දකුණු කොරියානු සොල්දාදුවන් ගේ සිරුරු කොටස් සිය රටට

හමුදා ගෞරවාචාරය Image copyright AFP
Image caption හමුදා ගෞරවාචාරය

මෙයින් අවුරුදු හැටකට පෙර කොරියන් යුද්ධයේදී උතුරු කොරියාවේදී මරා දැමුණ දකුණු කොරියානු සොල්දාදුවන් දොළොස් දෙනකුගේ සිරුරු වල කොටස් සිය රට ගෙනවිත් ඇත.

උතුරු කොරියානු භූමියෙන් සොයා ගනු ලැබුන, දකුණු කොරියානු සොල්දාදුවන්ගේ සිරුරු වල කොටස් ආපසු භාර දුන් පළමු වතාව මෙයයි.

සිරුරු කොටස් යුද හමුදා ගුවන් තොටුපලකදී පිලි ගන්නා ලද්දේ දකුණු කොරියානු ජනාධිපති වරයා විසින්.එම අවස්ථාවේ ඉහළ යුද නිලධාරීන්ගේ හමුදා ගෞරවාචාරය පළ කිරීමක් ද සිදු විය.

නිල වාර්තා වල දැක්වෙන ආකාරයට, දකුණු කොරියානු සොල්දාදුවන්ගේ සිරුරු තිස් දාහටත් හතළිස්‌ දාහටත් අතර සංඛ්‍යාවක් උතුරු කොරියානු භුමියේ මිහිදන් කරනු ලැබ ඇත.