රන්විර් සේනා සංවිධානයේ නායකයා ඝාතනය කෙරේ

Brahmeswar Singh Image copyright PTI
Image caption කුලහීන යයි කොන් කරනු දලිත් ජාතිකයන් ගණනාවක් ම මරා දැමීම සම්බන්ධයෙන් චෝදනා කෙරුනේ රන්විර් සේනා සංවිධානයට

ඉන්දියාවේ තහනම් කර තිබුන සන්නද්ධ කණ්ඩායමක නායකයා වී සිටි කුලීන ඉඩම් හිමියකුට බිහාර් ප්‍රාන්තයේදී වෙඩි තබා මරා දමා තිබේ.

බ්‍රහ්මෙශ්වර සින්ග් නම් එම පුද්ගලයා නායකත්වය දුන්නේ,'රන්විර් සේනා' නම් සන්නද්ධ සංවිධානයට.

ඉන්දීය සමාජයේ, කුලහීන යයි සමාජයෙන් කොන් කරනු දලිත් ජාතිකයන් ගණනාවක් ම 1990 දශකයේදී මරා දැමීම සම්බන්ධයෙන් චෝදනා කෙරුනේ රන්විර් සේනා සංවිධානයට.

බ්‍රහ්මෙශ්වර සින්ග් දෙසීයකට අධික මිනිස් ඝාතන සඳහා වගකිව යුතු බවයි, ඉන්දීය පොලීසිය පවසන්නේ.

එම චෝදනා බැහැර ලමින් ඔහු දිගටම කියාසිටියේ, තමා ගොවි ජන අයිතිය වෙනුවෙන් අරගල කළ බවයි.

බ්‍රහ්මෙශ්වර සින්ග් මරා දමනු ලැබීමෙන් පසුව කෝපයට පත් ඔහුගේ අනුගාමිකයන්, වයඹ දිග බිහාරයේ කාර්යාල කීපයකට සහ බස් රථ වලට ගිනි තබා තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර