බ්‍රිතාන්‍යයේ ආර්ථික අවපාතයක්

UK People Image copyright AP

බ්‍රිතාන්‍යයේ ආර්ථික අවපාතය තව දුරටත් සිදුවෙමින් පවතින බවයි, අළුත්ම සංඛ්‍යා තොරතුරු මගින් පෙන්නුම් කෙරෙන්නේ.

එම තොරතුරුවලට අනුව ,පසුගිය අප්‍රියෙල් සහ ජූනි අතර කාල සීමාව ඇතුළත බ්‍රිතාන්‍යයේ දළ දේශීය නිෂ්පාදිතය 0.7%කින් පහත වැටී තිබේ.

මෙය , බ්‍රිතාන්‍ය ආර්ථිකය පිළිවෙලින් ,දිගටම පසු බෑමට ලක්වෙමින් පවතින තුන්වැනි කාර්තුවයි. අවුරුදු පණහක ඉතිහාසයේ, බ්‍රිතාන්‍ය ආර්ථිකය දෙවරක් දීර්ඝ අවපාතයකට ලක් වුන කාල පරිච්ඡේදය ද මෙයයි.

බ්‍රිතාන්‍ය මුදල් ඇමති ජෝර්ජ් ඔස්බෝර්න් (George Osborne ) ප්‍රකාශයක් කරමින්,තම රටේ තදින් මුල්බැසගත් ආර්ථික ප්‍රශ්න ඇති අතර,ඒවා විසඳීමට කලක් ගතවන බවයි කියා සිටියේ.

මේ අතර, නිවේදනයක් කරන විපක්ෂයේ ලේබර් පක්ෂය, කොන්සර්වේටිව් - ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී බ්‍රිතාන්‍ය පාලක සභාගයේ ආර්ථික සැලසුම් අසාර්ථකවී ඇති අතර, ආණ්ඩුව රටේ ආර්ථිකයට දිගුකාලීන බලපෑම් සහිත හානි සිදුකරන බවයි පෙන්වා දුන්නේ.