මැලේසියානු විපක්ෂ නායකයාගේ ජන්ද අයිතිය අනතුරේ

මැලේසියාවේ විපක්ෂ නායක අන්වර් ඊබ්‍රහිම්

මැලේසියාවේ විපක්ෂ නායක අන්වර් ඊබ්‍රාහිම්ට එරෙහිව අපරාධ චෝදනා යටතේ යළි නඩු පවරා තිබේ.

දස දහස් ගණනක මහජන සහභාගීත්වයෙන් පසුගිය මාසයේ පැවැත්වුන ආණ්ඩු විරෝධී රැළියකදී, මහජනතාව කුපිත කළ බව ඔහුට විරුද්ධව නගා ඇති චෝදනාවයි.

පොලිස් බාධක බිඳිමින් පෙරට යන මෙන් මැතිවරණ ප්‍රතිසංස්කරණ ඉල්ලා උද්ඝෝෂණය කරමින් සිටි ජනතාව පෙළඹ වූ බවටයි අන්වර් ඊබ්‍රහිම් චෝදනා කෙරෙන්නේ.

මෙය දේශපාලන ඕනෑ එපාකම් මත ගොතන ලද නඩුවක් බව කියා සිටින අන්වර් ඊබ්‍රාහිම්ගේ නීතිවේදීන්, මෙම චෝදනා වලට වරදකරු වුවහොත්, ඔහුට ළඟදී පැවැත්වෙන මහ මැතිවරණයට තරඟ කිරීමට අවස්ථාවක් නොලැබෙන බවද සඳහන් කළේය.