බුරුමයට එරෙහි යුරෝපා සම්බාධක අත්හිටුවේ

බුරුම මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේදී Image copyright AP
Image caption ඕන් සාන් සුචී සහ ප්‍රජාතන්ත්‍රීය ලීගයේ සෙසු මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව විවෘතකිරීම වර්ජනය කළහ

බුරුමයේ සිදුකෙරෙමින් පවතින ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සැලකිල්ලට ගනිමින්, දැනට එරටට එරෙහිව බලපැවැත්වෙන ආර්ථික සම්බාධක වසරක කාලයක් සඳහා අත්හිටුවීමට යුරෝපා හවුලේ විදේශ ඇමතිවරු නිලමට්ටමින් එකඟවතත්වය පළකළහ.

එහෙත් බුරුමයට එරෙහි අවි සම්බාධක දිගටම බලපැවැත්වෙන බවයි ප්‍රකාශ කෙරුනේ.

මේ අතර බුරුම පාර්ලිමේන්තුව විවෘත කෙරුනේ, විපක්ෂ නායිකා ඕන් සාන් සුචී සහ ප්‍රජාතන්ත්‍රීය ලීගයේ සෙසු මන්ත්‍රී වරුන්ගේ සහභාගීත්වයෙන් තොරව. ප්‍රජාතන්ත්‍රීය ලීගය කියා සිටින්නේ හමුදා පාලනය විසින් හඳුන්වා දෙන ලද ප්‍රජාතන්ත්‍ර විරෝධී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යටතේ තමන්ට දිව්රුම් දිය නොහැකි බව.

ප්‍රජාතන්ත්‍රීය ලීගයේ ප්‍රකාශක, ඔහු කයින්ග් කියා සිටින්නේ, ව්‍යවස්ථාවේ අන්තර්ගත දිවුරුම් දීමේ ප්‍රකාශයේ වචන වෙනස් කිරීමෙන් පසුව පමණක්, තම පක්ෂය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරුකරමින් දිව්රුම් දිය හැකි බවයි.

පසුගියදා පැවැත්වූ බුරුම අතුරු මැතිවරණවලදී, ඕන් සාන් සුචී ඇතුළුව ඇගේ පක්ෂයෙන් මන්ත්‍රීවරුන් 43 දෙනෙක් පාර්ලිමේන්තුවට තේරීපත්වූහ.