ප්‍රංශ ජනාධිපතිවරණයේ චන්ද විමසීම අද

President Sarkozy and his wife cast their vote on Sunday Image copyright AFP

ප්‍රංශ ජනාධිපතිවරණයේ චන්ද විමසීම අද පැවැත්වෙන අතර ජනාධිපති නිකොලස් සර්කෝසිද දෙවෙනි වතාවටත් බලයට පත්වීම සඳහා මෙම මැතිවරණයට තරඟවැදී සිටියි.

උදෑසන සිට විශාල පිරිසක් චන්දය භාවිතාකල අතර, මධ්‍යාහ්නය වනවිට සියයට විසිපහකට ආසන්න චන්ද දායකයන් පිරිසක් සිය චන්දය භාවිතාකොට තිබුණි.

අද පැවැත්වෙන මැතිවරණයට විරුද්ධ පක්ෂයේ අපේක්ෂක ප්‍රන්ශුවා හොලන්දේ ඇතුළු අපේක්ෂකයන් දහයක් තරඟ වැදී සිටින අතර එහිදී එක අපේක්ෂකයෙකු චන්දවලින් සියයට පනහකට වැඩි ප්‍රතිශතයක් ලබාගැනීමට අපොහොසත් වුවහොත්, වැඩිම චන්ද ලබාගන්නා අපේක්ෂයන් දෙදෙනා අතර දෙවැනි වටයේ තරඟයක් පැවැත්වීමට නියමිතයි.

එසේ වුවහොත් සති දෙකක් ඇතුලත දෙවැනි වටයේ චන්ද විමසීම පැවැත්විය යුතුයි.

ප්‍රංශය දරුණු ආර්ථික අර්බුදයකට මුහුණදී සිටින අවස්ත්වකයි මෙම චන්ද විමසීම පැවැත්වෙන්නේ.