සිරියාව රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක

සිරියාව  අර්බුදයක Image copyright x
Image caption සිරියාව අර්බුදයක

තුර්කිය එරට සිටින සියළුම සිරියානු තානාපති නිලධාරීන්ට රටින් පිටවීම සඳහා දවස් තුනක් කල් දී ඇත.

මේ අතර ජපානයත්, තෝකියෝ නගරයේ සිටි සිරියානු තානාපතිවරයා රටින් නෙරපා හැරීමට පියවර ගෙන තිබේ.

පසු ගිය සිකුරාදා, හුලා නගරයේ සිදු කෙරුන ජන ඝාතනයෙන් පසුවයි, මෙම රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ අර්බුදයට මුහුණ දීමට සිරියාවට සිදු වුනේ.

ළමුන් සහ කාන්තාවන් ඇතුළු සියයක් පමණ හුලා වැසියන් ඝාතනය කරනු ලැබීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වන්නේ ජනාධිපති අසාද් ගේ හමුදාවන්ට.

බරහිර රටවල තානාපති නිලධාරීන් කීප දෙනෙක් තවමත් සිරියාවේ රැඳී සිටින අතර,ඔවුන් අතරින් නෙදර්ලන්තයේ නිලධාරියකු නෙරපා හැරීමට සිරියාව පියවර ගත් බවයි ,අලුත් ම වාර්තා වලින් ප්‍රකාශ වන්නේ.

බටහිර රටවල් කවර කලක වත් නොවූ විරු මට්ටමේ ඔල්මාදයකින් පෙළෙන්නේ යයි සිරියාව කියා සිටී.

මේ වන විට ඇමෙරිකාව, බ්‍රිතන්‍ය,ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් ගණනාවක්ම සිරියානු තානාපතිවරු නෙරපා හැරීමට පියවර ගෙන තිබේ