යුරෝපා ආර්ථිකය සීඝ්‍ර සංකෝචනයක- සමීක්ෂණයක්

යුරෝපා ආර්ථිකය Image copyright PA

යුරෝපයේ ව්‍යාපාර කටයුතු පහල වැටී ඇති බව ව්‍යාපාර කළමනාකරුවන්ගේ සහභාගීත්වයෙන් සිදු කළ විමසුමකදී හෙළි වී ඇත.

යුරෝපා ආර්ථිකය සීඝ්‍රයෙන් සංකෝචනය වෙමින් ඇති බව වෙලඳ සමීක්ෂණ ආයතනයයක් සිදු කළ අධ්‍යයනයෙන් අනාවරනය වී ඇත.

සෑම මසකම මෙම සමීක්ෂණය වෙළද තොරතරු සගරාවක් මගින් සිදු කරණ අතර මැයි මාසයේදී වාර්තා වුනේ ගත වූ අවුරුදු තුන ඇතුලත වාර්තා වූ පහලම අගයයි.

ජර්මනියේ නිෂ්පාදන ක්ෂේත්‍රයේ පසු බැසීමක් පෙන්නුම් කරණ බව ද මෙහිදී හෙළි විය.

යුරෝපය මුහුණ පා සිටින මුල්‍ය අර්බුදයෙන් මිදීම සඳහා දිගින් දිගට ණය ලබා ගැනීම විසදුමක් නොවේ යැයි ජර්මනියේ විදේශ ඇමතිවරයා කියා සිටියේය.

ඔහු එම අදහස පළකලේ යුරෝපා සංගමයේ නායකයන් එම කලාපයේ ආර්ථිකය වර්ධනය කළ හැකි අන්දම පිලිබඳ බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවර පැවත් වූ සමුලුවෙදියි.