බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරු ජේම්ස් මර්ඩොක්ගෙන් ප්‍රශ්ණකරති

ජේම්ස් මර්ඩොක් Image copyright AP
Image caption දුරකථනවලට හොරෙන් සවන්දීම ගැන තමන් නොදැනසිටි බව ජේම්ස් මර්ඩොක් පවසයි

මහා පරිමාණ මාධ්‍ය ජාලයක හිමිකරු රූපට් මර්ඩොක්ගේ පුත් ජේම්ස් මර්ඩොක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් ගේ දැඩි ප්‍රශ්න කිරීම් වලට ලක් විය.

ඔවුන්ගේ පුවත්පත් සමාගම් වල සේවය කළ මාධ්‍ය වේදීන් දුරකතන වලට හොරෙන් සවන් දීම ගැන තමන් නොදැන සිටි බව ජේම්ස් මර්ඩොක් පාර්ලිමේන්තු කමිටුව හමුවේ පැවසීය.

මේ පිළිබඳව සමාගමේ කළමනාකරුවන් ඔහු දැනුවත් කිරීමට ගත් උත්සාහයේ දී එම තොරතුරු නො තකා හළ බවට මන්ත්‍රීවරුන් කළ යෝජනාව ජේම්ස් මර්ඩොක් ප්‍රතික්ෂේප කළේය.

මර්ඩොක් පවුල සහ බ්‍රිතාන්‍ය පරිපාලනයේ බලවතුන් අතර පවත්නා සම්බන්ධය පිළිබඳව ද මන්ත්‍රීවරු ඔහුගෙන් ප්‍රශ්න කළහ.