රාජා පර්වේෂ් අෂ්රෆ් පකිස්තානයේ නව අගමැති

Image copyright Reuters

රාජා පර්වේෂ් අෂ්රෆ් (Raja Pervez Ashraf ) පකිස්තානයේ අගමැති පදවියට පත් කරනු ලැබීම සම්බන්ධයෙන් ඉන්දියාව සිය ප්‍රසාදය පළකරයි.

දකුණු ආසියාවේ බලවත් අසල්වැසියන් දෙදෙනා, තමන් අතර සම්බන්ධතා ශක්තිමත් කර ගැනීමේ අඛණ්ඩ උත්සාහයක නිරතවයි සිටින්නේ.

හිටපු අගමැති වරයාට අධිකරණ නියෝගයක් නිසා පදවිය අහිමි විය.

ඉන් අනතුරුව රාජා පර්වේෂ් අෂ්රෆ් නව අගමැතිවරයා හැටියට පකිස්තාන් පාර්ලිමේන්තුව විසින් ඊයේ සිකුරාදා පත් කර ගනු ලැබීය.

ඉන්දීය උප මහාද්වීපය, 1947 දී දෙකඩ වීමෙන් අනතුරුව ඉන්දියාව සහ පකිස්තානය අතර ප්‍රධාන යුද්ධ තුනක් සිදු වු අතර දෙරට අතර දේශසීමා ප්‍රශ්න මුල් කර ගත් අර්බුදය තවමත් නිරාකරණය වී නැත.

පකිස්තාන් සන්නද්ධ කොටස් ඉන්දියාවට එරෙහිව ක්‍රියාත්මක වන බවටද චෝදනා එල්ල වී තිබේ