීභාවයේ වර්ධනයක් ද සිදුවන බව මහාචාර්ය විඩල් පවසයි.

එසේම එම අධ්‍යාපනයේ දී ගුරුවරුන්, පාඩම්වල අන්තරගතය ඉගැන්වීමේ නිරතවීමේ ස්වයංක්‍රීය තත්වයෙන් ඔබ්බට ගොස් මගපෙන්වන්නන් බවට පපරිවර්තනය වෙති.

"එළිමහන පාසල් සවාරි පමණක් නොවිය යුතුයි. ආවරණය වූ අවකාශයන්ට වඩා ඉතාම යහපත් විවෘත අවකාශය පාවිච්චි කරනු ලැබීමට අපි යොමු කෙරෙනවා. මෙය අපට පවතින එළිමහන් ඉඩඅවකාශයන් ගැන සිතන්නට ආරාධනයක්," මහාචාර්යවරිය කියා සිටියාය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය,

ඩෙන්මාර්ක්හි බොහෝ පාසල්වල ගුරුවරු පුරුද්දක් වශයෙන් එළිමහනේ ඉගැන්වීමේ නිරතවෙති

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය,

නිව්යෝර්ක්හි ''අද පවතින හැටි '' - Covid-19 තැපැල්පතක්

එපමණක් නොව, අතීතයේ පවත්වා ගෙනගිය එළිමහන් පාසල් අද පාසල්වල ගෘහ නිර්මාණය පිළිබඳව නැවත සිතා බැලීමටත් පෙළඹවීමක් ඇතිකරනු ඇතැයි මහාචාර්ය ඩල්බි අදහස් කරයි.

"මම මගේ පර්යේෂණය ආරම්භ කළාම ළමුන්ගේ පරිසර අධ්‍යයනය ගැන මගේ අවධානය යොමුවුනා. නමුත් දැන් වසංගතයත් සමඟ ප්‍රශ්නයක් මතුවෙලා තියෙනව," මහාචාර්යවරයා පවසයි.

"අපට නාගරික පාසල් ගැන යළි සිතන්න වේවි. උද්‍යාන සහ ප්‍රසිද්ධ ස්ථානයන් ප්‍රයෝජනයට ගැනීම වැඩිකරගන්නේ කොහොමද? කියල හිතන්න වේවි. අපි අතීතයේ තිබුණ එළිමහන් පාසල් ක්‍රමය සහමුළින්ම අනුගමනය කරන්න යනවා නොවෙයි. නමුත් නියත ලෙසම අපට ඒ පාසල් අදට ගැලපෙන්න සකස්කර ගන්න පුළුවනි."

කියවන්න: