ජනාධිපති ඔබාමාට ඉන්දියාවේ විරෝධය

President Barack Obama Image copyright AFP
Image caption ආයෝජන ක්ෂේත්‍රයේ පිරිහීමක් සිදු වෙමින් ඇතැයි සඳහන් කළ ජනාධිපති ඔබාමා, ඒ ගැන කනස්සල්ල පළ කොට තිබිණ

විදේශීය ආයෝජන සම්බන්ධයෙන් දිල්ලි පාලනය බොහෝ අංශ වලදී තහංචි දමන බවක් ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා විසින් ප්‍රකාශ කරනු ලැබීම ඉන්දියාවේ දෝෂ දර්ශනයට ලක්විය.

ජනාධිපති ඔබාමා ඉහත කී අදහස ප්‍රකාශ කර තිබුනේ, Press Trust of India ඉන්දියානු පුවත් සේවය සමග පැවැත්වූ සාකච්ඡාවකදී.

ආයෝජන ක්ෂේත්‍රයේ පිරිහීමක් සිදු වෙමින් ඇතැයි, එම සාකච්ඡාවේදී සඳහන් කළ ජනාධිපති ඔබාමා, ඒ ගැන කනස්සල්ල පළ කොට තිබිණ.

ඉන්දියාවේ ව්‍යාපාර කටයුතු භාර ඇමති වීරප්පා මොයිලි පවසන්නේ, ජනාධිපති ඔබාමා මේ කාරණය සම්බන්ධයෙන් දැනුවත් නැති බවයි.

තවදුරටත් අදහස් දැක් වූ ඇමතිවරයා, වැරදි තොරතුරු පතුරුවා හරින බවට ජාත්‍යන්තර පෙළඹවීම් කණ්ඩායම්වලට දෝෂාරෝපනය කිරීමක් ද කළා.

ඉන්දියාව මේවනවිට සිය ආර්ථිකය ජව ගැන්වීමේ ප්‍රයත්නයක නිරතව සිටින අතර, 2012 පළමු මාස හතර ඇතුළත එරට ආර්ථික වර්ධන වේගය 5.3%ක් බවයි අලුතින්ම නිකුත් කරනු ලැබ ඇති සංඛ්‍යා ලේඛනවල දැක්වෙන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර