ඕස්ට්‍රේලියානු දේශපාලන රැකවරණ පනතේ වෙනසක් නැහැ

ඕස්ට්‍රේලියාවේ දේශපාලන රැකවරණ පතන්නන් Image copyright Sydney Morning Herald
Image caption ඕස්ට්‍රේලියාවේ දේශපාලන රැකවරණ පතන්නන්

ඕස්ට්‍රේලියාවේ අයදුම්පත් විමසා බැලීම රටින් පිට පිහිටි රැඳවුම් කඳවුරු වලදී සිදුකිරීමට කළ යෝජනාවක් ඕස්ට්‍රේලියානු උත්තර මන්ත්‍රී මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කොට ඇත.

මෙම යෝජනාව සම්බන්ධයෙන් ජන්දය විමසනු ලැබුවේ ඉතා හැගුම්බර විවාදයකින් අනතුරුවයි

පසුගියදා ඕස්ට්‍රේලියාවට අයත් ක්‍රිස්මස් දුපත අසල මුහුදේදී දේශපාලන රැකවරණ පැතූ පුද්ගලයන් සියගණනක් සහිත යාත්‍රාවක් මුහුදු බත් වූ අතර එම සිදුවීම උත්තර මන්ත්‍රී මණ්ඩල විවදයෙදීද සිහිපත් කෙරුණා.

මෙම යෝජනාව පහල මන්ත්‍රී මණ්ඩලයේ සම්මත වුනේද ඉතා සුළු වැඩි ජන්ද සංඛ්‍යාවකින්. යෝජිත නිතිය සම්බන්ධයෙන් අදහස් පළකළ විචාරකයෝ කියා සිටියේ එමගින් දේශපාලන රැකවරණ පතන්නන්ගේ අයිතීන් ආරක්ෂා නොකෙරන බවයි. යෝජනාව පරාජයට පත්වීමෙන් පසු නිවේදනයක් නිකුත් කළ ඕස්ට්‍රේලියානු අගමැතිනි ජුලියා ගිලාර්ඩ් දේශපාලන රැකවරණ ලබාදීමේ ප්‍රතිපත්තිය යළි සමාලෝචනයකට ලක් කරණ බව කියා සිටියාය.

.