ආණ්ඩු විරෝධී උද්ඝෝෂකයන් තායිලන්ත අගනුවර විරෝධතා ව්‍යාපාරයක

Thailand parliament Image copyright BBC World Service
Image caption උද්ඝෝෂකයෝ පාර්ලිමේන්තුව වට කරමින් විරෝධතා ව්‍යාපාරයේ නිරත වෙමින් සිටිති

දහසකට අධික ආණ්ඩු විරෝධී උද්ඝෝෂකයෝ තායිලන්තයේ බැංකොක් අගනුවර පාර්ලිමේන්තුව වට කරමින් විරෝධතා ව්‍යාපාරයක නිරත වෙමින් සිටිති.

වසර හයක් දිග් ගැසෙමින් පවතින දේශපාලන අර්බුදය විසඳා ගැනීමේ අරමුණින් ගෙනෙන සංහිඳියා පණත් කෙටුම්පත විවාදයට ගනු ලැබීම කල් තබන මෙන් බල කරමිනුයි, මෙම විරෝධතා ව්‍යාපාරය දියත් වන්නේ.

මේ අතර ප්‍රකාශයක් කරන තායිලන්ත පාර්ලිමේන්තුවේ කතානායක වරයා, තත්වය යහපත් අතට හැරෙන තෙක් පණත් කෙටුම්පත විවාදයට නොගන්නා බව ප්‍රකාශයට පත් කළේය.

ඉහත කී විරෝධතා ව්‍යාපාරය මෙහයවන්නේ කහ කමීස කණ්ඩායම විසින්.

නව පණත් කෙටුම්පත මගින් හඳුන්වා දෙනු ලබන යෝජිත සමාව පිරිනැමීම යටතේ බලයෙන් නෙරපා හැරුන හිටපු අගමැති තක්ෂින් සිනවත්ට යලි රටට ඇතුල් වීමට මග හෙළි කරනු ඇත යන්න කහ කමීස කණ්ඩායමේ සැකයයි.

තක්ෂින් සිනවත් ගේ ආධාර කරුවන් සහ ප්‍රතිවාදීන් අතර නිතර ඇති වන ගැටුම් තායිලන්තයේ දේශපාලන ව්‍යාකුලත්වයට හේතු වී තිබේ.