ඇමෙරිකාවේ උප ජනාධිපති ධුරයට රිපබ්ලිකන් පක්ෂයෙන් පෝල් රයන්

පෝල් රයන් ජනාධිපතිධූර අපේක්ෂක මිට් රොම්නි සමඟ
Image caption පෝල් රයන් ජනාධිපතිධූර අපේක්ෂක මිට් රොම්නි සමඟ

ලබන නොවැම්බර් මාසයේ පැවැත්වෙන ඇමෙරිකානු ජනාධිපතිවරනයේදී රිපබ්ලිකන් පක්ෂයෙන් තරඟ වදින මිට් රොම්නි, තම උප ජනාධිපතිධූර අපේක්ෂකයා ලෙස , විස්කොන්සින් ප්‍රාන්තයෙන් පත්ව සිටින කොන්ග්‍රස් සභිකයකු වන පෝල් රයන් තෝරා ගෙන ඇත.

පෝල් රයන් රිපබ්ලිකන් පක්ෂයට බහුතර බලයක් සහිත ඇමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අය වැය කමිටුවේ සභාපතිවරයායි.

ජනාධිපති බරක් ඔබාමා විසින් නීතිගත කරන ලද සෞඛ්‍ය සංරක්ෂණ ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙල කටුගා දමන බවට ප්‍රතිඥාවක් දී සිටින පෝල් රයන්, මහජන වියදම් කප්පාදු කර දැමීමේ ව්‍යාපාරයේ ද පුරෝගාමියෙක්.

පෝල් රයන්, රිපබ්ලිකන් පක්ෂයේ උප ජනාධිපතිධූර අපේක්ෂකයා හැටියට තෝරා ගනු ලැබීම මගින්, ඇමෙරිකානු ආර්ථිකය පෙරට ගෙනයාම සඳහා සුදුසු වඩාත් හොඳම මාවත කුමක්ද යන්න සම්බන්ධයෙන් පවතින මත ගැටුම තවත් උග්‍ර වන බවයි, බීබීසී වාර්තාකරුවෙක් ප්‍රකාශ කළේ.