මුස්ලිම් ජනතාව මර්දනය කරන බවට මියන්මාරයට චෝදනා.

උන් හිටි තැන් අහිමි රඛින් පළාතේ මුස්ලිම් ජනතාව  Image copyright AP
Image caption උන් හිටි තැන් අහිමි රඛින් පළාතේ මුස්ලිම් ජනතාව

මියන්මාරයේ මුස්ලිම් ජනතාව පහරදීම් සහ හිතුවක්කාරී අත් අඩංගුවට ගැනීම්වලට ගොදුරුව ඇතැයි හියුමන් රයිට්ස් වොච් (HRW)මානව හිමිකම් සංවිධානය කියා සිටියි.

පසුගිය ජුනි මාසයේ බෞද්ධ - මුස්ලිම් ගැටුම් පැතිරගිය බටහිර මියන්මාරයේ හදිසි නීතිය බල පැවැත්වුන සති හය ඇතුළත මුස්ලිම් ජනතාව පීඩාවට පත්ව ඇති බවයි මානව හිකම් සංවිධානය පෙන්වා දෙන්නේ.

මුස්ලිම් රොහින්ගියා ජනයා වෙසෙන රඛින් පළාතේ සියගණනක් මුස්ලිමුන් සිර කර තබා ඇතැයිද හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ ප්‍රකාශක බෙන්ජමින් ශාවකි කියා සිටියේය.

මුස්ලිම් ජනතාව හිතුවක්කාරී ලෙස මරා දැමීම සහ ඔවුන්ගේ දේපල විනාශ කර දැමීම සම්බන්ධයෙන් ඇම්නෙස්ටි ජාත්‍යන්තරය මියන්මාර් ආරක්ෂක හමුදාවන්ට මෙන්ම රකින් පළාතේ බෞද්ධයන්ටත් චෝදනා කළේය.

එහෙත් එම චෝදනාවලට පදනමක් නැති බවයි මියන්මාර් ආණ්ඩුවේ ප්‍රකාශකයෙක් කියා සිටියේ.