ජනාධිපති සර්කෝසි හොලන්දේට පරදියි

ජනාධිපති නිකොලස් සර්කෝසි (R) සහ සමාජවාදී පක්ෂයේ අපේක්ෂක ප්‍රන්ශුවා හොලන්දේ Image copyright AFP
Image caption සර්කෝසිට ලැබුනේ 27%ක ඡන්ද ප්‍රමාණයක් පමණක් වන අතර හොලන්දේ 28.5%ක ඡන්දයක් ලබාගැනීමට සමත්විය

ප්‍රංශ ජනාධිපතිවරණයේ පළමු වටයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් වීමෙන් අනතුරුව යුරෝපා කොටස් වෙළඳ පොලේ මිළ පහත වැටී තිබේ.

බලයේ සිටින ජනාධිපති නිකොලස් සර්කෝසි සමාජවාදී පක්ෂයේ අපේක්ෂක ප්‍රන්ශුවා හොලන්දේට වඩා අඩු ඡන්ද ප්‍රමාණයකුයි ලබා ගත්තේ.

දෙනලද ඡන්දවලින් සර්කෝසිට ලැබුනේ 27%ක ඡන්ද ප්‍රමාණයක් පමණක් වන අතර සමාජවාදී අපේක්ෂක හොලන්දේ 28.5%ක ඡන්දයක් ලබාගැනීමට සමත්විය.

සමාජවාදී අපේක්ෂක හොලන්දේ ප්‍රතිඥාවක් දෙමින් කියා සිටින්නේ, තමා බලයට පත්වුවහොත් යුරෝපයේ ණය අර්බුදය පාලනය කර ගැනීම සඳහා ,යුරෝපා හවුලේ මුල්‍ය සම්මුතිය යළි සාකච්ඡාවට ගන්නා බවයි.

මේ අතර තවත් සති දෙකකින් පැවැත්වෙන දෙවන වටයේ ඡන්දය සඳහා ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා ප්‍රචාරක කටයුතු ආරම්භකර තිබේ.

මෙම ජනාධිපතිවරනයෙදී අන්ත දක්ෂිනාංශික අපේක්ෂක මරීන් ල පෙන් 18%ක ඡන්ද ප්‍රමානයක් ලබා ඇති අතර සර්කොසිගේ සහ හොලන්දේගේ උත්සාහය එම ඡන්ද ප්‍රමාණයත් ඇතුළුව තරඟයෙන් ඉවත් කෙරෙනු අපේක්ෂකයන් සඳහා දී ඇති ඡන්ද තමන් වෙත දිනා ගැනීමයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර