පාකිස්තානයේ අගමැති 'තනතුරට සුදුසු නෑ'

Pakistan Prime Minister Image copyright BBC World Service
Image caption පදවියෙන් ඉල්ලා අස් නොවන බව පාකිස්තාන අගමැතිවරයා මීට කලින් කියා සිටියේය

පාකිස්තාන අගමැති යූසුෆ් රාසා ගිලානි එම තනතුර දැරීමට සුදුසු නැති බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කොට තිබේ.

මීට මාස දෙකකට පෙර උසාවියට අපහාස කිරීමේ චෝදනා වලට අගමැති යූසුෆ් රාසා ගිලානි වරදකරු කරනු ලැබුවේ ජනාධිපතිවරයාට එරහිව නැගී ඇති දූෂණ චෝදනා නැවත විමර්ශනය ප්‍රතික්ෂේප කල හෙයින්.

මීළඟට ගතයුතු පියවර පිළිබඳව අගමැති ගිලානි ගේ පක්ෂය සාකච්ඡා කරමින් සිටී.

පාකිස්තාන පාලක සභාගයේ වැඩිම බලයක් හිමිව තිබෙන අගමැතිවරයා ගේ පක්ෂය වන පාකිස්තාන ජනතා පක්ෂයට අගමැති පදවිය සඳහා වෙනත් නමක් යෝජනා කිරීමට තරම් බහුතර පාර්ලිමේන්තු බලයක් හිමිවී තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර