පාකිස්ථානයට තවත් ඇමෙරිකානු මිසයිල ප්‍රහාරයක්

පාකිස්ථානය Image copyright BBC World Service

නියමුවන් නැති ඇමෙරිකානු යානයකින් එල්ල කරන ලද ප්‍රහාරයකින් අඩු තරමින්, නව දෙනකුවත්මරා දමා ඇතැයි පාකිස්තානය ප්‍රකාශ කරයි.

උතුරු වසිරිස්ථානයේ ගෝත්‍රික කලාපයක කැරලිකරුවන්ගේ කඳවුරක් යයි සැක කෙරෙන ස්ථානයකට යි ඇමෙරිකානු මිසයිල ප්‍රහාරය එල්ල කර තිබෙන්නේ.

ඇෆ්ඝන් දේශ සීමාව අසළ පිහිටි කඳවුර අල් කයිඩා සහ තාලිබාන් ආධාර කරුවන්ගේ රහස්‍ කඳවුරක් බවයි එම වාර්තා වලින් වැඩි දුරටත් පැවසෙන්නේ.

පාකිස්තාන් විදේශ අමාත්‍යංශය විසින් ඉහත කී ප්‍රහාරය විග්‍රහ කරන ලද්දේ තම රටේ පරමාධිපත්‍යය උල්ලංඝනය කිරීමක් හැටියට.

එහෙත් රටේ පාලකයන්ගේ සහයෝගයෙන් තොරව එවැනි පහර දීම් සිදු කළ නොහැකි බව බොහෝ පාකිස්තාන් වැසියන්ගේ මතය යයි ඉස්ලාමාබාද් නගරයේ සිටින බී බී සී වාර්තා කරු ප්‍රකාශ කළේය