මිසයිල රහස් විකිණූ රුසියානුවාට වසර අටක සිර දඬුවම්

සබ්මැරීන් වල සිට දුර ප්‍රහාර එල්ල කළ  හැකි බැලස්ටික් මිසයිලයක් Image copyright RUSNEWS

විදේශීය ඔත්තු අංශ වලට රහස් සැපැයූ බවට චෝදනා ලැබ සිටි රුසියාවේ අවි කම්හලක ඉංජිනේරුවකුට අවුරුදු අටක සිර දඬුවමක් නියම විය.

රාජද්‍රෝහී චෝදනා වලට ලක්ව සිටි ඇලෙක්සැන්දර් ග්නිටෙයෙෆ් නම් ඉංජිනේරුවාටයි මෙම සිරදඬුවම නියම කෙරුනේ.

රුසියානු සබ්මැරීන් වල සිට දුර ප්‍රහාර එල්ල කළ හැකි බැලස්ටික් මිසයිලයක සැලැස්ම, ඔහු ඩොලර් පනස් දාහකට විකුණා ඇතැයි රුසියානු බලධාරීහු පවසති.

ඉංජිනේරු ඇලෙක්සැන්දර් ග්නිටෙයෙෆ් විදේශීය ඔත්තු සේවා සමඟ ක්‍රියා කර ඇතැයි, රුසියානු රහස් ඔත්තු අංශය ප්‍රකාශ කළත්, එම විදේශීය මැදිහත් කරුවන් කවුරුන්ද යන්න හෙළි කර නැත.