හිටපු ලිබියානු ඇමතිගේ මළ සිරුර ඕස්ට්‍රියාවේ

හිටපු  ඇමති ෂුක්රි ගානෙම් Image copyright BBC World Service

ලිබියාවේ ඛනිජ තෙල් කටයුතු භාර හිටපු ඇමති වරයකුගේ මළ සිරුර ඊයේ ඩනියුබ් ගංගාවෙන් සොයාගත් අතර, ඒ සම්බන්ධයෙන් ඕස්ට්‍රියාවේ පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කළේය.

එම මරණයට පිටස්තර කිසිවකු සම්බන්ධ වී ඇති බවක් පශ්චාත් මරණ පරීක්ෂනයෙදී තවම හෙළිදරව් නොවූ බවයි, පොලීසිය ප්‍රකාශ කරන්නේ.

ඕස්ට්‍රියාවේ පොලීසිය කියන ආකාරයට, හිටපු ඇමති ෂුක්රි ගානෙම්ගේ මරණයට හේතුව දියේ ගිලීම.

මළ සිරුරේ බාහිර තුවාළ නොමැති අතර හිටපු ඇමති වරයා සිය දිවි හානි කරගත් බවක්ද පෙනෙන්නට නැති බවද පොලීසිය පවසයි.

මිය ගිය හිටපු ඇමති ෂුක්රි ගානෙම්, පසු ගිය වසරේ ලිබියානු මහජන නැගිටීමේදී ගඩාෆිගේ ආණ්ඩුව හැරදා විපක්ෂයට එක් වූ ප්‍රමුඛයෙක්.